• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශිෂ්‍යත්වෙන් එක පන්තියෙ 24ක් පාස් කරපු ගොඩනැගිලි දෙකක් විතරක් තියෙන පුංචි ඉස්කෝලෙට ‘මව්රට’ ගිය ගමන! Sri Lanka Latest News

February 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ශිෂ්‍යත්වෙන් එක පන්තියෙ 24ක් පාස් කරපු ගොඩනැගිලි දෙකක් විතරක් තියෙන පුංචි ඉස්කෝලෙට ‘මව්රට’ ගිය ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉර පිපිලා. හඳ පරවෙලා. පුංචි පුංචි හුළං අහුරු ගතේ හිතේ වැදිලා යනවා. මල් පොට්ටු උඩ පිණි ඉහිලා. අලුත් ඉරේ ලා නිල් පාට එළිය පිණි බින්දු නිල්කැට වගේ. මල් පොට්ටු එක දෙක ඇහැ අරිනකොට පිණි බින්දු මල් පෙති අස්සෙන් බිමට පනිනවා. Sri Lanka Latest News

පුංචි පුංචි කුරුලු යාළුවො තැන් තැන්වල කයිවාරුව. රතඹලා ගෙඩියක් හොරෙන් ගත්ත කොණ්ඩ කුරුල්ලෙක් පස්ස නොබලම දුවනවා. නීල කොබෙයි කිරිල්ලියක් තාලෙට උකුල හොලවමින් කොහේද යනවා. ඒ ගම්මානයක්. වටපිටාව තාමත් හරි ලස්සනයි. ඉතිං අපි මේ ආවෙ වෙනස්ම ගමනක්. කොටින්ම කියනවා නම් මේ ආවෙ ඉස්කෝලයක් හොයාගෙන. අපිට මුණගැහුණෙ විදුහල්පතිණි ජී.ඒ.පී. සමරතුංග මහත්මිය.

මේ ඉස්කෝලේ නම හේන්පිටගෙදර ඥානසීහ කනිෂ්ඨ විද්‍යාලය. හරිම පුංචි ඉස්කෝලයක්. බැලූ බැල්මට පේන්න තියෙන්නේ ඉස්කෝලේ ගොඩනැගිලි දෙකයි. තව පුංචිම පුංචි ගොඩනැගිල්ලක් දෙකක් ඇරුණම ඉස්කෝලෙට මහලොකු දේවල් නෑ. විදුහල්පතිතුමිය ඉන්නෙත් එක ගොඩනැගිල්ලක පැත්තක තියෙන පුංචි කාමරේක. වීදුරු දාලා ලොකුවට හදපු කාමරයක් ඒ.සී. හයිකරපු තැනක්, විදුහල්පතිතුමියට හොඳ සැපට තියෙන මේසයක්, පුටුවක් ඒවා මොනවත් නෑ. විදුහල්පතිතුමිය එහෙට මෙහෙට යමින් කලබලෙන් දරුවන්ට උගන්වමින්, වැඩකටයුතු බලමින්, කරමින්, හොයමින් ඉන්නවා මිසක සැප විඳින බවක් නම් පේන්න නෑ. ඉස්කෝලේ ඉන්නේ දරුවෝ ටිකයි. මවුපියන් හැමෝම තමන්ගේ දරුවාව ඉහළට උස්සන්න කැපවෙලා ඉන්නේ. ඔක්කොම එක වගේ වැඩ කරනවා.

