හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.Sri Lanka Latest News
ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.
හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසීය.










