• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියගේ බෙහෙත් වංචාව හෙළිකළ දොස්තර චමල් අලුත්ම එකකින් ආයෙත් එයි! Sri Lanka Latest News

January 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කෙහෙළියගේ හොරකම් අල්ලපු දොස්තර චමල් සටන නවත්වලා නෑ! ඊයේ පෙරේදා උණුඋණුවේ වෙච්ච තවත් මහා හොරකමක් එළියට දායි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපි පසුගිය සතියේදී අනාවරණ කළා රාජ්‍ය ඖෂධ සංස්ථාව අසාදු ලේඛනගත, නියමිත පරිදි රජයට අධිභාරයකට ගෙවිය යුතු සමාගමකට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ලංකාවට විෂබීජ නාශක මුඛ දියර බෝතල් 2,70,000ක් ගෙන්වීම සඳහා එහි ටෙන්ඩර් මණ්ඩලය මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී ඒ සමාගමට අවශ්‍ය කරන ටෙන්ඩරය ප්‍රදානය කළ බව. අපි එතැනදී ප්‍රශ්න කළා අසාදුගත සමාගමකට නැත්නම් රජයට මිලියන 170ක් අයවිය යුතු සමාගමකට අදාළ අධිභාරය අයකර ගැනීමකින් තොරව හෝ නීත්‍යනුකූල පියවර ගැනීමකින් තොරව මාස එකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ සමාගම මේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ දිගින් දිගටම ගමන් කළේ කෙසේද කියලා බරපතළ ප්‍රශ්නයක් තිබෙන බවත්, මේ ටෙන්ඩරය වහා අවලංගු කිරීමට කටයුතු කරලා මේ සිදුවීම ගැන විමර්ශනයක් සිදුකළ යුතු බව. (Sri Lanka Latest News)

අපි සතුටු වෙනවා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා අප ඉදිරිපත් කරපු තාක්ෂණික ගැටලු පිළිඅරගෙන ඔහු කියනවා අසාදුගත සමාගමකට ටෙන්ඩරයක් දෙන්න ගියා, හැබැයි ඒකේ තොරතුරු අනාවරණ වීම නිසා ඒක වළක්වගන්න, නැත්නම් ඒක අවලංගු කරන්න කටයුතු කරපු බව. හැබැයි මේ වගේ මාධ්‍ය නිවේදන දැක්කම අපට මතක් වෙනවා කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී අපි යම් දූෂණයක් වංචාවක් හෙළි කළාම ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මාධ්‍ය නිවේදන නිකුත් කළා. ඒ දූෂණය වංචාව වහන්න සුදු හුණු ගාන්න කටයුතු කළා. එදා දූෂණ වංචා අක්‍රමිකතා වහන්න සුදු හුණු ගාන්න මාධ්‍ය නිවේදන නිකුත් කරපු නිලධාරීන් වැඩි දෙනෙක් දැන් ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඒ වගේම තමයි ඒ සමාගම් ආරක්ෂා කරන්න දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන්න කටයුතු කරපු ඒ මාධ්‍ය නිවේදන නිකුත් කරපු නිලධාරීන්ට ඒ ඖෂධ සමාගම්වල සැපයුම්කරුවන් මුදල් ලබාදීපු හැටි, මුදල් බෙදාදීපු හැටි ගැන දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු අනාවරණ වෙමින් යනවා.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිඅරගෙන මේක නතර කරන්න කටයුතු කරපු බවට නිකුත් කරපු මාධ්‍ය නිවේදනය අපි සතුටින් පිළිගන්නේ එක පැත්තකින් අපි අනාවරණ කරපු කරුණු තාක්ෂණික වශයෙන් සත්‍ය බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පිළිගත්ත නිසා. හැබැයි ඒ මාධ්‍ය නිවේදනය පමණක් මේ සිදුවෙන්න ගිය වංචාව සුදුහුණු ගාලා වහන්න රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට පුළුවන්කමක් නෑ. රටේ තියෙන නීතිය අනුව අල්ලස් හා දූෂණ විරෝධී පනත අනුව රාජ්‍ය ආයතනයක දූෂණයක් වංචාවක් අක්‍රමිකතාවක් සිදුවෙන්න ගියා නම් ඒක සම්බන්ධව විමර්ශන කරලා, ඒ ක්‍රියාවලිය පිටුපස හිටපු සියලු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඒ රුපියල් මිලියන 37ක ප්‍රසම්පාදන වංචාවත් යටගහන්න උත්සාහ දැරීමත් බරපතළ අපරාධයක් ලෙස අපි සලකනවා. ඒ නිසා මේ ප්‍රසම්පාදන ආරවුල මාධ්‍ය නිවේදනයකින් පමණක් යටපත් කරන්න සූදානම් වෙන්න එපා කියලා අපි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට ඉතා පැහැදිලිව සඳහන් කරනවා. මොකද හේතුව, ඔබ සභාපති ධුරය දරන ආයතනය තුළ මාස එකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ මේ ප්‍රශ්නසහගත සමාගමකට ප්‍රසම්පාදනය ලබාදීමට අවශ්‍ය කරන ලියකියවිලි දිගින් දිගටම ගමන් කළා නම්, ඒක ගැන කරුණු සඟවලා මාධ්‍ය නිවේදනයකින් ඒක යටපත් කිරීමම බරපතළ මූල්‍ය අපරාධයක්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඔබේ මාධ්‍ය නිවේදනය පදනම් කරගෙන මේ සම්බන්ධව නීතිමය පියවර ගන්න කටයුතු කරනවා.

ඒ වගේම තමයි ඔබේ ලිපිය තුළ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මේ සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් බව. හැබැයි මේ ප්‍රසම්පාදන කමිටුවේ අස්සන් කරන ඔබේ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ ගණකාධිකාරිවරයා මේ ප්‍රසම්පාදන ප්‍රදානය කරලා කියන්නේ මොකක්ද? ඉතා පැහැදිලියි මේ ප්‍රසම්පාදනය ලබාදෙන විට මේ කියන සමාගමට අදාළ ඖෂධ කාණ්ඩය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් රසායනාගාර සහතිකයක් නොතිබිච්චි බව. ඔබට කියනවා මේ රටේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් ඖෂධ නිෂ්පාදන ශල්‍ය උපකරණ සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් තියෙන ප්‍රසම්පාදන නීතිරීතිවල 16,17,18,19 පිටු කියවන්න. කිසිදු සමාගමකට රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ප්‍රසම්පාදනයට ඇතුළත් වෙන්නවත් පුළුවන්කමක් නෑ ඒ ප්‍රසම්පාදනය ආරම්භ වෙන මොහොත වන විට. පිළිගත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය අදාළ ඖෂධ හෝ ශල්‍ය උපකරණ කාණ්ඩයට නැත්නම්. ඒ නිසා සමාගමක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හරි ඖෂධ නියාමන අධිකාරියේ හරි ලියාපදිංචි සමාගමක් වූ පලියට, ඒ සමාගමට පුළුවන්කමක් නෑ තමන්ගේ විවිධ නිෂ්පාදන සඳහා ඒ පිළිගත් ලියාපදිංචි සහතිකය නැතිව ඉදිරිපත් කරන ඖෂධය හෝ ශල්‍ය උපකරණ කාණ්ඩයට පිළිගත් ලියාපදිංචි සහතිකය නැතුව ප්‍රසම්පාදනයට ඇතුළත් වෙන්න. ඒ කියන්නේ ඔබේ ලිපිය අනුව මේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ගැන ඔබ කිසිදු සඳහනක් කරන්නේ නෑ. ඒ නිසා එක පැත්තකින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විමර්ශනයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සමාගමකින් අධිභාරයක් අයකර ගැනීමට තීරණය කරලා දැන් මාස 2ක් පමණ ගතවෙලාත් අද දක්වා මේ සමාගමට විරුද්ධව නීත්‍යනුකූලව පියවර ගන්න නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර නැති බව අපට විශ්වාසයි. එහෙම නම් ඔබේ ආයතනයේ අඩුපාඩු වහන්න මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා පමණක් හරියන්නේ නෑ. මේ සමාගම සම්බන්ධව මේ ප්‍රසම්පාදන යාන්ත්‍රණයට සම්බන්ධ වෙලා හිටපු, මේ කරුණු වසං කරලා ප්‍රසම්පාදන යාන්ත්‍රණය දිගටම කරපු පිරිසට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්න ඕනේ.
අපි නෙවෙයි මේ සිදුවීම ගැන නීති අංශවලට පැමිණිලි කරන්න ඕනේ. ඔබ සහ ඔබේ ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මණ්ඩලය. ඒ නිසා අපි කියනවා මේ වගේ මාධ්‍ය නිවේදනවලින් සුදු හුණු ගාන්න ගාන්න මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තවත් අගාධයට වැටෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය පරිදි තම තමන්ට කැමැති පරිදි නිලධාරීන්ට අවශ්‍ය විදියට සමාගම්වලට අවශ්‍ය විදියට සැපයුම්කරුවන්ට අවශ්‍ය විදියට රටේ පිළිගත් ප්‍රසම්පාදන නීතිරීති වෙනස් කිරීමේ ආදීනව දැන් අධිකරණය හමුවේ සනාථ වෙමින් පවතින නිසා මින් ඉදිරියට හෝ මේක නොවෙන්නට නම් ඔබට පුළුවන් අපේ රටේ තිබෙනවා ජාතික පරිපාලන කළමනාකරණ විද්‍යායතනය හරහා මේ නිලධාරීන්ට ප්‍රසම්පාදනය ගැන විධිමත් පුහුණුවක් ලබාදෙන්න. එහෙම නැත්නම් මේ විවිධ දේශපාලන පත්වීම් මත පැමිණෙන මේ නිලධාරීන් තම තමන්ට අවශ්‍ය පරිදි නම්මා ගන්න රවටා ගන්න මේවායේ මුල් බැසගත්ත නිලධාරීන්ට හරි පහසුයි. ඒ නිසා අපි ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ ප්‍රසම්පාදන ආරවුල් කඩිනමින් විසඳන්න ඕනේ. මොකද, නිලධාරීන් විසින් සිදුකරන මේ ප්‍රසම්පාදන ආරවුල්වල අවසානයේ කළු පැල්ලමක් එකතු වෙන්නේ රටේ ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට. ඒ නිසා අපි කියනවා මේ සම්පූර්ණ සිදුවීම මාධ්‍ය නිවේදනයකින් යටපත් කරන්න එපා. මේ සිදුවීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විමර්ශනයක් කරන්න.

ඒ වගේම මේ මාධ්‍ය නිවේදනය අවසානයේ රාජ්‍ය සංස්ථාවේ සභාපතිවරයා යම් තර්ජනාත්මක ස්වරූපයකට කියනවා මේ කරුණු හෙළිකරන්නන්ට නීතිමය පියවර ගන්නා බව. අපි කියනවා ඔය වගේ තර්ජනවලට අපි බයවෙලා හිටියා නම් අදත් කෙහෙළිය රඹුක්වැල්ල මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා බව ඔහු මතක තබාගත යුතුයි. ඒ නිසා දේශපාලන පත්වීම් තාවකාලිකයි. මේ රටේ මහජනතාව, වෘත්තීය හා සිවිල් සංවිධාන, මේ රටේ දේශපාලන පත්වීම් අරගෙන රාජ්‍ය සේවයට එන වෛද්‍ය මනෝජ් වීරසිංහලා වගේ අය ගැන දැඩි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා දේශපාලන බලයෙන් ඉදිමිලා මේ කරුණු අනාවරණ කරන වෘත්තීය හා සිවිල් සංවිධාන නායකයන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් මාධ්‍ය නිවේදන තුළ ප්‍රකාශ නිකුත් කරනවා නම් ඒ ගැන අපි අතිශයින්ම කනගාටුව සහ බලවත් අප්‍රසාදය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට පළකරන්න කැමැතියි.’

SendShareShare
Previous Post

විදේශ ඇමැතිතුමා මෙන්න කරනවා නම් වැඩක්! අල්ලන්න මේ රුසියානු ග්‍රේචා! Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ගැන ජනපතිට බරපතළ සංදේශයක්! දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය හා මානව හිමිකම් සංවිධාන 25ක් අස්සන් කරයි! මේ විදියේ සංදේශයක් මෙරට ජනපතිවරයකුට දුන් ප්‍රථම අවස්ථාව! මාධ්‍ය නිදහසට අදාළව නව රජයේ හොඳ නරක සියල්ල හෙළි කරයි! ඉක්මනින්ම පියවර ගත යුතු යෝජනා කිහිපයක්ම ප්‍රකාශ කරයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.