• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාලේ 83යි – විල්පත්තුවේ 64යි – කුමන 39යි – හෝටන්තැන්නේ 7යි – උඩවලවේ 2යි – යාල කලාප පහේ 10යි – වස්ගමුවේ 1යි ! කොටි 206ක් එක්ක කැමරාවක්!

February 22, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
යාලේ 83යි – විල්පත්තුවේ 64යි – කුමන 39යි – හෝටන්තැන්නේ 7යි – උඩවලවේ 2යි – යාල කලාප පහේ 10යි – වස්ගමුවේ 1යි ! කොටි 206ක් එක්ක කැමරාවක්!
Share on WhatsAppShare on Facebook

මහ වනාත්තරයක වරු ගානක් නිසොල්මනේ ඉඳගෙන කොටින් බලනවා කියන්නේ ලේසි පහසු සෙල්ලමක් නෙවෙයි. දශක දෙකකටත් වැඩි කාලයක් ඝන වනාන්තරයේ කොටි ඡායාරූපකරණයේ නිරත වෙමින් කොටින්ගේ සංචරණය හා චර්යා රටාවන් පිළිබඳ පර්යේෂණයක් සිදුකරන කණ්ඩායමක සාමාජිකයෙක් මෙන්ම, මෙරට කොටි ඡායාරූපකරණයේ නිරත ඡායාරූප ශිල්පීන් අතරින් අංක 01 ස්ථානය හිමිකරගෙන සිටින රවීන්ද්‍ර සිරිවර්ධන මහතා සමගයි අපි අද කැලෑ කොලමේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඔබ ඡායාරූපකරණයට මුලින්ම යොමු වුණේ කොහොමද?
මම වනජීවී ඡායාරූපකරණයට යොමුවුණේ අහම්බෙන් වගේ. 2003-2004 කාලයේ මා සමග මගේ කාර්යාලයේ සේවය කරපු මිතුරන් අටදෙනෙක් උඩවලව තිඹිරියමංකඩ බංගලාවට චාරිකාවක් යන්න සූදානම් කළා. ඒ වෙද්දී මට වනජීවී ඡායාරූපකරණය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. අපි අලි බලලා චාරිකාව නිමා කරලා ආපහු එනකොට උඩවලව පිවිසුම හරියෙදී අපේ ජීප් එක ඉස්සරහින් කොටි දෙන්නෙක් පාර මාරුවුණා. ඒක ඉතාම සිත් ඇදගන්නාසුලු දර්ශනයක්. ඉතින් ඒ දර්ශනය තමයි මේ ඡායාරූපකරණයට මාව යොමුකරන්න තදින්ම බලපෑ සිදුවීම වුණේ.

රවීන්ද්‍ර සිරිවර්ධන

ඉන් පස්සේ වනජීවී ඡායාරූපකරණය සහ වනාන්තරවල සංචාරය කිරීම මගේ ජීවිතයේ කොටසක් බවට පත්වුණා. මම මුලින්ම ඡායාරූපකරණය සඳහා යොදාගත්තේ Point-and-shoot කැමරාවක්. ඒකෙන් ගත්ත ඡායාරූප අතර යාලේ හිටපු ‘හාමු’ කියන කොටියාගේ ඡායාරූපයක් තියෙනවා. ඊට පස්සේ මම 2006 වසරේදී විතර තාක්ෂණයෙන් උසස් Canon කැමරාවක් මිලදී ගත්තා මගේ ඡායාරූපකරණ කටයුතු සඳහා.

ඔබ ලංකාවේ තියෙන සෑම වනෝද්‍යානයකදීම කොටින්ව ඡායාරූපයට නගලා තියෙනවද?
උඩවලවේ ජාතික වනෝද්‍යානයේ, යාල ජාතික වනෝද්‍යානයේ කලාප 5 කොටසේ, කුමන ජාතික වනෝද්‍යානයේ, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ, හෝට්න් තැන්න ජාතික වනෝද්‍යානයේ සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ මම කොටින්ව ඡායාරූපගත කරලා තියෙනවා මේ වෙද්දී.

ඔබ ඡායාරූපකරණයට යොමුවෙලා දැන් දශක දෙකහමාරක් විතර වෙනවා. මේ වෙද්දී කොටින් කොච්චර විතර ප්‍රමාණයක් ඔබ විසින් ඡායාරූපයට නගලා තියෙනවද?
කොටි 206 දෙනෙක් මම ඡායාරූපගත කරලා තියෙනවා. යාල ජාතික වනෝද්‍යානයේදී කොටි 83 දෙනකුත්, විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී කොටි 64 දෙනකුත්, කුමන ජාතික වනෝද්‍යානයේදී කොටි 39 දෙනකුත්, හෝට්න්තැන්න ජාතික වනෝද්‍යානයේදී කොටි 07 දෙනකුත්, උඩවලව ජාතික වනෝද්‍යානයේදී කොටි දෙදෙනකුත්, යාල කලාප අංක 5දී කොටි 10 දෙනකුත් සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයේදී එක කොටියකුත් වශයෙන් එය බෙදා දක්වන්න පුළුවන්.

ලංකාවේ කොටින් සංරක්ෂණය කිරීම සඳහා ඔබ තවත් කණ්ඩායමක් සමග එක්ව කටයුතු කරන බව අපි දන්නවා. ඒ ගැන තවත් විස්තර අපේ පාඨකයන්ට කියන්න?
2013දී අපි මිලින්ත වත්තේගෙදරගේ ප්‍රධානත්වයෙන් Yala Leopard Diary නමින් කණ්ඩායමක් අපි ආරම්භ කළා. එහිදී අපේ අරමුණ වුණේ කොටින්ව නාමකරණය කිරීම, උන්ගේ අන්වර්ථ නාම හඳුන්වා දීම සහ කොටින් හඳුනාගැනීම කිරීමයි. ඒ අනුව අපි 2020දී යාල වනෝද්‍යානයේ සිටින කොටි සම්බන්ධව පර්යේෂණයක් කළා. එහිදී කොටියකු හඳුනාගැනීමට කොටියකුගේ ශරීරය කොටස් 15කට බෙදලා, එයින් 9ක් සැසඳිය යුතුයි කියලා ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. මේ වෙද්දී අපි එය ජාත්‍යන්තරයට පවා නිකුත් කරලා ඒවායෙන් අනුමත වෙලා තියෙනවා. ඕනෙම කෙනකුට ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම, යාල වනෝද්‍යානයේ රුක්විල කියන ප්‍රදේශයේ කොටි අම්මා කෙනෙක් හිටියා කුඩා පැටියෙකුත් එක්ක. ඒ කොටි අම්මා වෙනත් කොටි අම්මා කෙනකුගේ පැටියෙක් අරන් ඇවිත් පෝෂණය කරන්න පටන්ගත්තා. ඒක විශේෂ සිදුවීමක්. ඉතින් අපි ඒ සම්බන්ධයෙනුත් පර්යේෂණයක් කරලා වාර්තාවක් එළිදැක්වුවා. මේ වගේ වනජීවී තොරතුරු කියවන්න ආසා අයට අපේ ඒ වාර්තාව පරිශීලනය කරන්න අපි අවස්ථාව සලසා දීලා තියෙනවා මේ වෙනකොට.

