ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 02ක් සඳහා මුදල් යෙදවීම අත්හිටුවා ඇති බව ඇමෙරිකා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.Sri Lanka Latest News
දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ඇතුළු තවත් ව්‍යාපෘතියක් මෙලෙස අත්හිටුවා ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
ඒ අනුව ලොව පුරා එවැනි ව්‍යාපෘතීන් 199ක් පමණ මේවනවිට අත්හිටුවීමට කටුයතු කර ඇති බවයි එරට රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ටෙස්ලා විධායක නිලධාරී ඉලොන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ.
මේ අතර, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 57,000ක යොදා සිදු කර ඇති දේශගුණික විපර්යාස වල බලපෑම් අවම කිරීම සඳහාවන අදාළ ව්‍යාපෘතිය නතර කිරීමට පියවර ගෙන ඇති බවටයි.
එවැනි ව්‍යාපෘති හරහා ඇමරිකානුවන්ගේ උන්නතියට බලපෑමක් නොමැති බවයි එහිදී ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
මේවන විටත් සංවර්ධනය සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID ආයතනය මගින් ලොව පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අවසන් කිරීමට ගත් තීරණයත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72ක් USAID ආයතනය පරිත්‍යාග කර තිබූ අතර ගෙවුණු වසර කිහිපය තුළ ඔවුන් මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පරිපාලනය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළා.
එහි එක් ව්‍යාපෘතියක් ලෙස මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව වැඩමුළු පැවැත්වීමට අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇති බවද අනාවරණ වුණා.
මේ අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID අත්හිටුවීමෙන් රටවල් 50 කට බලපෑම් එල්ලවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ හේතුවෙන් H.I.V, පෝලියෝ, එම්පොක්ස් හා කුරුළු උණ යන රෝගී තත්ත්වයන් මැඩ පැවැත්වීමේ වැඩසටහන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.










