• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන ගැලරිය සහ බයිස්කෝප් ගැලරිය! Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට ලියන විට මැතිසබයට අමතරව නිතරම පෙනෙන දෙයක් වන්නේ මහජන ගැලරියයි.
තමන් වෙනුවෙන් ඡන්දයෙන් පත්කරන ලද ජනතා නියෝජිතයන් රටේ උත්තරීතරම ස්ථානය වන පාර්ලිමේන්තුවට පැමිණ ඔවුන් ඉදිරිපත් කරනු ලබන අදහස් තර්ක, විතර්ක සියැසින්ම දැකබලා ගැනීම සඳහා රටේ පොදු මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය වෙන්වී ඇත.
දැන් වසර 10ක 15ක කාලයක සිට මහජන ගැලරිය බොහෝ වේලාවන්වලදී හිස්ය. Sri Lanka Latest News

මහජන නියෝජිතයන්ගේ තර්ක විතර්ක අදහස් හා යෝජනාවලට සවන් දීම වෙනුවෙන්ම පැමිණෙන ජනතාව ඉතාමත්ම අල්පය.
මේ වනවිට මහජන ගැලරියට වැඩිපුරම පැමිණෙන්නේ අදාළ ප්‍රදේශයේ මැති ඇමැතිවරයාගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආසනයේ ආධාරකරුවන්ය. නැත්නම් හිතවතුන් හෝ ඥාති මිත්‍රාදීන්ය.

එසේත් නොමැති නම් අදාළ කැබිනට් ඇමැතිවරයාගේ, එසේත් නොමැතිනම් නියෝජ්‍ය ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ය. බොහෝ විට අයවැය විවාදවලදී මහජන ගැලරිය පිරී යන්නේ මෙම රාජ්‍ය නිලධාරීන්ගෙන්ය. නමුත් මේ කිසිවකු මහජන ගැලරියේ සිට ජනතා නියෝජිතයන්ගේ කතාවලට එතරම් උනන්දුවකින් සවන් දෙන බවක් දක්නට නොලැබේ.

ඔවුන් බොහෝ විට සභා ගර්භය තුළ තිබෙන අලංකාරත්වය, ගෘහ නිර්මාණ ශිල්පය, සැරසිලි පිළිබඳ දැඩි අවධානයක් යොමුකළද මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කතාවලට නම් එතරම් අවධානයක් නොදක්වන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇත.

පාසල් දරු දැරියන් නම් මහජන ගැලරියට පැමිණි පසුව මැති ඇමැතිවරුන්ගේ කතා ගැන යම් අවධානයක් යොමු කළද සුදුසු නැති වචනවලින් ජනතා නියෝජිතයන් ආමන්ත්‍රණය කරගත් අවස්ථාවලදී පාසල් දරුවන් මහජන ගැලරියෙන් ඉවත් කරගැනීමට පොලිස් නිලධාරීන් යුහුසුලුව කටයුතු කිරීම සාමාන්‍ය දෙයකි.

මැතිසබය තුළ එකිනෙකාට චෝදනා කරගනිමින් යම් උණුසුම් අවස්ථා ඇතිවී විශාල ගෝරියක් දක්වා එය වර්ධනය වුවහොත් මහජන ගැලරියේ සිටින පිරිස් ඉවත් කරන අතර, ඔවුන් සමහර අවස්ථාවලදී ඉවත්ව යන්නේ හරිම අකැමැත්තෙනි. ඊට හේතුව කතාවලට වඩා ගෝරි දිහා බලා සිටීමට ඇතැමුන් දක්වන කැමැත්තය.

