• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ අයවැයට කලින් සජබෙ රට ගොඩගන්න දසවැදෑරුම් මතවාදය නායක සජිත් එළියට දමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 14, 2025
in Exclusive
Reading Time: 23 mins read
A A
අනුරගේ අයවැයට කලින් සජබෙ රට ගොඩගන්න දසවැදෑරුම් මතවාදය නායක සජිත් එළියට දමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ රට ගොඩනගන දස වැදෑරුම් මතවාදය ඊයේ (13) කොළඹ දී සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන්ට පැවැති වැඩමුළුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළේය. 2025 අයවැය කේන්ද්‍ර කර ගෙන පැවැති මෙම සාකච්ඡාව සදහා සමගි ජන බලවේගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීම සදහා සමගි ජන බලවේගය සතු දස වදෑරුම් මතවාදය පැහැදිලි කර සිටියේය.Sri Lanka Latest News

පහළින් ඉහළට සහ ඉහළින් පහළට ගලා ගෙන යන කරුණු, තොරතුරු හා දත්ත කේන්ද්‍රීයව මෙම ප්‍රතිපත්ති නිර්මාණය කළ බවත් මේ මූලික ප්‍රතිපත්ති කාලානුරූපව යුගයට ඔබින ආකාරයට සකස් කර ඇති බවත් මෙම ප්‍රධාන මූලධර්ම තුළ යම් යම් සංශෝධන කළ හැකි බවත් මෙහි නම්‍යශීලීත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ එම කරුණු 10 මෙසේය.

  1. රටක දියුණුවට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි

රටක ඉලක්කය වන්නේ ප්‍රගතිය දියුණුව සංවර්ධනය සහ සෞභාග්‍ය බවත් රටක පැවැත්මකට ධනය අවශ්‍ය බවත් මේ ධනය උත්පාදනය කරන ක්‍රමවේද විවිධ න්‍යායන් ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් පිළිගත් ප්‍රායෝගිකව සාර්ථක වූ ක්‍රමවේද වන්නේ සමාජ වෙළෙදපොළ, නිදහස් වෙළෙදපොළ ආර්ථිකය සහ මානුෂීය ධනවාදය බවත් මේ ක්‍රමවේදවලට අමතරව වෙනත් කිසිදු විකල්ප නොමැති බවත් බොහෝ විකල්ප ක්‍රමවේද අසාර්ථක වී ආර්ථික නටබුන් වී ඇති බවත් ධනය උත්පාදනය කරන්නට රාජ්‍යට වඩා පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලබා දිය යුතු බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා උත්පාදනය වෙන ධනය ජාතික නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට සාර්ථක ව්‍යාපාර කළ නොහැකි බවත් ව්‍යාපාර කරන්න හොදම ක්‍රමය පෞද්ගලික ව්‍යවසාය බවත් එහි දී ජාතික ආරක්ෂාව, සෛරීභාවයට මුල්වූ අදහස් කේන්ද්‍ර කර ගෙන යම් යම් කොටස්වල එනම් ඉන්ධන බලශක්ති ආරක්ෂාව ආදී අවදානම් කොටස් ක්‍රියාත්මක කිරීමේ දී රජයේ මැදිහත්වීම අවශ්‍ය බවත් මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය වන බවත් මේ හරහා සමාජයේ බෙදීම් ඇතිවන බවත් ඇති හැකි ප්‍රජාව තවත් ඇති හැකි වීමත් නැතිබැරි ප්‍රජාව නැතිබැරි භාවයේ පහළට ගලා යාමත් සිදුවන බවත් එම නිසා මානුෂීය ධනවාදය හරහා ධනය උත්පාදනය කර එම ධනය සමාජ අසමතුලිතතාව නැති කර සමබරතාව ඇති කිරීමට සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

02 පුළුල් මානුෂීය ධනවාදී ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කළ හැකියි.

සංගණනවලදී නාගරික ග්‍රාමීය හා වතු යන කොටස් 3ක් ඇති බවත් බංකොලොත් අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය ක්‍රියාත්මක කරන්න තවමත් අසමත් වී ඇති බවත් බංකොලොත් රටක වගකීම බාර ගන්න විට කළ යුත්තේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 2016 හා 2019 කාලය දෙස බලන විට 2016 ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව සමාජයේ පොහොසත්ව 20%ක මුළු ආදායමෙන් 51%ක් සහ දුප්පත් 20%ට 5%ක් පමණක් ලැබෙන බවත් 2019 සමීක්ෂණයට අනුව පොහොසත්ව 20%ට ලැබුණු මුළු ආදායම 51.4% දක්වා වැඩි වන විට දුප්පත් 20% ප්‍රතිශතය 5% සිට 4.6% දක්වා අඩුව ඇති බවත් යහපාලන කාලයේ ආර්ථිකය වර්ධනය වී යම් ප්‍රගතියක් තිබුණත් එම ප්‍රගතිය පොහොසත් අයටත් දුප්පත් අයටත් බලපෑ ආකාරය මෙයින් පෙනෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පුළූල් මානුෂීය ධනවාදී ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

03 සුබසාධන රාජ්‍ය රැක ගනිමින් විකල්ප අවස්ථා සදහා යොමුවීම.

