අඟහරුවාදා (14) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.Sri Lanka Latest News
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී චීන රජය විසින් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මූල්‍යාධාර සහ අනෙකුත් ආධාර ලබාදීමට සූදානමින් සිටින බවක් දැනගන්නට ඇත.
යම් යම් පාර්ශ්ව මත පළකරන්නේ කිසිවකුත් නොසිතන ආකාරයේ විස්මිත සහන පැකේජයක් මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලබාදීමට සැලසුම් කර සිටින බවකි.