එම නිසා මහජන ගැලරිය පිනවීමට නම් මැතිසබය තුළ ගෝරි දාගත යුතුද යන පැනය කෙනකුගේ සිතේ ඇතිවීමට පුළුවන.
බයිස්කෝප් චිත්‍රපටවලදී ගැලරියේ විසිල් එක හා චියර් එක ලැබුණේ වීරයා හා දුෂ්ටයා අතර ඇතිවන ගෝරිවලදීය.
නමුත් මැතිසබයේ මහජන ගැලරිය සහ සිනමා ශාලාවේ බයිස්කෝප් ගැලරිය අතර වෙනසක් ඇත.

බයිස්කෝප් ගැලරිය බලාපොරොත්තු වන දේ මැතිසබයේ මහජන ගැලරිය බලාපොරොත්තු නොවේ. නමුත් බයිස්කෝප් ගැලරිය පිනවූ ආකාරයට එදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පිනවූ යුගයක්ද අපට තිබිණි.

ඒ නිසාම 50, 60, 70, 80 දශකවල මෙන්ම 90 දශකයේ මුල් කාලයේදී මැතිසබයේ මහජන ගැලරිය පිරීගිය අතර, මහජන ගැලරිය හොඳින් පිනවූ බව පාර්ලිමේන්තු ඉතිහාසය කියාපායි.

ඒ කාලවලදී මහජන ගැලරිය නැරැඹීමට වැඩිපුරම පැමිණියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. ඊට අමතරව විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් මෙන්ම රටේ ආර්ථික, සමාජ තත්ත්වයන් පිළිබඳ උනන්දු වන සිවිල් පුරවැසියන්ගෙන්ද මහජන ගැලරිය පිරීගිය අවස්ථා බොහෝය.
නමුත් මෑත කාලයේදී නම් (2022 අරගල සමයේදී) විශ්වවිද්‍යාල සිසුන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ ගත්තේ මහජන ගැලරියට පැමිණීමට නොවේ. ඔවුන් සැලසුම් කළේ පාර්ලිමේන්තුව වටකර එය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමටයි. එදා එසේ වූවා නම් මෙරට දේශපාලන ස්ථාවර බව කැඩීගොස් අද වනවිට ශ්‍රී ලංකාව තවත් බංග්ලාදේශයක්, සිරියාවක්, පලස්තීනයක් වීමට ඉඩ තිබිණි.

මෙරට පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පිරීගොස් එහි පැමිණෙන පිරිස් පිනායෑමට හේතු වූ ප්‍රධානතම කරුණ වූයේ ඒ කාලයේදී මැතිසබය තුළ ඇතිවූ විද්වත් තර්ක, අදහස්, කතාබස් සහ යෝජනා ආදිය බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන්ද පිරීගියේ එම නිසාය.

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොන්විල් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා, පීටර් කේනමන්, ජේ.ආර්. ජයවර්ධන, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිර්ගාමර්, ජී.ජී. පොන්නම්බලම්, සරත් මුත්තෙට්ටුවේගම, වාසුදේව නානායක්කාර, රංජන් විජේරත්න, නිශ්ශංක විජේරත්න, රණසිංහ ප්‍රේමදාස, රොනී ද මැල්, ඒ. අමිර්තලිංගම්, ආර්. සම්පන්දන්, නීලන් තිරුචෙල්වම්, ඒ.සී.එස්. හමීඩ්, ඒ.එච්.එම්. අෆිරොෆ්, රවුෆ් හකීම් ඇතුළු දේශපාලනඥයන් එදා මැතිසබය තුළ දැක්වූ අදහස්, යෝජනා, චෝදනා, තර්ක විතර්ක අදටත් බොහෝ දෙනකු තුළ මතකයට පැමිණීම විශේෂත්වයකි.

රටේ සමාජ, ආර්ථික තත්ත්වයන් පමණක් නොව එදින පාර්ලිමේන්තු විවාදයේදී කතාකරන මාතෘකාවට අදාළව අදහස් දැක්වීම වාගේම යාවත්කාලීන වූ කරුණු රැසක් එම කතකාවලට ඇතුළත් කිරීමද කෙපීපෙනේ.

සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන්ද විද්වත් අදහස් ඉදිරිපත් කිරීම ඒ කාලයේදී කැපීපෙනුණු කාරණයක් විය.
අනුර බණ්ඩාරනායක, ගාමිණී දිසානායක, ලක්ෂ්මන් කදිර්ගාමර්, සරත් මුත්තෙට්ටුවේගම, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු ඇතැම් ජනතා නියෝජිතයන් සතුව තිබුණු ඉංග්‍රීසි භාෂාවේ දැනුම, ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ දැනුම පමණක් නොව, ඉංග්‍රීසි භාෂාවේ අලුත් වචන තම කතාවලට එක්කරමින් ඉංග්‍රීසි ඉගෙනගන්නා පිරිස් දැනුවත් කිරීමට උත්සාහ කළ සංස්කෘතියක්ද එකල පැවැතිණි.
වරක් අනුර බණ්ඩාරනායකගේ කතාවකට සවන් දුන් විදේශ රටවල් කිහිපයක නියෝජිතයන් අනුර හමුවී සුබපැතුම් එක්කරමින් කීවේ ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම ගැන ඔවුන් පුදුමයට පත්වූ බවයි.

මෙම විද්වත් කතිකා පාර්ලිමේන්තුව තුළ ඇතිවීමට පාර්ලිමේන්තු පුස්තකාලයද ඉවහල් වූ බව නොරහසකි.
පෙර නම් සඳහන් කළ නොකළ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් අතර, දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ප්‍රයෝජන ලබාගන්නේ ඉතාමත්ම සීමිත පිරිසකි. (පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ප්‍රයෝජන ලබාගන්නා ආකාරය ගැන වාර්තාවක් ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.)

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු මෙන්ම හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතාට මේ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති නිසා පාර්ලිමේන්තුවේ විද්වත් කතාබස් ගැන ඔහුගෙන් විමසීමක් කළෙමි.

‘කථිකයා කවර දේශපාලන දර්ශනයක් දරන්නෙකු වුණත් පාර්ලිමේන්තු සභාගැබේ ඉදිරිපත් වූ හරබර කතාවලට සවන් දීමට මහජන ගැලරියේ සිටින පිරිස් පමණක් නොව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළ තිබුණේද දැඩි උනන්දුවක්. එදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නවකයන් වූ අපට අපේ ඉංග්‍රීසි භාෂාවේ දැනුම වර්ධනය කරගැනීමට එදා ඉංග්‍රීසියෙන් හරවත් විවාදවලට එක්වූ ජනතා නියෝජිතයන් නිසා හැකියාවක් ලැබුණා…’

‘එවක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය හෙබවූ හිටපු සිවිල් පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය නිශ්ශංක විජේරත්න මහතා ඉතා හොඳින් ඉංග්‍රීසි භාෂාවෙන්ද අදහස් දැක්වූ විද්වතෙක් හැටියට හඳුන්වන්න පුළුවන්…’

‘ලතින් ආප්තෝපදේශ හා නෛතික පාඨවලින් සිය කතාව රසවත් හා හරවත් කරමින් නිශ්ශංක විජේරත්න මහතා ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතා බොහෝ දෙනකුට ඉතා වැදගත් වුණා. ඒ අතරතුර ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය කෙරෙහි ඇල්මක් දක්වන ආධුනිකයන්ගේ දැනුම පුළුල් කිරීමටත් ඒ මහතා පියවර ගත්තා…’

‘හිටපු කතානායකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වූ අනුර බණ්ඩාරනායක මහතාද දක්ෂ කථිකයෙක්. පාර්ලිමේන්තු පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් දේශපාලනඥයෙක් හැටියට අනුර බණ්ඩාරනායක මහතා අවිවාදයෙන් නම්කරන්න පුළුවන්…’

