• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනයයි-ලෝක සෞඛ්‍ය සංවිධානයයි ගහපු ගේම CIA හොයාගත් හැටි

June 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනයයි-ලෝක සෞඛ්‍ය සංවිධානයයි ගහපු ගේම CIA හොයාගත් හැටි
Share on WhatsAppShare on Facebook

කොරෝනා හෙවත් කොවිඞ්-19 මාරක වෛරසය ආසාදිත වීමෙන් මේ වන විට ලෝක ප්‍රජාවගෙන් දෙලක්‍ෂ අසූ දහසකට (2,80,000) වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.එම ප්‍රමාණයෙන් හතරෙන් එකක්ම ඇමරිකන් පුරවැසියෝය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඞ්රොස් ඇඞ්හැනම් ගේබි්‍රයේසුස් (Tedros Adhanom Ghebreyesus) චීන ජනාධිපති සි ජිං පිං පසු ගිය ජනවාරි විසි එක් වැනි (21)දා පෞද්ගලිකවම පීඩනයක් (බලපෑමක්- pressure ඇති කළ බවට ජර්මනියේ බුද්ධි අංශයේ වාර්තාවක් එරට පුවත්පතක පළ විය.
එහෙත් කොරා්නා වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාව (P.H.E.I.C-Public Health Emergency of International Concern) නිවේදනය වෙනස් කිරීම හෝ ප්‍රමාද කිරීම හෝ සම්බන්ධව චීන ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමක් ඇතැයි යන මතය ලෝක සෞඛ්‍ය සංවිධානය බැහැර කරතත් එවැනි උත්සාහයක නැමියාව නිලධාරින් කෙරෙහි ඇත්දැයි යන්න නොකියා කියයි.
මේ සාකච්ඡාවේ දී අපේ සාමාජික රටක් විවේචනය කිරීමක් අපේ නැහැ.එ හෙත් අපට එකක් කිව හැකියි.ලෝකයේ සෑම රටකම වෙසෙන මානව ප්‍රජාවගේ ආරක්‍ෂාව ඉලක්ක කර ගත් සාධක පදනම් කරගනිමින් ඉදිරිපත් කෙරෙන දත්ත මත සහ අපට පැවරී ඇති නීතිමය රාමුවෙන් බැහැර නොවී ඒ තුළම පිහිටා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ බව නම් කිව හැකි යැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයකු වන ක්‍රිස්ටියන් ලින්ඞ්මියර්කියයි.
ඔහු වැඩිදුරටත් මෙ සේ ද පැවසුවේ ය.
පක්‍ෂග්‍රාහී නොවන ස්වාධීන විිශේෂඥයින්ගේ අවවාද අනුශාසනා,ප්‍රායෝගික මහජන සෞඛ්‍ය හිතකාමී ක්‍රියාකාරකම්,නිවැරදි දත්ත සහ සාධක ආදී සියලු කරුණු කාරණා පදනම් කරගෙනයි අපි සියලු දේ කරන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂජනරාල් ආචාර්ය ටෙඞ්රොස් ඇඞ්හැනම් ගේබි්‍රයේසුස් චීන ජනාධිපති සි ජිංපින් පසුගිය ජනවාරි මාසයේ විසිසේ සිට විසි තුන් වැනි දා(20-23) දක්වා කාලය තුළ සම්බන්ධතාවක් පැවැත්වූයේ නැහැ. අධ්‍යක්‍ෂජනරාල් ටෙඞ්රොස් සහ ඔහුගේ කණ්ඩායමක් චීන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි විසි අට(28) වැනි දා චීනයේ බෙයිජිංවලදී හමුවී සාකච්ඡාවක් නම් පැවැත්වුවා. එහෙත් ඒ සාකච්ඡාවේ දී කොරා්නා වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි අවස්ථාව ගැන කරුණු සාකච්ඡා වූයේ නැහැ. ඇමරිකාවේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට ප්‍රකාශ කළේ චීන ජනාධිපතිවරයා එහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑමක් හෝ කිසියම් පීඩනයක් හෝ කළේ දැයි යන්න කිව නොහැකි බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පසු ගිය ජනවාරි තිස් (30)වැනිදා හදිසි සෞඛ්‍ය අවස්ථාවක් ප්‍රකාශ කළ අවස්ථාවේදී හෝ චීනය කිසියම් වරදක් කර ඇති බවක් සඳහන් කළේ නැත. එහෙත් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්ෂිකව දෙන අරමුදල් ප්‍රදානය පසු ගිය මාර්තු මාසයේ දී අත්හිටවීමට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ගැති බව ප්‍රකාශ කිරීම ගැන ජනවාරි තිස් (30)වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී තම කෝපයේ ගිනිපුළිඟු ප්‍රදර්ශනය කළ බව නම් පැහැදිලිවම පෙනෙන්නට තිබිණ. මේ කතා කරන්නෙ චීනයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න නෙවෙයි, යනුවෙන් තිස් (30) වැනි දා පැවති සාකච්ඡාවේ දී සාකච්ඡාවට භාජනය කෙරුණු කරුණු ගැන සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂජනරාල් ටෙඞ්රොස් ඇඞ්හැනම් ගේබි්‍රයේසුස් වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයට යමක් කළ හැකිව තිබූ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග අපේ (ඇමරිකාව) අනාගත පැවැත්ම සම්න්ධයෙන් මම ඉතා ඉක්මණටම තීන්දුවක් ගන්නවා, ජනාධිපති ට්‍රම්ප් පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය. කොරෝනා මාරයා වුහාන් නගරයෙන් ආරම්භ වී විශාල ප්‍රමාණයෙන් මිනිස් ජීවිත බිලිගනිමින් ලෝ පුරා පැතිරීම සම්බන්ධයෙන් චීනය මූලිකව කට යුතු කළ ආකාරය ගැන ලෝකයේ දසදෙසින්ම පාහේ විවේචන එල්ලවී තිබේ. පැතිරෙන කොරෝනා වසංගතය දෙස චීනය නිකම් බලා සිටිද්දී එ රට වෛද්‍යවරු ලෝකය සීරුවෙන් තබන්නට උත්සුක වූහ. වුහාන් නගරයෙන් කොරෝනා වසංගතය බෝවී මිනිසුන් මැරීවැටෙද්දීත්, වෛරසය ආසාධිත තවත් පිරිස් චීනෙන් වෙනත් රටවලට ගොස් දැනුවත්ව හෝ නො දැනුවත්කමින් හෝ වසංගතය ලෝ පුරා පැතිරෙන්නට ඉඩ හැර මේ තත්ත්වය ලොවට අනාවරණය නොකර චිනය නිහඬව කල් මරමින් දින හයක්ම (6) සිටි බව ඇසෝසිඒටඞ් ප්‍රෙස්මාධ්‍ය කියයි.
වුහාන් නගරයේ පර්යේෂණාගාරයකින් කොරා්නා වෛරසය බෝවී පැතිරී ඇතත් ඒ බව සනාථ කරන්නට සාක්‍ෂි නැතැයි ඇමරිකානු බුද්ධි අංශ කියයි. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිවුස්වීක්ස් පුවත් පත චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසුවත් කිසිම පිළිතුරක් ද ලැබී නැත. එහෙත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පසුව පවත්වා ඇති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවසා ඇත්තේ චීන ජනාධිපතිවරයා ජනවාරි විසි එක් (21) වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂජනරාල්වරයා සමග දුරකථනයෙන් කතා නොකළ බවයි.
ඇමරිකාවේ ස්වදේශීය කටයුතු දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ වාර්ථාවක් සඳහන් කර ඇත්තේ චීනය පසුගිය ජනවාරි මාසයේ සිටම කොරෝනා වෛරසය පිළිබඳ විස්තර තොරතුරු වසං කර වෛද්‍ය උපකරණ ආදිය රැස්කර ගත් බවයි. එහෙත් වොෂිංටනයේ චීන තානාපති කාර්යාලය එම පුවත පදනම් විරහිත එකක් බව පවසමින් ප්‍රතික්‍ෂේප කරන බව නිවුස්වීක් මාධ්‍ය මගින් ප්‍රකාශ කෙළේ ය. චීනයේ රේගු පරිපාලන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසු ගිය ජනවාරි විසි හතර (24)වැනි දා සිට පෙබරවාරි විසි නම (29)වැනි දා දක්වා කාලය තුළ පෞද්ගලික සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ ඒකක කෝටි දෙසිය පනස්දාහක් (25,00,00,00,00,000) චීනයට ආනයනය කරනු ලැබ තිබේ. ඒ තොගයෙන් කෝටි දෙසියක්ම (2,00,00,00,000) මුඛාවරණ බව හඳුනා ගෙන ඇත. තම රටට අවශ්‍ය පෞද්ගලික සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ සපයා ගැනීම සඳහා චීනය ලෝකයේ බොහෝ රටවලට ඇමතුම් දී ඇති බව ද අනාවරණය වී ඇත. ඇණවුම් භාරගත් රටවල් තමන්ට (තම රටට) අවශ්‍ය වෙතැයි යන්න පවා අවබෝධ කර නොගෙන චීනයට සියල්ල අපනයනය කර තිබේ.
වුහාන් නගරයෙන් බෝවුණු වෛරසය චීනය පුරා ද අනතුරුව චීන දේශ සීමාවේ වැට මායිම් පසුකර ලෝකය පුරා ද පැතිරුණු පසු චීනය වෙස්සන්තර චරිතය රඟමින් මුඛාවරණ ආදිය පිරනැමීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කෙළේය. චීනය ඇමරිකවෙට පවා ඒ අනුව මුඛාවරණ යැව්වේය.
තම රටවාසීන් කොරෝනා වෛරසයෙන් රෝගීන් වෙතැයි යන ආරංචිය චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට පළමු වරට දැන්වුවේ පසුගිය වසරේ් (2019) දෙසැම්බර් තිස් එක් (31) වැනිදාය. අනතුරව නිල වශයෙන් ඇමරිකාව දැනුවත් කෙළේ මේ වසරේ (2020) ජනවාරි තුන් (3)වැනිදාය. කෙනකුගෙන් කෙනකුට කොරා්නා වෛරසය ආසාධනය වන බව චීනය (බෙයිජිං) වාර්ථා කළේ ජනවාරි විසි (20) වැනිදාය. මේ කාලය හදිසි අවස්ථා සමයක් ලෙසට ප්‍රකාශ කිරීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි විසි දෙක (22)සහ විසි තුන (23)දා යන දෙදිනම යෝනාවක් ඉදිරිපත් කළද කොමිටියට ඒ සඳහා තීන්දුවකට පැමිණීමට නොහැකි විය. යෝජනාව සම්මත වී හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශ කෙරුණේ ජනවාරි තිස් (30) වැනිදාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයකු වන ක්‍රිස්ටියන් ලින්ඞ්මියර්නිවුස්වීක් මාධ්‍යට පසුගිය දා මෙසේ කීය. ලෝක සෟඛ්‍ය සංවිධානයේ ව්‍යවස්ථාවේ තිස් හත් (37)වැනි වගන්තියේ දැක්වෙන්නේ සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයයි. සංවිධානයේ සාමාජිකත්වය දරන සැම රටක්ම ඔවුනට ගරු කළ යුතුය. එසේම ඔවුනට බලපෑමක් ද කළ නොහැකි බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මූලික (පාදක) කර ගෙන කටයුතු කරන්නේ විදා්‍යාත්මක නිර්දේශ, අගනා මහජන සෞඛ්‍ය ප්‍රාගුණ්‍ය සාධක, දත්ත,සහ ස්වාධීන විිශේෂඥයින්ගේ අවවාද අනුශාසනා මතයි යන්න ක්‍රිස්ටියන් ලින්ඞ්මියර් වැඩි දුරටද සඳහන් කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝඨා දැන් ජනප්‍රියද නැද්ද…? අලුත්ම මතවිමසුමක ප්‍රතිපල එළියට (රාජ්‍ය රහස්)

Next Post

සිරිකොතේ අලි වලියක්: රැස්වීම මග නවතී (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.