• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”රට කම්බස් කරන්න හදන්නේ….” බස් හුඹස් අස්සේ ඇහෙන දෙබස්! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
”රට කම්බස් කරන්න හදන්නේ….” බස් හුඹස් අස්සේ ඇහෙන දෙබස්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බස්, ත්‍රිරෝද රථ සහ වෙනත් වාහනවල සවිකරපු අනවශ්‍ය කොටස් ඉවත් කිරීමට දැන් පොලිසිය උනන්දු වෙනවා. ඒ වගේම පොලිසිය මේ බස් රථ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර හොයා බලන පාටයි. බස් එකක යනකොට ඒ බස් එක අයථා විදියට ධාවනය කරනවා නම්, බස් එකේ රියැදුරු ෆෝන් කෝල් ගන්නවා නම්, බස් එකේ ඝෝෂාකාරී විදියට ගීත වාදනය කරනවා නම්, බස් එක මාර්ග නීති කඩකරනවා නම් වහාම දැනුම් දෙන්න කියලා දුරකතන අංකත් නිකුත් කරලා තියෙනවා. සමහර තැන්වල අපි දැක්කා පොලිස් නිලධාරීන් 119ට පවා කතාකරන්න කියලා කියනවා. මේ වැඩේ ප්‍රශ්න කරනවා බස් සංගම් ප්‍රධානීන්. ඒගොල්ලෝ කියනවා මානව හිමිකම් එකට පැමිණිලි කරනවා, මේක අර පොතේ නෑ, මේ පොතේ නෑ කියලා මහදැන මුත්තාගේ වගේ කතා ටිකකුත් අපි දැක්කා කියනවා. එතකොට මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමිසමෙන් ඇහුවම ඒගොල්ලෝ කියන්නෙත් සමහර වාහනවල තියෙන සවිකිරීම් සම්බන්ධයෙන් තියෙන නීතිය ඔවුන්ට මුදල් ගෙවලා අවසර අරගෙන එහෙම සවිකිරීම් කරන්න පුළුවන් කියලා. එතකොට පොලිසිය කියනවා එහෙම සවිකළත් ඒවායින් මහජනතාවට හානියක් වෙනවා නම්, මහජනතාව පීඩාවකට පත්වෙනවා නම්, එම උපාංග නිසා අනතුරකදී සිදුවෙන හානිය වැඩිවෙනවා නම් ඒවා ගලවලා අයින් කරන්න ඕනේ කියලා. මේක කියවද්දී අපිට දැනෙන දේ තමයි මේ සම්බන්ධයෙන් එක තීරණයක් නෑ. බස් සංගම්වල ප්‍රකාශ අනුව බස්වල අයට පුළුවන් මේ සම්බන්ධව ගිහින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න. ඒක බොහෝ විට ඉදිරියේදී සිදුවෙයි. (Sri Lanka Latest News)

එතකොට මානව හිමිකම් කියන වචනය අපි අර්ථකථනය කරගත්තොත්, මානව හිමිකම් කියලා කියන්නේ මානවයාගේ හිමිකම්. නැත්නම් මිනිස්සුන්ගේ අයිතීන්. එතකොට මිනිස්සුන්ට නොමැරී ජීවත් වෙන්න තියෙන අයිතිය මානව හිමිකම් ප්‍රඥප්තියෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන කොමිසමේ යම් යම් ලියවිලිවලින් හෝ උදුරාගන්නා ආකාරයේ යම් කිසිවක් සිදුකිරීමට මානව හිමිකම් කොමිසම අවසර දෙයිද? අපි බලාගෙන ඉමු. මේ සම්බන්ධයෙන් තාර්කිකව හොයා බලද්දී ආසන්නතම සිදුවීම වෙන්නේ හැටන් පාරේ සිද්ධ වෙච්ච අනතුර. ඒ අනතුරේදී සිද්ධ වෙන්නේ බස් රථයේ රියැදුරු බස් එකෙන් එළියට විසිවීම. බස් රථයේ රියැදුරු බස් එකෙන් එළියට වීසිවෙන්න හේතුව මොකක්ද? කාරණා කීපයක් තියෙනවා. මේවා මෝටර් රථ ප්‍රවාහන කොමිසම විසින් දාපු ලියවිලිවල තියෙනවාද කියන්න අපි දන්නේ නෑ. පළමු දේ තමයි මාර්ගයක වාහනයක් ධාවනය කරද්දී ආසන පටි පැලඳ සිටීම. මේක යම් වාහනවලට අවශ්‍ය නෑ. සමහර වාහනවලට අත්‍යාවශ්‍යයි. ඒක නීතියක්. ආසන පටි පැලඳ සිටියේ නැත්නම් ඔවුන්ට දඩ ගහන්න පුළුවන්, ඔවුන් වරදක් කරපු බවට හඳුනාගන්න පුළුවන් බව අපි දන්නවා. ආසන පටි නොපැලඳ ඉන්න පුළුවන්කම තියෙනවා කියන එක නිදහසට කාරණාවක් කරගන්න සමහර අය පුරුදු වෙලා තියෙනවා.

