ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතය.Sri Lanka Latest News
අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ බව පැවසීය.
චීන සංචාරය සඳහා අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් යන මහත්වරුන් ද එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ අතර “එක් චීනයක් ප්‍රතිපත්තිය” සම්බන්ධයෙන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට ද තීරණය කරන ලදි.










