• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”මේ කොල්ලට සින්දු කියන්න පුළුවන් – අවස්ථාවක් දෙන්න” ! මුලින්ම සින්දු කිව්වේ ජී.එස්.බී. රාණිගේ මඟුල් දිනයේදී! මරදානේ චොප්පෙ නැත්නම් ජෝතිපාල කෙනෙක් නෑ! Sri Lanka Latest News

January 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
”මේ කොල්ලට සින්දු කියන්න පුළුවන් – අවස්ථාවක් දෙන්න” ! මුලින්ම සින්දු කිව්වේ ජී.එස්.බී. රාණිගේ මඟුල් දිනයේදී! මරදානේ චොප්පෙ නැත්නම් ජෝතිපාල කෙනෙක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එච්.ආර්. ජෝතිපාල කියන්නේ පරම්පරා ගණනාවක් යනතුරුම නොනැසී පවතින නාමයක්. ඔහුගේ මධුර ස්වරය කිසිදාක කිසිවකුට අමතක වෙන්නේ නෑ. ඔබ දන්නවද ජෝතිපාලයන් ගායකයෙක් කළේ කවුද කියලා? එදා මෙදාතුර හැම කාලයකම මේ රටේ චණ්ඩි හිටියා. ඒ චණ්ඩි අතර තුවක්කු පිස්තෝලවලින් හරඹ කරපු, අතින් පයින් ගහගත්ත චණ්ඩි හිටියා. ඒ චණ්ඩි අතර හිටපු නමගිය කෙනෙක් තමයි මරදානේ චොප්පේ කියන්නේ. ඔහු තමයි ජෝතිපාලයන්ව ගායකයෙක් බවට පත්කරලා තියෙන්නේ. අපි හොයා බලමු ඒ කතාව කොහොමද කියලා. (Sri Lanka Latest News)

කොළඹ උප නගරය තමයි මරදාන. ඒ වගේම නූතන බෞද්ධ ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානය වෙන්නෙත් මරදාන. 20 වැනි සියවසේ මුල් භාගයේ සහ මැද භාගයේ සාහිත්‍යය, සංගීතය, නාට්‍ය සහ චිත්‍රපට වැනි කලා අංශයන්ගේ ක්‍රියාකාරී මධ්‍යස්ථානය වුණේ මරදාන. සමහර කලාකරුවන්ගේ නිජබිම වටා ඇතිවූ කලා ප්‍රබෝධය නිසාම සමහර කලාකරුවන් මරදාන හා ඒ අවට පදිංචියට ආවා. පී.එල්.ඒ. සෝමපාල, විවියන් ද සිල්වා බොරලැස්ස මරදානේ උපත ලබන අතර, ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි පෙරේරා, මොහිදින් බෙග්, ස්ටැන්ලි ඕමාර් මරදානේ ජීවත් වූ කලාකරුවන් අතරින් කිහිපදෙනෙක් ලෙස සඳහන් කළ හැකියි.

ලාංකේය ගායකයන් අතර බිහිවූ ජනප්‍රියම ගායකයා වූ එච්.ආර්. ජෝතිපාලයන්ද තම ජීවන මග වෙනස් කළ මුල් පියවර තබන්නේ මරදානේ ඇසුරත් එක්ක. ජෝතිපාල හැදී වැඩුණේ දෙමටගොඩ වුණත් ඔහුගේ ඇසුර තිබුණේ මරදානේ. ජෝතිපාල පාසල් ගියේ මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයට. ජෝතිපාල තරුණ අවධියේ නැවතී සිටියේ ස්ටැන්ලි ඕමාර් යන සංගීතවේදියා සමග මරදාන මාලිගාකන්දේ එකම කාමරයක. එච්.ආර්. ජෝතිපාලයන් අදටත් සුවිශේෂ චරිතයක් වන්නේ ඔහු මියගොස් අවුරුදු 37ක් ගතවෙලත් ඔහුගේ ජනප්‍රියත්වයට අභියෝග කරන්න කිසිම ගායකයෙක් අද වනතුරු බිහිවෙලා නෑ. ඒ තරම් ඔහු අමරණීයයි.