ඊට අමතරව කඳුකර කොටි සංරක්ෂණය කිරීම සඳහා ඒ කඳුකර ප්‍රදේශවල තියෙන වතු සමාගම් සියල්ලකටම වගේ අපේ Yala Leopard Diary කණ්ඩායම ගිහින් ඔවුන්ව දැනුවත් කළා. ඒ සඳහා ආචාර්ය සුමිත් පිලපිටිය මහතාත්, වනජීවී නිලධාරීන් කීපදෙනෙකුත් සම්පත් දායකයන් විදියට අපට සහාය වුණා. එහිදී වතු අධිකාරිවරුන්ගේ පටන් පහළම මට්ටමේ සේවකයා දක්වා අපි දැනුවත් කළා කොටින්ව ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. සති දෙකක් පුරා සිදුකළ ඒ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වුණේ තනිකරම අපේ කණ්ඩායමේ වියදමෙන්. ඒ දැනුවත් කිරීමේදී අපට බාධාවක් වුණේ වතු කම්කරුවන් බොහෝ දෙනෙක් ද්‍රවිඩ ජාතිකයන් වීම. ඒ නිසා සන්නිවේදනමය ගැටලුවක් මතුවුණා. ඒ අවස්ථාවේ බාලමුරලි සහ හමීඩ් කියන අපේ සහෝදර වනජීවී ඡායාරූප ශිල්පීන් දෙන්නා ඒ ගැටලුව විසඳන්න ලොකු දායකත්වයක් ලබාදුන්නා. මේ විදියට කොටි සංරක්ෂණය කිරීම සඳහා අපි අපට පුළුවන් උපරිමයෙන් දායකත්වයක් දක්වලා තියෙනවා සහ ඉදිරියේදී තවත් මෙවැනි ව්‍යාපෘති දියත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් ලබාගෙන තියෙන සම්මාන මොනවද?
ජාත්‍යන්තර ඡායාරූප තරගවලදී මට විශේෂ ඇගයීම් සහ පදක්කම් 100ක් පමණ හිමිවෙලා තියෙනවා. ඒ වගේම 2017 – 2018 වසරේ ශ්‍රී ලංකාවේ “Sri Lanka Tourism Photographer of the Year” කියන සම්මාන මම දිනාගත්තා. ඊට අමතරව තවත් ජාත්‍යන්තර ඡායාරූප තරග රාශියකදී මට 100කට අධික සම්මාන සහ අගැයීම් ප්‍රමාණයක් හිමිවෙලා තියෙනවා.

අපේ රටේ ආධුනික වනජීවී ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ඔබට ලබාදෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද?
අපි ජාතික වනෝද්‍යානයකට ඇතුළු වෙනවා කියන්නේ හරියට අනුන්ගේ ගෙදරකට යනවා වගේ වැඩක්. අනුන්ගේ ගෙදරකට ගියාම අපිට අපේ ගෙදර වගේ නිදහසේ ඉන්න බැහැ. වනෝද්‍යානයක් කියන්නෙත් පිටස්තර තැනක්. ඒක අපිට අයිති නැහැ. සත්තුන්ටයි ඒ තැන අයිති. ඉතින් ඒ ගැන අපි හොඳින් මතක තියාගෙන, අපේ පාද සටහන් විතරක් එහි ඉතිරි කරලා ඡායාරූප සහ මතක සටහන් අරගෙන ආපහු ඒ තැනින් එන්න දැනගන්න ඕනේ. මෑත කාලයේ වනජීවී ඡායාරූපකරණයට යොමුවෙච්ච ගොඩක් අය කැලේකට යන්නේ කොටි බලන්න. නමුත් කොටි හැම ජාතික වනෝද්‍යානයකම පාහේ හිටියාට උන්ව හැම වෙලාවකම දකින්න ලැබෙන්නේ නෑ. උන් එළියට එන්නේ ආහාර හෝ ජලය සොයාගෙන යන අතරමගදී, එහෙම නැත්නම් ලිංගිකමය කාරණාවකට බැහැරට යන අතරතුරදී. ඒ නිසා කොටියෙක් දකින්න ලැබීම හරිම විරල සිදුවීමක්. ඉතින් එවැනි අවස්ථාවක කොටියෙක් දකින්න ලැබුණාම උගේ චර්යාවට, සංචරණයට බාධා නොවන විදියට බොහෝ ඉවසීමෙන් ඡායාරූපකරණයේ නිරත වෙන්න හුරු වෙන්න ඕනේ. ඒ නිසා වනජීවී ඡායාරූප ශිල්පියෙක් සතු විය යුතු ප්‍රධානතම ගුණාංග විදියට ඉවසීම සහ සංයමය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙම නොවුණොත් ඒක මේ කොටි සම්පතට කරන විශාල අසාධාරණයක් වෙනවා.

