• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලනයෙන් ඉවත් වූ මංගල පළමු නිවේදනය නිකුත් කරයි

June 10, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
දේශපාලනයෙන් ඉවත් වූ මංගල පළමු නිවේදනය නිකුත් කරයි
Share on WhatsAppShare on Facebook

මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වූ මංගල සමරවීර මහතා අද (10) දිනයේදී පළමු නිවේදනය නිකුත් කරමින් පෙරටුගාමී පක්ෂයට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීමට කටයුතු කර තිබේ.

එම නිවේදනය මෙසේය.

වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර
පිළිකුලෙන් හෙළා දකිමු!

ඊයේ (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මිනිස් වර්ගවාදයට එරෙහිව සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින්  ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවති. එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට කටයුතු කරමින් ද සිටියි.

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගති ලක්ෂණයක් බව පැහැදිලිය.

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක.

එක් වරෙක පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ ‘මරණය‘ බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් ‘මරණය‘ නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී. 

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් අවධාරණය කරමු.

මංගල සමරවීර                    
2020-06-10

SendShareShare
Previous Post

මහජන්දය අගෝස්තු 05 බදාදා

Next Post

පැනිල්ල ඇරඹේ: ගාලු අපේක්ෂකයෙක් මහින්දට එක්වෙයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper