• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

බය සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News‍

February 1, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
බය සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

1971 කැරැල්ල ගහලා හිරේ ගිහින් නිදහස් වී ඇවිත් රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලොකු බලාපොරොත්තුවකින්ය. ඔහු හිතුවේ ඔහුටත් ජවිපෙටත් ලොකු ඡන්ද කුට්ටියක් ලැබෙයි කියාය. එහෙත් විජේවීරට ලැබුණේ ඡන්ද 4.9%ක් පමණි. ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ඔහු හොඳටම වැටුණි. හැබැයි ජනාධිපතිවරණයට පසු පවත්වන මහ මැතිවරණයෙන් ඔහුට පාර්ලිමේන්තු යෑමට පුළුවන් බව ඔහු දැන සිටියේය. ජේ.ආර්. මහ මැතිවරණය නොතියා ජනමත විචාරණයක් පවත්වපු නිසා විජේවීරට පාර්ලිමේන්තු යෑමට තිබූ අවස්ථාව නැති විය. ඔහු ඔහුව හිරේ දැම්ම ඔහුගේ පරම හතුරා වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමැති බණ්ඩාරනායක පවුල් හවුලේ සාමාජික ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හමුවූයේ දූෂිත ජනමත විචාරණයට එරෙහිව උසාවි යන්නටය. මේ හවුලට සහ ජනමත විචාරණ නඩුවට ජේ.ආර්. බයවිය. 1983 කළු ජූලිය ජවිපෙ පිට දමා ජේ.ආර්. ජවිපෙ තහනම් කළේ විජේවීර එන පොට හොඳ නැති බව තේරුම් ගෙනය.Sri Lanka Latest News‍

ජේ.ආර්.ගේ පක්ෂ තහනම විජේවීරට වෙස්වළාගෙන ආ ආශීර්වාදයක් විය. හේතුව ජවිපෙට මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව ඔහු 1982 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් තේරුම්ගෙන තිබුණි. ආණ්ඩුවට එරෙහිව එළිපිට කැරැලි ගැසීම පිළිබඳ අත්දැකීමක් ඔහුට තිබුණි. 1971 කැරැල්ල අසාර්ථක වූ හැටි ඔහු හොඳින් අධ්‍යයනය කොට තිබිණි.

ඔහු ආණ්ඩුවට එරෙහිව කැරැලි ගැසීමත්, මැතිවරණවලට ඉදිරිපත් වී ජයගැනීමත් යන දෙකම අසාර්ථක උපක්‍රම ගැන තේරුම් ගෙන ඔහු අලුත් උපක්‍රමයක් හිතුවේය. එනම් ආණ්ඩුව සහ ජනතාව බය කිරීමය. ඔහු මේ උපක්‍රමය පළමුවෙන් අත්හදා බැලුවේ කොළඹ විශ්වවිද්‍යාලය තුළය. කොළඹ විශ්වවිද්‍යාලය තුළ බලය අල්ලාගෙන සිටියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයය. ස්වාධීන ශිෂ්‍ය සංගමය සාම්ප්‍රදායික වමේ සහාය ලබපු සංවිධානයකි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ විශ්වවිද්‍යාල තුළ ජනප්‍රිය චරිතයක් විය. ජවිපෙට සම්බන්ධකම් ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දයා පතිවරණව සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඉවසුවේ නැත. ජවිපෙ දයා පතිරණ පැහැරගෙන ගොස් මරාදමනු ලැබීය. මේ ඝාතනයෙන් ජවිපෙ මුළු විශ්වවිද්‍යාල පද්ධතියම බය කළේය. විජේවීරගේ උපාය සාර්ථක විය. විශ්වවිද්‍යාල තුළ ජවිපෙට හෝ ජවිපෙට සම්බන්ධකම් ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එරෙහිව වචනයක් කතා කරන්න කෙනෙක් නොවීය. ඉන් පසු විජේවීර මෙම උපක්‍රමය ආණ්ඩු පක්ෂය වන යූ.ඇන්.පී.යට එරෙහිව පාවිච්චි කළේය. යූ.ඇන්.පී. සභාපති ඇතුළු යූ.ඇන්.පී.යේ නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඝාතනය කරනු ලැබීය. මරණයට බයේ ඔවුන් යූ.ඇන්.පී.යේ දරන තනතුරුවලින් ඉවත් වෙන බවට ගේ ඉදිරිපිට බැනර් ගසා සහතික විය. ඉන් පසු විජේවීර සාම්ප්‍රදායික වමේ පක්ෂවලට එරෙහිව බය ව්‍යාප්ත කළේය. එතෙක් ඔහු බය කිරීමේ උපක්‍රමයට මහජන විරෝධය නැති කරන්න ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයේ සහාය ලබාගත්තේය. අවසානයේ ඔහු ශ්‍රීලනිප සංවිධායකයන් ඝාතනය කරමින් ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපතිවරණ රැස්වීමට බෝම්බ ගසා බය ශ්‍රීලනිපය තුළට ව්‍යාප්ත කළේය. බය ව්‍යාප්ත කිරීමෙන් එජාපය, ශ්‍රීලනිපය හෝ සාම්ප්‍රදායික වම දේශපාලනය අත් නොහරින බව ඔහු තේරුම් ගත්තේය. කොයි තරම් බය ව්‍යාප්ත කළත් මිනිසුන් ඡන්දය දෙන්නේ ඔවුන්ට බව ඔහු තේරුම් ගත්තේය.