ඔබ මේ දක්වා ලබාගත් කොටින්ගේ ඡායාරූප අතරින් වඩාත්ම සිත්ගත් කොටියා කවුද කියලා කියන්න පුළුවන්ද?
ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද කොටියෙක් දකින්න ලැබීමත් විශාල භාග්‍යයක්. ඇතැම් වෙලාවට කොටියගේ මූණ දකින්න ලැබෙන්නේ නෑ. වල්ගය හෝ පාද විතරයි දකින්න ලැබෙන්නේ. නමුත් කොටියකුගේ පුල්ලියක් හරි දකින්න ලැබීම හරිම දුර්ලභ දෙයක්. ඒ නිසා කොටියෙක්ව සම්පූර්ණයෙන්ම දැකලා ඡායාරූප ගන්න ලැබෙනවා කියන්නේ වටිනා අවස්ථාවක්.

යාල වනෝද්‍යානයේදී මට අවස්ථා ගණනාවකදී මුණගැහිලා තියෙනවා ‘හරක් හොරා’ කියන කොටියාව. විල්පත්තුවේ හිටියා ‘නැට්ටා’ කියලා කොටියෙක්. උගේ ඡායාරූප 7000ක් විතර මම අරගෙන තියෙනවා. විශේෂයෙන් එක කොටියෙක්ව හඳුන්වනවාට වඩා සෑම කොටියෙක්ම මට සුවිශේෂයි කියන එක තමයි කියන්න තියෙන්නේ.

අපේ රටේ කොටින් ඇතුළු සියලු වනජීවීන් ආරක්ෂා කරගන්න, රටක් විදියට අපි ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවා කියලද ඔබ හිතන්නේ?
අපේ රටේ වනජීවී සම්පත තිබුණට ඒ ආශ්‍රිත යටිතල පහසුකම්, දැනුවත් කිරීම් ආදිය පහළ මට්ටමක තියෙන බවයි මගේ අදහස. වනජීවීන් නරඹන්න එන සංචාරකයන්ව වන සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරන්න, වනජීවී කලාප ආශ්‍රිත සංචාරක හෝටල් හිමියන් දැනුවත් කරන්න විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. පවතින නීතිරීති හොඳින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. ඒ වගේම බොහෝ අණ පනත් අවුරුදු 40ක් 50ක් පරණයි. ඒවා අදට ගැළපෙන විදියට යාවත්කාලීන විය යුතුයි. මේක අවුරුද්දකින් දෙකකින් කරන්න බැරිවෙන්න පුළුවන් මේ සඳහා අවුරුදු 10 සිට අවුරුදු 40ක්වත් දක්වා දීර්ඝකාලීනව සැලසුම් කරන්න ඕනේ දෙයක්. ඒ හරහා අපේ රටට සංචාරක ආකර්ෂණය ලබාගැනීමට හැකි වෙනවා වගේම විදේශ විනිමය වැඩි වශයෙන් ඉපයීමටත් හැකියාව ලැබේවි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

දරුවාගේ ශිෂ්‍යත්වයට හයියක් වෙන්න ඉස්කෝලේ සුළු සේවිකාවක් වෙච්ච ගාල්ලේ අම්මා උසස් පෙළ කරලා උපාධියකුත් ගත්තා! සයමස් ගැබිණියක් වෙච්ච යාපනේ සහකාර ලේකම්වරිය දරු ගැබත් එක්කම සියදිවි සනාගත්තා! උතුරෙයි දකුණෙයි අම්මලා දෙන්නගේ වෙනස් කතා දෙකක්! Sri Lanka Latest News

Next Post

වාහනේ උඩ ගිහින් වීර ගහක හැප්පිලා කුඩුපට්ටම් වුණා! තුවාල වෙලා හිටපු සභාපතිතුමා එළියට පැන්නේ බිඳිච්ච වින්ඩ්ස්ක්‍රීන් එකෙන්! මගේ අත කැඩිලා සිහිය නැතිවුණා! 27 වාට්ටුවේ මහ රෑ පෙරළි! එලොව ගිහින් මෙලොව ආ මඩකළපු මෙහෙයුම! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.