• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැනිල්ල ඇරඹේ: ගාලු අපේක්ෂකයෙක් මහින්දට එක්වෙයි

June 10, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පැනිල්ල ඇරඹේ: ගාලු අපේක්ෂකයෙක් මහින්දට එක්වෙයි
Share on WhatsAppShare on Facebook

කොන්ද පණ නැති නායකයින් සමඟ දේශපාලනය කිරීමෙන් පළක් නැති බවත්, එනිසා එළැඹෙන මහමැතිවරණයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය පළකරන බවත් සමඟි ජනබලවේගයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක  විශ්‍රාමික මේජර් ඩෙනට් පනියන්දුව මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසූවේ සමඟි ජනබලවේගයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ සමඟි ජනබලවේගයේ මහලේකම්වරයාට යොමු කිරීමෙන් අනතුරුව ඊයේ (09) විජේරාම නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමෙන් අනතුරුවය.

එහිදී ඩෙනට් පනියන්දුව මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

” මම මුලින්ම සමාව අයැද සිටිනවා මගේ දෙමව්පියන්ගෙන්. මොකද ඔවුන් පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයන්. අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් මම මේ කොට්ඨාසය භාරගන්නේ 2014 ඔක්තෝබර් මාසයේ ඉඳලා අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය කඩාවැටිලා තිබුණ අවස්ථාවක. මම මේ මැතිවරණ කොට්ඨාසය භාර අරගෙන ඡන්ද  8192ක් වෙලා තිබිච්ච මැතිවරණ කොට්ඨාසය මාස 4ක් වැනි කෙටි කාලයක දී ඡන්ද 26187ක් මෛත්‍රිපාල ජනාධිපතිතුමාට අරගෙන දුන්නා. මගේ මැතිවරණ කොට්ඨාසයේ පක්ෂයට ආදරය කරපු කට්ටිය දිවා රාත්‍රී නොකා නොබී මගෙත් එක්ක රෑ එළිවෙනකල් ගමක් ගමක් පාසා  ගිහිල්ලා තමයි ඒ ජයග්‍රහණය කළේ. එදා ඉඳලා ඊයේ රෑ වෙනකල් මගෙත් එක්ක මේ දේශපාලන කටයුතුවල නිරත වෙච්ච  ඒ සියලුදෙනාගෙන් මම සමාව අයැද සිටිනවා. මොකද මම මේ ගත්ත තීන්දුව මම ගත්තේ විවිධ හේතු කාරණා උඩ.

මා මේ තත්ත්වයට පත් කළේ නිසි නායකත්වයක් නැති තත්ත්වය. මෙච්චර කැපවීම් කරපු, හමුදාවේ හිටපු, ව්‍යාපාර කරන, කොන්ද කෙලින් තියාගෙන දේශපාලනය කරන කෙනෙක් විධියට මට හිතාගන්න බැරිවුණා මට වෙච්ච සිදුවීම්. ඒ තුළ මම මගේ අභිමානයත් ආත්ම ගරුත්වයත් ආරක්ෂා කරගැනීම සඳහා  මේ තීන්දුව ගත්තා. අම්බලන්ගොඩ කියන ගරාවැටෙමින් තිබුණ මැතිවරණ කොට්ඨාසය මගේ සංවිධායක ධුරය දරපු අවුරුදු 5ක් වැනි මේ කෙටි කාලය තුළ මම ගොඩනැඟුවා. මම ව්‍යාපාරවලින් උපයාගත්ත ධනස්කන්ධය වියදම් කරලා  දිවා රාත්‍රී නොබලා හරියට කෑමක් බීමක් නැතිව මට කරන්න පුළුවන් උපරිම දේ එක්සත් ජාතික පක්ෂයටත් සමගි බලවේගයටත් ඉටු කළා. මා යුදහමුදාවෙන් ඉවත් වෙලා දේශපාලනයට ආවේ මගේ දේශපාලන ගුරුතුමා වෙච්ච ගරු ගාමිණී අතුකෝරල මැතිතුමාගේ මගපෙන්වීමෙන්. 