ජාතික සුබසාධන රාජ්‍යයක් හරහා නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන බවත් මේ සුබසාධන රාජ්‍යට වැඩි වැඩියෙන් මුදල් වෙන් කරනවා සේම වෙන් කරන මුදලින් හොද ප්‍රතිලාභයක් ලැබිය යුතු බවත් කාර්යක්ෂම සුබසාධන රාජ්‍යයක් හා සපයන සේවාව ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බවත් නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් නූතනවාදීත්වය නව තාක්ෂණය හා නව ප්‍රවණතා හරහා විෂය නිර්දේශ වෙනස් කර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ ඉල්ලුමට සැපයුම දෙන නිදහස් අධ්‍යාපනය ඇති කරනවා සේම පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත් විකල්ප අධ්‍යාපන අවස්ථාද ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

04 ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු වීම.

ආණ්ඩු කොපමණ තිබුණත් දුප්පත්කම තුරන් කරනවා කිව්වත් අස්වැසුම නිර්මාණය වුවත් අදටත් රජය දුප්පතුන් ප්‍රමාණය නොදන්නා බවත් දුප්පතුන් ගැන ඇති පැහැදිලි දත්ත සටහන වන්නේ ලර්න් ඒෂීයා දත්ත බවත් එම දත්ත අනුව දුප්පත්කම රටේ ජනගහණයෙන් තුනෙන් එකක් බවත් ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම ගණන් නොවන අවිද්‍යාත්මක ලෙස දත්ත මත පදනම්ව අස්වැසුම ක්‍රියාත්මක කළත් යුනිසෙෆ් සංවිධානය බහුමාන දුප්පත්කම ගැන ලියූ වාර්තාවක් හරහා අප රටේ දුප්පත්කම ගැන අදහසක් ගත හැකි බවත් එම නිසා සදාකාලික යැපුම් සංස්කෘතියක නොසිට යැපුම් සංස්කෘතියෙන් බැහැර වී දේශපාලන වහල් භාවයෙන් සහනාධාර වහල්භාවයෙන් මිදී දුප්පත්කම තුරන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

05 රටේ පළාත් 9ම සමබර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතුයි.

රටක් ලෙස වර්ධනය වීමට අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් නිෂ්පාදන කර්මාන්ත, නව නිර්මාණ කේන්ද්‍ර කර ගත් තාක්ෂණික සංවර්ධනය, සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, නව ව්‍යාපාර බිහි කිරීම තුළින් නිර්මාණය කරන ආර්ථික වර්ධනය සමබර ආර්ථික වර්ධනයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව දෙස බැලු විට රටේ සමබර ආර්ථික වර්ධනයක් නොමැති බවත් විවිධ පළාත් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය වෙනස් බවත් බස්නාහිර පළාත් 41%ක් දායක වන විට ඉතිරි 59%ම සෙසු පළාත් 8ට බෙදෙන බවත් මෙය නිවැරදි විය යුතු බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341 හරහාම දළ දේශීය නිෂ්පාදනය ගණනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

06 නව තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කෘෂිකර්මාන්තයක්.

කෘෂිකර්මාන්තය වැවිලි ක්ෂේත්‍රය නවීකරණය කළ යුතු බවත් නෙදර්ලන්තය වැනි රටවල් අත්කර ගත් තාක්ෂණික ජයග්‍රහණ අප රට ද ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

07 වෙනස්කමකින් තොරව සෑම සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සවිබල ගැන්වීම.

සෑම අතකින්ම සවිබල ගැන්විය යුතු බවත් ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික ආදී ජන සමාජයම ධනාත්මක සවිබල ගැන්වීමක් සිදු කර වෙනස්කම් ක්‍රියාත්මක නොකර සෑම ජාතියකටම ආගමකටම ජන කොට්ඨාසයකටම වටිනාකමක් ලබා දිය යුතු බවත් අප හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස පොදුවේ හැදින්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

08 ප්‍රජාතන්ත්‍රවාදී සවිබල ගැන්වීම.

මූලික අයිතිවාසිකම් පුලුල් කළ යුතු බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජීය දේශපාලන අයිතිවාසිකම් ඇති කර ව්‍යවස්ථව පුළුල් කර ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන ලබා දිය යුතු පැවසීය.

09 තිරසර සංවර්ධනය.

පරිසර හිතකාමී පරිසර කේන්ද්‍රීය සංවර්ධනයක් කරා යොමු විය යුතු බවත් පැවසීය.

10 රටට අගයක් එකතු කරන විදේශ සම්බන්ධතා ඇති කර ගැනීම.

විදේශීය සම්බන්ධතා තුළ සමබර ආකාරයට කටයුතු කළ යුතු බවත් නොබැදි පිළිවෙත යන සෘණාත්මක වචනයක් භාවිත නොවන ධනාත්මක සම්බන්ධතාවක් කරා යා යුතු බවත් රටට වටිනාකම් එකතු කරන අගයක් එකතු කරන සම්බන්ධතාවලට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ඩුබායි ගිහින් ආ හැටියෙම අයවැය ගැන කතා කරන්න අනුර මැතිඇමැතිවරුන්-නිලධාරීන් ජනපති කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සුජීව සේනසිංහට තවත් විශාල ජයග්‍රහණයක්! තමාගේ මානුෂික අයිතිවාසිකම් කඩකළැයි වැඩබලන පොලිස්පතිට එරෙහිව දාපු නඩුව සියලු කරුණු සැලකිල්ලට ගෙන දිගටම පවත්වාගෙන යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.