මේ ජයග්‍රහණය පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා අපි ඇහුවාම ගුරුතුමිය අපට කිව්වේ ‘මේක අපේ කැපවීමේ ප්‍රතිඵලය’ කියලා. මම ඇහුවා මේකේ ගෞරවය එන්න ඕනේ ඔබතුමියට නේද කියලා. එතුමිය කිව්වා, ‘අනේ නෑ, මට නෙවෙයි ඒ ගෞරවය එන්න ඕනේ’ කියලා. ඊට පස්සේ මම ඇහුවා එහෙනම් පහේ පන්තිය බාර ගුරුතුමිය නේද මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්න දැවැන්ත ශක්තිය කියලා. ඇය කිව්වා ‘ඔව්, ඇත්තටම පහේ පන්තියේ ගුරුතුමියට ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ, හැබැයි පහේ පන්තියේ ගුරුතුමියට විතරක් ඒ ගෞරවය හිමිවෙලා හරියන්නේ නෑ. මේ ඉස්කෝලෙ ඉන්න හැම කෙනෙක්ම, අනධ්‍යයන සේවකයාගේ ඉඳලා මේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වුණා…’ කියලා.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන්න සියලු ගුරුවරු සියලු අනධ්‍යයන සේවකයෝ එක මිටකට එක තැනකට ගන්නවා කියන එක විදුහල්පතිතුමියගේ දක්ෂතාවක් කියලයි මට හිතෙන්නේ. මොකද ඒකට හේතුව, මෙහෙම වැඩක් පිරිසක් එකතු කරගෙන කරන එක සෙල්ලමක් නෙවෙයි. එතුමිය අපූරු කතාවක් කිව්වා. ‘අපි දෙකේ පන්තියෙදිම දුර්වල ළමයි කවුද කියලා බලලා ඒගොල්ලන්ව වෙන් කරගන්නවා. වෙන් කරගෙන මමයි, අපේ ඉස්කෝලෙට ගුරුවරු විදියට ඇවිල්ලා ඉන්න ඩී.ඕ.ලයි එකතු වෙලා ඒගොල්ලන්ට උගන්වනවා. ඊට පස්සේ අපේ සුවිශේෂකරණය වෙච්ච ගුරුවරු ඉතුරු ටික බලාගන්නවා…’ ඒක තමයි කතන්දරේ. දැන් ජයග්‍රහණය ලැබුවට පස්සේ ජයග්‍රහණයෙන් ලකුණු දාගන්න හදන කීපදෙනෙක් අහල පහළ ගෙවල්වලිනුත් මතුවෙලා. අපි දැක්කා මිලියන ගානක් බලපු වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝවේ ඉන්නේ මේ ඉස්කෝලේ ළමයි. ඒ ළමයි එක්තරා ගුරුතුමියකගේ ගෙදර ගිහිල්ලා, ඒ ගුරුතුමිය මේ ජයග්‍රහණය ලබාදෙන්න කැපවුණා කියලා එතුමියම ලැජ්ජා බය පැත්තකට දාලා ෆේස්බුක් එකේ දාලා එහෙම තියෙනවා. හැබැයි ඉස්කෝලේ අම්මලා ආයෙත් ෆේස්බුක් එකේ දාලා තිබුණා මේ ජයග්‍රහණය අදාළ මනුස්සයට අයිති නෑ, මේ ජයග්‍රහණය අයිති ඉස්කෝලෙට කියලා. ඉස්කෝලේ ඉනෝකා ටීචර් තමයි පහේ පන්තිය බාරව හිටපු ගුරුතුමිය. දැන් ඇය වෙනත් ඉස්කෝලෙකට ගිහිල්ලා. ජයග්‍රහණය මේ ඉස්කෝලෙට ලැබෙනකොටත් ඇයට වෙන පත්වීමක් ලැබිලා. අපි දන්නේ නෑ අධ්‍යාපන අමාත්‍යාංශය මේ දේවල් කරන්නේ මොන නිර්ණායක යටතේද කියලා. සමහර විට මේවා ඉතාම සාධාරණ ගුරු මාරු වෙන්න ඇති. සමහර වෙලාවට ඒවා අසාධාරණ ගුරුමාරු වෙන්නත් බැරි නෑ. මොකද දක්ෂයි කියලයි දැනුණාම, හොඳයි කියලා දැනුණාම කොහෙ හරි තැනකට දාන එකත් සමහර තැන්වල සිද්ධ වෙනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ මේක එහෙම සිදුවීමක් කියලා. මොකද මේ අහල පහළ ඉන්න දරුවෝ වෙනුවෙන් ඇත්තටම කැපවෙච්ච උසස් පාසලකට තමයි ඇය ගිහිල්ලා තියෙන්නේ. ඒ පාසලේ විදුහල්පතිවරයාත්, මේ විදුහල්පතිතුමිය වගේම මනුස්සකම තියෙන, ගුණයහපත්කම තියෙන, දරුවන්ට උගන්වන එක හොඳ තැනක් දුන්නු, දරුවන්ට ආදරේ හොඳ තාත්තා කෙනෙක්. ඒක අපි කියන්නේ ඒ තාත්තාව දැකලා, ඒ විදුහල්පතිතුමාගේ හැසිරීම ගැන හරි අවබෝධයකින් යුතුව. එහෙම නැතුව කවුරුත් කිව්ව පලියටවත්, කාගේ හරි හිතලුවක් විදියටවත් කියන කතාවක් එහෙම නෙවෙයි.