ආසන පටියක් නොපැලඳ සිටියාම මොකද වෙන්නේ කියන එකට හොඳම උදාහරණය තමයි හැටන් බස් රථ අනතුර. ඔහු ආසන පටිය නොපැලඳ මාර්ගයේ වාහනය ධාවනය කරනවා. දොර ලොක් කරගෙන නෑ. මේ මනුස්සයා අපිට පේන විදියට, අපි දන්නේ නෑ ඒක සත්‍යද කියලා. සමහර තැන්වල සඳහන් වෙනවා විට කාලා නිතරම කෙළ ගසමින් ආවා කියලා. මේවා බස් එකක යනකොට කරන්න පුළුවන්ද? කළොත් ඒක අනාරක්ෂිතද? අටුවා ටීකා ටිප්පනි අනවශ්‍යයි. ඒ අනතුරෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා. මේ තුන්දෙනාට මැරෙන්න හේතුවක් හැදුවේ මේ බස් රථයේ රියැදුරු. එහෙම මැරෙන්න හේතුවක් හදන්න බස් රථයේ රියැදුරෙකුට පුළුවන්කම තියෙනවද? ඔහු ආසන පටි පැලඳ සිටියා නම් මේ අනතුර සිදුවෙන්නේ නෑ සහ මේ මනුෂ්‍යයෝ මියයන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලි කාරණාවක්. ඒකට කිසිදු තර්කයක් නෑ. ආසන පටි පැලඳ සිටියා නම් ඔවුන් මියයන්නේ නෑ කියන එකට.

අපි දැක්කා බස් රථ රියැදුරෙක් එක්ක කතාකරන අවස්ථාවක පොලිස් නිලධාරියෙක් කියපු කතාවක්. මේක අපිට ඔප්පු කරන්න සාධක නෑ. ඔහු කියලා තිබුණා මේ තුන්දෙනාම මියගියේ අර බස් රථයේ සවිකරලා තිබුණු නිකල් පොලු කැඩිලා ඒවා ඇඟේ ඇනිලා කියලා. එතකොට බස් රථයකට නිකල් පොලු අවශ්‍ය වෙන්නේ බස් රථයේ කුමක් සඳහාද? බස් රථයේ සවිශක්තිය සඳහා නිකල් පොලු අවශ්‍යද? එහෙම නැත්නම් බස් රථය ධාවනය කරන්න නිකල් පොලු අවශ්‍යයිද? එහෙම නැත්නම් බස් රථයේ යම් යම් කොටස් ගැලවිලා යයි කියන බයට නිකල් පොලු සවිකරනවද කියන එක ගැන අපි දන්නේ නෑ. හැබැයි මේ බස් එක ලංකාවට එනකොට කිසිම සමාගමකින් මේ බස් රථයට නිකල් පොලු සවිකරලා එවන්නේ නෑ. එහෙම නම් ඇයි බස් එකකට නිකල් පොලු සවිකරලා, විවිධාකාරයේ කොටස් එකතු කරලා මොකක්ද මේ සිද්ධ කරන්න තියෙන වුවමනාව? ඒක අපි දන්නේ නෑ. ඒක දන්නේ බස් රථ රියැදුරෝ. ගැමුණු මහත්තයත් ඒක දන්නවා ඇති. මොකද එතුමා පහුගිය දවස්වල ඉතා ප්‍රබලව මේ සම්බන්ධව තර්ක කරමින් හිටියා. මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි කරන බව ඔහු කියලා තිබුණා. ඒ නිසා එතුමා මේ ගැන දන්නවා ඇති. නිකල් පොලු අවශ්‍යතාව මොකක්ද කියන එක අපිට නොතේරෙන නිසා අපි ඒක ඔවුන්ගෙන්ම අහනවා. එතකොට මේවා ඉවත් නොකළ යුත්තේ ඇයි? මේවා ඉවත් නොකළොත් බස් රථයට වන හානිය මොකක්ද? බස් රථයේ ගමන් කරන මගියාට වෙන හානිය මොකක්ද? බස් රථයේ හිමිකරුවාට වෙන හානිය මොකක්ද?