‘තමා විවාදයේදී කතාකරන මාතෘකාව පිළිබඳ පෙර සූදානමක් සහිතව හොඳින් කරුණු අධ්‍යයනය කිරීමේ පුරුද්දක් අනුර බණ්ඩාරනායක මහතාට තිබුණා…’
‘සාමාන්‍යයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කතාවක් කරනවා නම් ඊට පෙර දින පාර්ලිමේන්තු පුස්තකාලයේ දවල් කාලයේත්, රෑ වෙනතුරුත්, තමාගේ නිවෙසේ තිබෙන පෞද්ගලික පුස්තකාලයේත් වැඩිපුර කාලයක් ගතකිරීම අනුර බණ්ඩාරනායක මහතාගේ පුරුද්දක් වෙලා තිබුණා.’
‘අධිකරණයෙන් පාර්ලිමේන්තුවට ලැබුණු නියෝගයක් පිළිබඳ එවක කතානායක ලෙස අනුර බණ්ඩාරනායක මහතා 2001 වසරේ ජුනි මස ලබාදුන් තීන්දුව :රමකසබට* අදටත් දේශපාලන විචාරකයන් ඇතුළු බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වෙනවා.’

‘ගාමිණී දිසානායක මහතාත් නිතරම පොත්පත් කියවන දේශපාලනඥයෙක්. ලෝකයේ වැඩිපුරම කියවන පොත කොහොම හරි හොයාගෙන ගාමිණී දිසානායක මහතා කියවනවා. ගාමිණී දිසානායක මහතා කොහේ ගියත් පොතක් දෙකක් අරගෙන තමයි යන්නේ කියවන්න…’
‘වරක් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරියක වූ මාර්ග්‍රට් තැචර් මහත්මිය වික්ටෝරියා වේල්ල විවෘත කරන්න ශ්‍රී ලංකාවට ආපු වෙලාවෙදී ගාමිණී දිසානායක මහතාගේ ඉංග්‍රීසි දැනුම ගැන ප්‍රශංසා කරලා තියෙනවා…’

‘ලක්ෂ්මන් කදිර්ගාමර්, රනිල් වික්‍රමසිංහ වැනි මහත්වරුනුත් ඉංග්‍රීසි පිළිබඳ පුළුල් දැනුමක් ඇති දේශපාලනඥයන් වශයෙන් හඳුන්වන්න පුළුවන්…’ යනුවෙන් පාර්ලිමේන්ුවේ හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතා ප්‍රකාශ කළේය.

ඉහත සඳහන් කළ කරුණු මෙවර පාර්ලිමේන්තුවට අලුතින් පැමිණ සිටින ජනතා නියෝජිතයන්ට ඉතාම වැදගත් වේ.
පාර්ලිමේන්තුවේ පුස්තකාලය ප්‍රයෝජනයට ගෙන පර්යේෂණ නිලධාරීන්ගේ සහාය ලබාගෙන හරවත්, වැදගත් අදහස් යෝජනා තර්ක විතර්ක සමග සිංහල පමණක් නොව ඉංග්‍රීසි භාෂාවෙන්ද දැනුම බෙදාගනිමින් කතාකරන සංස්කෘතියක් යළි ආරම්භ කළහොත් මහජන ගැලරිය පිරවීම වාගේම පිනවීමද අසීරු නොවනු ඇත.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

අඩුවට තෙල් ගන්න එක ගැන කතා කරන්න අනුර ඊගාවට යන්නෙ අරාබි එමීර් රාජ්‍යයට! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමැතිවරු මාධ්‍ය මර්දනය කරන්නද යන්නේ? කමෙන්ට් එකක් දැම්මා කියලා ඇමැති නලින් හේවගේගේ මාධ්‍ය ලේකම් තර්ජනය කරලා! ඊළඟ කෝල් එක එන්නෙ මෙහෙම නෙමෙයි කියලා! මාලිමාවේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ගේ කටවල් වහලා! ඒ අය අද කියවන්නේ පැලවත්තේ කාර්යාලයෙන් දෙන කොළයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.