මේ විදියට මේ ජයග්‍රහණය පිටිපස්සේ විවිධාකාරයේ චරිත ඉන්නා වග අපිට කියනකොටම නොකියා බැරි කතාව තමයි මේ ජයග්‍රහණය පිටිපස්සේ ඉන්න මවුපියෝ ගැන. ඇත්තටම හේන්පිටගෙදර කනිෂ්ඨ විද්‍යාලය කියලා කියන්නේ විශාල විද්‍යාලයක් නෙවෙයි. ලොකු ළමයි ගොඩක් ඉන්න ඉස්කෝලෙකුත් නෙවෙයි. ලොකු පහසුකම් තියෙන ඉස්කෝලෙකුත් නෙවෙයි. මේ ඉස්කෝලෙට එන්න යන්න බස් එකක්වත් නෑ. ඉස්කෝලෙට දරුවෙක් දැම්මට පස්සේ ඒ දරුවව අරගෙන එන්න නම් පෞද්ගලිකව මොකක් හරි වාහනයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ පැත්තේ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් බයිසිකල්වල තමයි තමන්ගේ දරුවෝ අරගෙන එන්නේ. එහෙම නැතුව මේක හයි ක්ලාස් ඉස්කෝලයක්වත්, ලොකු මිනිස්සුන්ගේ දරුවෝ ඉන්න ඉස්කෝලයක්වත් නෙවෙයි. එහෙම ඉස්කෝලෙක දරුවෝ 39 දෙනෙක් විභාගේ ලියලා, ඉන් 24 දෙනෙක් එක පාරම පාස් වෙනවා කියලා කියන්නේ අදහන්න බැරි දක්ෂතාවක්. ඉතින් ඒ නිසයි අපි මේ අපූරු පාසල හොයාගෙන ආවේ.

එක පන්තියකින්ම ළමයි 24 දෙනෙක් පාස් වුණු ලංකාවේ තවත් ඉස්කෝල ඇති. හැබැයි මේ ඉස්කෝලේ විශේෂයි. තියෙන්නේ ගොඩනැගිලි දෙකයි. පුළුවන් නම් අපි මේ දරුවන්ට තව ටිකක් නිදහසේ ඉගෙනගන්න ගොඩනැගිල්ලක්, පහසුකම් ටිකක් හදලා දෙන්න කැපවෙමු. එහෙම කවුරු හරි ඉන්නවා නම් කතාකරන්න. හේන්පිටගෙදර ඉස්කෝලෙට උදව් කරන්න. මේ දරුවන්ට අනාගතය හදන තැන. ගුණයහපත් මිනිස්සු, ගුණයහපත් ගුරුවරු, ගුණයහපත් අනධ්‍යයන කාර්ය මණ්ඩලය පවා මේ විදුහල්පතිතුමියට ශක්තියක් වෙනවා අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මේ 39න් 24ක් පාස්කරපු ඉස්කෝලේ ප්‍රතිඵලය 100%ක් කරගන්න ශක්තිය ලබාදෙන්න අපි වැඩ කරමු. රටක් විදියට අපිට ඒක කරන්න බැරි නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බය සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News‍

Next Post

සංචාරක ක්ෂේත්‍ර ප්‍රගමනය උදෙසා Loon Tao අවන්හල විවෘත වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.