ඔහුගේ අවසන් උපක්‍රමය වූයේ බය මහජනතාව අතර ව්‍යාප්ත කිරීමය. ඔහු නිල නොවන ඇඳිරි නීති රට පුරා පනවා මිනිස්සු බය බිරාන්ත කළේය. එයින් මිනිස්සු කෝපයට පත්වූහ. අවසාන උපක්‍රමයත් අසාර්ථක වූ විට ඔහු බය හමුදාව තුළට මුදාහැරියේය. ඔහුගේත්, ජවිපෙත් අවසානය එය විය.

ජවිපෙ යළි එළියට ආවේ 1994 මහ මැතිවරණයෙන්ය. ජවිපෙ එළියට ඇවිත් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් තරග කොට එක් මන්ත්‍රී ධුරයක් ලබාගත්තේය. මේ වෙනකොට ජවිපෙට උපක්‍රමයක් තිබුණේ නැත. ජවිපෙට අලුත් උපක්‍රමයක් හොයලා දුන්නේ විමල් වීරවංශය.

‘උනුත් එකයි – මුනුත් එකයි – මෙදාපාර අපි ජවිපෙට’

මේ, විමල්ගේ ස්ලෝගන් එකකි. ප්‍රධාන පක්ෂ දෙක නිදහස ලබපු දින සිට රට විනාශ කර ඇති නිසා තමන්ට බලය දෙන ලෙස ඉල්ලමින් ජවිපෙ මේ අලුත් උපක්‍රමය අත්හදා බැලීය. ජවිපෙ ආණ්ඩු හදන ආණ්ඩු කඩන ප්‍රධාන බලවේගය බවට පත්වුණත් ජවිපෙ ආණ්ඩුවක් හදන්න බලයක් ජනතාව දුන්නේ නැත. ‘උනුත් එකයි – මුනුත් එකයි’ ස්ලෝගන් එක වල්වැදී විමල්, මහින්ද පසුපස ගියේය. ජවිපෙ රනිල්ගේ යූ.ඇන්.පී.ය සමග සන්ධානගත විය.

