අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම අනාරක්ෂිත භාවයට පත් කිරීමක් බවත් මෙය ඉතා වැදගත් කරුණක් බවත් අධිකරණයේ විශාලම කාර්ය ඉටු කරන විනිසුරුවරුන්ට යම් ආරක්ෂාවක් ලබා දුන්නත් පසුගිය කාලයේ මොවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවට ලිඛිතව දැනුම් දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
අද වන විට සිවිල් පුරවැසියන්ට සහ මාධ්‍යවේදීන්ට පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් මේ කරුනු වාර්තාකරන මාධ්‍යවේදීන්ට පවා අනාරක්ෂිත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් උසාවි නියෝගයකින් චමුදිත නම් මාධ්‍යවේදියාට ආරක්ෂාව ලබා දී තිබුණත් ඔහුගෙන් එය ඉවත් කර ඇති විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් සිවිල් සමාජයේ ජනතාවගේ ආරක්ෂාව හා මාධ්‍ය ක්ෂේත්‍රයේ අයගේ ආරක්ෂාව ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවත් මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව ගැන ද අවධානය යොමු කරන ලෙසයි.
මෙවැනි ඝාතන නිසා අධිකරණ පද්ධතියම කඩා වැටුණොත් සමාජයම කඩා වැටෙන නිසා විනිසුරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පසුගිය කාලයේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ පෝය දෙකෙන් කුඩු කාරයන් ඉවත් කරනවා කිව්ව වත්මන් ආණ්ඩුව එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