ඊළඟ කාරණාව තමයි ප්‍රසිද්ධ තර්කයක් දැන් ඉදිරියට එනවා බුදු පිළිමයක්වත් බස් රථයේ ඉස්සරහා තියාගන්න දෙන්නේ නෑ කියලා. බුදු පිළිමයක් බස් රථයේ ඉස්සරහා තියාගන්න තරම් සැදැහැවත් ගුණයහපත් බෞද්ධ මහත්වරු නම් මේ බස්වල යන්නේ, බුදු පිළිමයක් බස් රථයක් ඉදිරියේ තියෙනවාය කියන එක ඇතුළෙත් අපිට කතාකරන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ බුදු පිළිමයක් තියෙනවා නම් ඒ බුදු පිළිමයට මල් පහන් පත්තු කරන්න ඕනේ, ගිලන්පස පූජාවක් තියන්න ඕනේ, දවල්ට දානය පූජා කරන්න ඕනේ. මේ වගේ පුද සත්කාර ටික හරියට වෙන්න ඕනේ. ඒ ටිකත් මේ බස්වල ත්‍රිරෝද රථවල රියැදුරු මහත්තුරු කරනවද? ඒ වගේම වාහනයක ඉදිරිපස තියෙන ඕනෑම කොටසක් නිසා ඉදිරියෙන් එන වාහනයක්, යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක්, මනුෂ්‍යයෙක් නොපෙනී යන්න පුළුවන්. ඒක වාහන පදවන ඕනෑම කෙනෙක් දන්නවා. කාර් රථයක වුණත් වට රවුමක් ගනිද්දී, සමහර මංසන්ධිවලදී මෝටර් රථයේම තියෙන අමතර කොටස් නිසාත් මාර්ගය නොපෙනී යෑම් සිද්ධ වෙන්න පුළුවන්. මේ ගැන සලකා බලලා තමයි ලෝකයේ වාහන නිෂ්පාදනය කරද්දී හැකි උපරිමයෙන් ඉදිරියෙන් එන සියලු දේ පෙනෙන ආකාරයට වාහන නිපදවන්න උත්සාහ කරන්නේ. හැබැයි එහෙම වුණත් යම් කොටස් නොපෙනී යන විදියට අත්‍යාවශ්‍ය වෙනවා සමහර වෙලාවට සමහර කොටස් වාහනයට එකතු කරන්න.

එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ රටේ බස් රථයක් දැක්කාම අපි දන්නවා මල් වැල් එල්ලලා තියෙනවා, බුදු පිළිම තියෙනවා, විවිධාකාරයේ දේව රූප තියෙනවා, ජේසුස් වහන්සේගේ ප්‍රතිමා තියෙනවා. මේවායින් කීයක් දේවල් නොපෙනී යනවද? ඒ හැම දේම නොපෙනී යායුතුද? එහෙම ගියාට කමක් නැහැ කියලා තර්ක කරන්න කාට හරි පුළුවන්කම තියෙනවද? මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න යන්නේ මොන පදනමේ ඉඳලද කියන එක අපිට තේරෙන්නේ නෑ. මානව හිමිකම් හෝ ප්‍රඥප්ති හෝ ලියැවිලි හෝ අපි පාවිච්චි කරන්න ඕනේ අපේ නිදහසට රිංගලා යන්න නෙවෙයි. බස් රථ පදවන මහත්තුරු දන්නවා බස් හැප්පිලා, බස් හප්පලා, බස් නිසා හැප්පිලා ලංකාවේ මියයන ප්‍රමාණය යුද්ධයෙන් මියගිය ප්‍රමාණයටත් වඩා වැඩියි සමහර අවුරුදුවල. ඒ තරම් තැතිගත් ස්වරූපයක් අපිට තියෙන්නේ මහාමාර්ගවල ගමන් කරද්දී. පාරේ යන ඉතා පොඩි වාහන හැම එකකටම ඇඟට දාලා, මූණට අල්ලලා, වෙට්ටු දාලා, කුණුහරුප කියලා බස් රථ ධාවනය කරන තක්කඩි ස්වභාවයට ගැමුණුලාවත්, බස් සංගම් නියෝජිතයන්වත් කවුරුවත් කතා කරන්නේ නෑ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ බස් රථයට සවිකරන නිකල් පටිය වටිනවා කියලා බස් රථයේ යන අහිංසක මගියාට වඩා කියලා. නිකල් පටිය ගලවන්න කැමැති නෑ, මිනිසුස් මරුණට කමක් නෑ. ඒකේ නීතියේ තියෙන්නේ නිකල් පටිය සවිකරන්න පුළුවන් කියලා තර්ක කරනවා. හැබැයි ඒකේ වැදිලා මිනිස්සු මැරුණු බව ඔප්පු කරලා පෙන්නුවාමත් ඒගොල්ලෝ කියන්නේ නීතියේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒ කියන්නේ මිනිස්සු මැරුණට කමක් නෑ, නීතිය තමයි අපිට වැදගත් කියලා. ඒක තමයි බස් රථ සංගම්වල, බස් රථ රියැදුරන්ගේ තියෙන මතය. මිනිස්සු මරලා හරි කමක් නෑ, අපිට දිනන්න ඕනේ කියන එක. මේක තමයි ඇත්ත කතාව. පාරේ බස් එකක් ධාවනය කරනකොට ඒගොල්ලෝ හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ මිනිස්සු මැරුණට කමක් නෑ, අපිට අපේ ගේම ගහගන්න පුළුවන් නම් කියලා. කොහොම හරි නීතිය යටින් රිංගලා මොකක් හරි වෙට්ටුවක් දාගෙන ආයෙත් මිනිස්සු මරලා හරි කමක් නෑ මේ වැඩේ කරගන්නවා කියන තක්කඩි බස් රියැදුරන්ව වහාම සේවයෙන් ඉවත් කරන්න තරම් කොන්දක් මේ ආණ්ඩුවට හරි බලධාරීන්ට හරි ආවේ නැත්නම් මේ ත්‍රස්තවාදියෝ තවදුරටත් මිනිස්සුන්ව මරනවා පාරවල්වල.
බස් මොඩිෆයි කිරීම ගැන තායිලන්තයේ අනතුරත් එක්ක මුළු ලෝකයම කතාකරන්න ගත්තා. හැබැයි මේ අපේ රටේ ඉන්න එකෙක්වත් ඒක ගැන වචනයක්වත් කතා කළේ නෑ. මොකක්ද මේ බස් මොඩිෆයි කිරීමේ ප්‍රශ්නය? අපි දන්නවා තායිලන්ත බස් රථය විශාල ගිනිගැනීමකට ලක්වෙලා පාසල් සිසුන් විශාල පිරිසක් ඒ ස්ථානයේදීම මියයනවා. ඔවුන් බේරගන්න බැරුව යනවා. ඒකට හේතුව මොකක්ද කියලා හොයා බලද්දී පැහැදිලි වෙච්ච කාරණාව තමයි මේ බස් රථය නිෂ්පාදනය කරලා තිබුණු විදියට වඩා මොඩිෆයි කරලා තිබුණා කියන එක. මොඩිෆයි කරලා, අනවශ්‍ය කොටස් එකතු කරලා, ගිනිගැනීම සඳහා උදව් වෙන ආකාරයේ දේවල් එකතු කරලා තිබුණා. ඒ නිසා මේ අනතුර සිදුවුණා කියන එක තමයි හෙළිවෙලා තිබුණේ. මේ ගැන කතාකරද්දී අපේ රටේ මේ සංගම්වල මහත්තුරු මොකක්වත් කිව්වේ නෑ. කටයි අනිත් පැත්තයි වහගෙන පැත්තකට වෙලා හිටියා. දැන් මේ වෙලාවේ තමයි ඒගොල්ලන්ට මතක් වෙලා තියෙන්නේ සංගමයේ බලය රැකගන්න, එක වෙන්න, මම පොර කියලා පෙන්නන්න තමයි මේගොල්ලෝ මේ උත්සාහ කරන්නේ.

මේ විදියට ලංකාවේ බස් රථවල එහා කොනේ ඉඳලා මෙහා කොනට වයරින් කරලා, ප්ලග් පොයින්ට් සවිකරලා, අනවශ්‍ය කොටස් එකතු කරලා, මේවායේ හදිසි පිටවීමේ දොරටුව අවහිර වන ආකාරයේ ඉදිකිරීම් සිදුකරලා බස් රථය ඇතුළේ ෆෑන් සවිකරලා, බස් රථය ඇතුළේ නිකල් කෑලි සවිකරලා, මහා විශාල විපරීත ගොඩක් කරපු බස් රථ තමයි අපේ රටේ දැන් තියෙන්නේ. බස් රථයක් ලස්සන කරනවාය කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මේ රටේ නැහැ. හැබැයි බස් රථයක් ලස්සන කරලා ඒ බස් රථය තමන්ගේ ගෙදර ලස්සනට තියාගත්තට, බුදු පිළිමයක් සවිකරලා මල් පහන් පත්තු කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි බස් රථය ගමන් කරන්නේ මහා මාර්ගයේ නම්, මගී ප්‍රවාහනයක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධයෙන් තර්කයක් මහජනතාවට තියෙනවා. ඒකට හේතුව බස් රථයක් මාර්ගයකට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් හැමෝටම කරන්න බෑ. ඒ සඳහා විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඒ බස් රථයට අවසර ලබාදෙන්නේ තවත් බස් රථයකට තියෙන අවස්ථාව අවහිර කරලා. මාර්ගයේ ගමන් කරන්නේ බස් රථ 10යි නම්, ඒ බස් රථ 10ම ඒ මාර්ගයේ ගමන් කරන්නේ ඒ බස් රථ 10ට අවස්ථාව දෙන්න වෙනත් බස් රථ මේ මාර්ගයට ඇතුළත් කරන්න අවස්ථාව නොදී. එතකොට මේ මාර්ගයට ඇතුළත් කරන බස් රථවලට වගකීමක් තියෙනවා විනයානුකූලව මහජනතාවගේ ආරක්ෂාවත්, මහජනතාවට ගමන් කරන්න පුළුවන් ආකාරයටත් බස් රථය පවත්වාගෙන යන්න.
සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිම දුරකතන ඇමතුම් ප්‍රමාණයක් එන්නේ බස් රථ රියැදුරන්ට. බස් රථයට නැගපු වෙලාවේ ඉඳලා සාමාන්‍යයෙන් ගමන් කාලයෙන් 50%ක් වත් දුරකතනය කනේ තියාගෙන, එක අතක් නවාගෙන, මුල්ලට ගහගෙන කුටු කුටු ගගා යන එක තමයි අපේ රටේ බස් රථ රියැදුරන් කරන්නේ. ඊට පස්සේ පැයට කිලෝමීටර් 40ට යන්න ඕනේ ගමන 120ට යනවා. හැබැයි සමාන්තරව මුල් කාලයේ පැයට කිලෝමීටර් 10ක, 15ක, 20ක විගයෙන් ගිහින් තමයි මේ වේගය වැඩිකරන්නේ. අනාරක්ෂිත බව ගැන ලෝකයේ කතා කරනවා නම් අංක එක තමයි ලංකාවේ බස් රථ රියැදුරෝ. ගැමුණු මහත්තයට මානව හිමිකම් කොමිසමට ගිහින් කියන්න තියෙන්නේ ඔන්න ඔය කතන්දර ටික. මානව හිමිකම් කොමිසමට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් කරනවා නම් මේ ලිපිය ඉදිරිපත් කරන්න. අපි පෙන්නලා දෙන්නම් ලංකාවේ කී දෙනෙක් බස් රථවල නොසැලකිල්ල නිසා අමානුෂික බව නිසා මියගිහිල්ලා තියෙනවද කියලා. ඒ නිසා මේ නීතිය ඉතාම හොඳයි. ඒ වෙනුවෙන් අපි හිටගන්නවා. මහජනතාව විදියට අපි සැලියුට් කරනවා.

ඔව්, එහෙම විය යුතුයි. මහජනතාව ආරක්ෂා කිරීමේ වගකීම පොලිසියට තියෙනවා. ආණ්ඩුවට තියෙනවා. රටකට තියෙනවා. රජයකට තියෙනවා. බස් රථවලට එහෙම එකක් නෑ. බස් රථ දැන් මේ කියන දේ අහන්නේ නැත්නම් කරුණාකරලා මේ ජාතියේ බස් රථ මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන්න. ඒවායේ රූට් පර්මිට් එක කැන්සල් කරලා දාන්න. මේ බස් රථවලට මාර්ගයේ ධාවනය කිරීමේ අවසරය නැතිකරලා දාන්න. එතකොට පුළුවන් බස් එක ගෙදර තියාගෙන, මල් පහන් පූජා කරලා, දෙවි දේවතාවුන් අදහලා, පොඩි පන්සලක් බස් එක ඇතුළේ නිර්මාණය කරලා, තව පොඩි පාටි හවුස් එකකුත් පැත්තකින් හදාගෙන, පාටියක් එහෙම දාලා පොඩි ආතල් එකක් ගන්න. ඒකට අපේ විරුද්ධත්වයක් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

චීනෙන් අනුරට හිතන්න බැරි විස්මිත තෑග්ගක්! I Sri Lanka Latest News

Next Post

පිටරටින් පගා ගත් කම්බ හොරා හොයාපියෝ! ආණ්ඩුවට කියාපියෝ මැතිසබයෙත් හොයාපියෝ! ගෙදර ගියත් පැනලා ගියත් හොරා කවුද කියාපියෝ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.