එතුමාගේ කාල පරිච්ඡේදය තුළ එක්සත් ජාතික පක්ෂය නඟාසිටුවන්න කරපු මෙහෙය අදටත් අමතක කරන්න බැහැ. එතුමා සමඟ මම ලංකාවේ තියෙන සියලුම මැතිවරණ කොට්ඨාසවලට ගිහිල්ලා  විශාල කැපවීමක් කළා. ඔහුගේ අභාවයෙන් පස්සේ මම එවකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක මගේ මිත්‍ර එස්.බී දිසානායක මැතිතුමා සමඟ කලින් වගේම පක්ෂයේ කැපවීම වෙනුවෙන් සහයෝගය දැක්වූවා. 2014 ඉඳලා මේ දේශපාලනය කරද්දි අපිට යම් යම් ගැටලු තිබුණා. දිස්ත්‍රික් නායකයින්ගේ ගැටලු අපට තිබුණා. අපිට කොන්ද කෙලින් තියාගෙන අපේ පක්ෂය තුළ දේශපාලනය කරන්න  වටපිටාවක් නිර්මාණය වුණේ නෑ.

ගාල්ලේ තිබුණ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමෙදී මට අදහාගන්න බැරිවුණා. මට සමඟි ජනබලවේගයේ අම්බලන්ගොඩ බලයලත් නියෝජිතකම දීලා තිබුණේ නෑ. මම කල්පනා කළා මෙහෙම නායකයෝ එක්කද අපි දේශපාලනය කරන්නේ කියලා. අපි දේශපාලනය කළේ මුදල් හම්බකරන්න නෙමෙයි. මම වැටුප ගත්ත පළමු දවසේ ඉඳලාම ළමයි 17 දෙනකුට ශිෂ්‍යත්ව දුන්නා. අපි යාන වාහන බලාගෙන මුදල් බලාගෙන දේශපාලනය කළේ නෑ. අපි රටට බදු ගෙවන ව්‍යාපාරිකයෝ. ඒ නිසා අද ගත්ත තීන්දුව මම කිසිසේත් වෙනස් කරන්නේ නෑ. එළඹෙන මහමැතිවරණයේ දී මම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. කොන්ද පණතියන් ප්‍රතිපත්තිගරුකව දේශපාලනය කරන්න වටපිටාවක් නිර්මාණය වුණේ නැති නිසා මේ තීන්දුව අද ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ තීන්දුව කල් ඇතිව සැලසුම් කරලා ගත්ත එකක් නෙමෙයි. ක්ෂණිකව ගත්ත තීන්දුවක්. මට ඇතිවෙච්ච කළකිරීම, වේදනාව, දුක නිසා , මම කරපු කැපවීමට කළ නොසැළකිල්ල නිසා ගත්ත තීන්දුවක් මිස වෙන කිසිම කෙනෙක් එක්ක අමනාපෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි. එළැඹෙන මහ මැතිවරණයේ නාමයෝජනා අත්සන් කරපු දවසේ අපේ හිටපු ඇමැතිවරු ගණනාවක් සිටියදී මම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිව්වා මට අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ නිසි තැන දෙන්නේ නැත්නම් මම ඉවත් වෙනවා, ඔබතුමා ඕන කෙනෙක් දාගන්න කියලා. නමුත් එතැන හිටපු ජ්‍යෙෂ්ඨයන් කිව්වා ඔබයි සංවිධායකතුමා බය නැතිව වැඩකරන්න කියලා. නමුත් සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මම දැක්කේ අපේක්ෂයෙක් විදියට විතරයි. මම ගාල්ල දිස්ත්‍රික් නායක අපේ හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් මේ ගැන ඇහුවාම එතුමා මට කිව්වේ මේක පක්ෂයෙන් ගත්ත තීන්දුවක් කියලා. එහෙනම් මම දකිනවා සමගි ජන බලවේගයේ අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයෙක් විධියට හරි තීන්දුව ගත්තේ නෑ. අපි වගේ කොන්දක් තියෙන, කෙලින් කථාකරන්න පුළුවන් මිනිස්සුන්ගේ වටිනාකම දැක්කේ නෑ. ඒ නිසා තමයි අද මම කොන්ද කෙලින් තියාගෙන ප්‍රතිපත්තිගරුක මිනිහෙක් විධියට දොට්ට බැහැලා ආවේ. මැතිවරණ කොමසාරිස්තුමාටත් මගේ ඉල්ලා අස්වීමේ ලිපිය යැව්වා. රංජිත් මද්දුම බණ්ඩාර මහතාට මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය යැව්වා. මට තියෙන්නේ කලකිරීමක්. නායකයෝ ගැන කළකිරීමක්. කොන්ද පණ නැති නායකයෝ එක්ක දේශපාලනය කරලා වැඩක් නැහැ. ඒ නිසයි මම මේ තීන්දුව ගත්තේ “

SendShareShare
Previous Post

දේශපාලනයෙන් ඉවත් වූ මංගල පළමු නිවේදනය නිකුත් කරයි

Next Post

ජන්ද සටනට පෙර මහින්ද තවත් සටනක් ගෙදරින්ම පටන් ගනී

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.