• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතීඥ සංගමයේ නිලවරණයට එරෙහිව නීතීඥවරියක් උසාවි ගිහින් වාරණයක් ඉල්ලයි! උසාවිය දීපු තීන්දුව මෙන්න! I Sri Lanka Latest News

February 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය. 

නීතිඥ ලිලන්ති ද සිල්වා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.Sri Lanka Latest News

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරයා සඳහන් කළේ ඉදිරිපත් වූ කරුණුවලින් පැමිණිල්ලට ජයගත හැකි නඩුකරයක් පවතින බවට කරුණු තහවුරු නොවන බැවින් ඊට අදාළව ඉල්ලා තිබෙන වාරණ ආඥා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවය.

කෙසේ වෙතත් නඩුවට අදාළ විරෝධතා මාර්තු මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියම කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා නාම යෝජනා භාරදුන් ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා එම නාම යෝජනාව ඉල්ලා අස්කරගෙන තිබීම හේතුවෙන් අලුතින් නාම යෝජනා කැඳවා නිලවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයෙකු නිලවරණයට පෙර මියගිය විට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට අනුව  අලුතින් නාම යෝජනා කැදවා නිලවණය පැවැත්විය යුතු බවය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා නාමය යෝජනා භාරදුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා මේ වන විට සිය නාමයෝජනා ඉවත් කරගෙන ඇති බවත් එය පොදුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට සිටින නීතීඥ ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට අගතිදායක ලෙස බලපාන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පැවසුවේය.

මෙම සභාපති ධුරය සඳහා තමා තරග කිරිමට සූදානම් යැයි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබුණද තමාට වඩා ජේෂ්ඨයෙකු වු ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ද ඉදිරිපත් වීමට තීරණය කිරීම නිසා නීතිඥ සංගමයේ සම්ප්‍රදායන්ට ඉඩ දෙමින් ජයසුන්දර මහතා නාම යෝජනා ඉදිරිපත් නොකිරීමට තීරණය කළ බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී අලුතින් නාම යෝජනා කැදවීමකින් තොරව නිලවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඒ සඳහා තවදුරටත් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට මෙන්ම නීතිඥ ප්‍රජාවටද දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා නීතිඥ ප්‍රජාවගේ අයිතිවාසිකම් රැකගැනීමේ අරමුණින් පමණක් මෙම නඩුකරය ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය.

මෙවර සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී සිටින නීතිඥ රජීව අමරසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාරිය ඉදිරිපත් කරන කරුණු තුළ කිසිඳු නීතිමය පදනමක් නොමැති බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි ඉල්ලීමක් සඳහා කිසිසේත්ම ඉඩ නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙය නීතිඥ සංගම් ඉතිහාසයේ ඉතාම අවාසනාවන්ත මෙන්ම කණගාටුදායක තත්ත්වයක් බවත් සඳහන් කර සිටියේය.

නාම යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයෙකු මියගිය අවස්ථාවක අලුතින් නාම යෝජනා කැදවා නිලවණය පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවේ සදහන්ව තිබුණ ද එම තත්ත්වය නාමයෝජනා පත්‍රයක් ඉල්ලා අස්කර ගත් අවස්ථාවක අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ඉතා අසාධාරණ ඉල්ලීමක් බවත් ඒ තුළින් සංගමයේ සාමාජිකත්වයට බරපතල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

SendShareShare
Previous Post

පුංචි ඡන්දයේ පනත් කෙටුම්පත තුනෙන් දෙකකින් සම්මතයි! විපක්ෂව මොකුත්ම නෑ! I Sri Lanka Latest News

Next Post

ඉස්සර රන්ජන් පෙන්නපු බයිස්කෝප් ආණ්ඩුවේ පුනරුද රාලහාමි දැන් පෙන්නනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper