ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘ගොනාකෝවිලේ රාජු’ නැමැත්තා පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවක් අතරතුරදී මිය ගොස් ඇත.
මෙම අපරාධකරු බල්ලපාන ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟව සිටින ලද තොරතුරක් මත මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් විසින් අද අලුයම 3.00 ට මෙහෙයුමක් දියත් කර තිබේ.
එම අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එහිදී පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මෙම තැනැත්තා මිය ගොස් ඇත.
මෙම පුද්ගලයා රත්මලාන, මොරටුව යන ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් වන බව පැවසේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගිය ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා ගේ පියාවන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට මොහු සැකකරුවෙක් වන බවද දැනගන්නට ඇත.