2022 ලංකාව බංකොලොත් වී අරගලය පටන්ගත් විට ලංකාව බංකොලොත් කළේ රාජපක්ෂවරු ඇතුළු පසුව පොදුජන පෙරමුණ වූ ශ්‍රීලනිපය කියා සමගි ජන බලවේගය සහ යූ.ඇන්.පී.ය නැගීසිටිය යුතු වුවත්, රාජපක්ෂවරුන්ගේ සහ පොදුජන පෙරමුණේ උදව්වෙන් රනිල් ජනාධිපති වීමත් සමග ජන බලවේගයේ ප්‍රබලයන් රනිල් සමග ගනුදෙනු කරන්න යෑමත් නිසා ‘උනුත් එකයි – මුනුත් එකයි’ ස්ලෝගන් එක මොඩිෆයි කර ‘මුන් ඔක්කොම හොරු’ කියා ජනප්‍රිය ස්ලෝගන් එකක් කරළියට ගෙන එන්න ජවිපෙ දක්ෂ විය. ආණ්ඩු බලය ගන්න මේ ස්ලෝගන් එකම මදි බව ජවිපෙට තේරුණි. විජේවීර 1986 තෝරාගත් හැමෝම බය කිරීමේ උපක්‍රමය වෙනුවට හැමෝම ගැන බොරු කීමේ උපක්‍රමය ජවිපෙ තෝරාගත්තේය. රනිල්, රාජපක්ෂ පමණක් නොව, තවදුරටත් මේ රටේ අගමැතිකමක්, ජනාධිපතිකමක් කර නැති සජිත් ප්‍රේමදාස ගැනත් බොරු හදලා මවලා කියන්න ජවිපෙ පටන්ගත්තේය. විජේවීර බය පළමුව දේශපාලන පක්ෂ තුළට ව්‍යාප්ත කළා සේ ජවිපෙ බොරුව දේශපාලන පක්ෂවලට සහ එහි නායකයන්ට එරෙහිව ව්‍යාප්ත කළේය. අවසානයේ විජේවීර බය මහජනතාවට ව්‍යාප්ත කළා සේ ජවිපෙ තෙල් මිල, සහල් මිල, ගෑස් මිල ගැන බොරු කියා බොරුව සමාජගත කරනු ලැබීය.

විජේවීරගේ බය ව්‍යාපෘතියට ජනතාව බයවූවා සේ ජවිපෙ බොරු ව්‍යාපෘතියට ජනතාව හසුවිය. විජේවීරගේ බය ව්‍යාපෘතිය ජනතාව කෝපයට පත්කළා සේ අද ජවිපෙ බලය ගන්න කී බොරු ගැන ජනතාව ඉන්නේ තරහින්ය.

විජේවීර මුලින් බය ව්‍යාපෘතිය යූ.ඇන්.පී.යට එරෙහිව ව්‍යාප්ත කරන විට මිනිස්සු හිතුවේ ජවිපෙ රොබින් හුඩ් සේ අදිසි බලවේගයක් වී රට ආරක්ෂා කරනවා කියාය. ඒත් බය මිනිස්සුන්ව පෙළන විට මිනිස්සු විජේවීරත්, ජවිපෙත් මේ කරන්නේ බලය ගැනීමට රටම බය කිරීම බව තේරුම් ගත්හ. 2024 මහ මැතිවරණයට පෙර ජවිපෙ බොරුවලට වශී වූ මිනිස්සු ජවිපෙට තුනෙන් දෙකක් දුන්නාට පසු ජවිපෙ බලය ගන්න බොරු කී බව තේරුම් ගනිමින් සිටී.

‘විජේවීරගේ බය කැරැල්ලට එරෙහි වූවා සේ මිනිස්සු ජවිපෙ බොරු කැරැල්ලට එරෙහි වෙයිද?’

තවම කියන්න කල් වැඩිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාලිමා ආණ්ඩුව කරන්නෙත් ගිය ආණ්ඩුව කරපු වැරැද්දමයි! ග්‍රාමනිලධාරීන් අස්වැසුම රාජකාරිවලින් අයින්වෙන්න තීන්දු කරයි! I Sri Lanka Latest News‍

Next Post

ශිෂ්‍යත්වෙන් එක පන්තියෙ 24ක් පාස් කරපු ගොඩනැගිලි දෙකක් විතරක් තියෙන පුංචි ඉස්කෝලෙට ‘මව්රට’ ගිය ගමන! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.