ජෝතිපාලයන් ගායන ලොවට පිවිසීමේදී ඔහුගේ ආරම්භය ගැන විවිධ කතාවන් තිබෙනවා. ඒත් ඔහුට ඇත්තටම අතහිත දුන් සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් ඉතිහාසයෙන් මැකී යන්නට පෙර ඔවුන් ගැන සඳහන් කළ යුතුයි. ජෝති කලා ලොවට පිවිසීමේ මුල් පියවර ලෙස රැජින ලොසින්ජර සමාගමේ අනුග්‍රහයෙන් ආරියදාස පීරිස් විසින් මෙහෙයවනු ලැබූ ‘ආධුනික පැය’ නමින් වූ ගුවන්විදුලි ගී තරගයට තලාද් මෙහෙමුද්ගේ ‘සූකිරියා’ නමින් ජනප්‍රිය හින්දි ගීතය ගැයීමත්, පසුව ‘ජනග්‍රාහී පෙළපාළිය’ නම් ගුවන්විදුලි වැඩසටහනට සහභාගි වී හොඳම ගායකයා ලෙස අභිෂේක ලැබීමත් තමයි ජනප්‍රිය මතය වෙන්නේ. එහෙත් ජෝතිපාලගේ ගමන් මග ආලෝකවත්ව තැබීමට මුල් පියවර තබන්නේ මරදානේ ඇසුර නිසා.

මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පේ ගැන නෑසූ කෙනෙක් නැහැ. චොප්පේ මරදානේ පමණක් නොව, කොළඹ නගරයම සොලවාගෙන සිටි චණ්ඩියෙක්. ඇන්ටන් පෙරේරා මරදානේ ප්‍රසිද්ධ පුද්ගලයකු වූයේ දේශපාලනය නිසා. ඔහු පසු කලෙක කැලණිය ආසනයේ මන්ත්‍රීවරයකු වූ ආර්.එස්. පෙරේරාගේ සොහොයුරා වුණා. එකල නව ආකර්ෂණීය පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරීව දේශපාලනයේ නියැළුණු ඇන්ටන්, කොළඹ නගර සභාවට ශ්‍රීලනිපයෙන් මරදාන ආසනයට තරග කළා. එකල ලංකාවේ කාර්යබහුල සංගීත මධ්‍යස්ථානය වුණේ මරදාන එල්ෆින්ස්ටන් සිනමාහල අසල වූ එල්ෆින්ස්ටන් වත්ත ලෙස හැඳින්වූ ප්‍රදේශයේ කේ.ඩී. ඩේවිඩ් මාවතේ පිහිටි ආර්.ඒ. චන්ද්‍රසේන සංගීතඥයාගේ නිවසයි. එම නිවසේ කොටසක පවත්වාගෙන ගිය චන්ද්‍රසේන සංගීතායතනයෙන් සංගීතය හැදෑරීමට සිසුන් රාශියක් පැමිණියා. ධර්මදාස වල්පොල පවා මෙහි ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. මේ නිසා ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ නිවස නිතරම සංගීතඥයන්, ගායක ගායිකාවන් සහ නළු නිළියන්ගෙන් පිරී තිබුණා. එම නිවස ලතා – ධර්මදාස, බෙග්, රුක්මනී – එඩී ජයමාන්න, ස්ටැන්ලි ඕමාර්, ප්‍රේමසිරි කේමදාස, රොක්සාමි, මොහොමඩ් සාලි, නෙවිල් ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, නිහාල් නෙල්සන් වැනි කලාකරුවන් නිතර නිතර ගැවසුණු තැනක් බවට පත්වුණා. ආර්.ඒ. චන්ද්‍රසේනද මේ කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරදාන ශාඛාවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළා. මේ නිසාම ඇන්ටන් පෙරේරා තම පක්ෂයේ ශාඛාවේ භාණ්ඩාගාරික ලෙස චන්ද්‍රසේන හමුවීමට එල්ෆින්ස්ටන් වත්තේ පිහිටි චන්ද්‍රසේන සංගීතායතනයට නිතරම පැමිණියා. එකල සංගීත සංදර්ශන හා සංගීත සාජ්ජයන්වල සංගීතය සැපයීම බොහෝ විට පැවරුණේ චන්ද්‍රසේනට. සවස් වනවිට චන්ද්‍රසේනගේ නිවසට එක්වන ගායකයන්ගේ හා සංගීතවේදීන්ගේ ගායනයෙන් එම නිවස පිරී ගියා. ඒ, සමහර විටක පුහුණුවීම්වලට. චන්ද්‍රසේන සංගීතායතනය මරදානේ රස ගඟුලක් බවට පත්වුණා. චොප්පෙද විවේක ලත් විටක පැමිණියේ එල්ෆින්ස්ටන් වත්තේ චන්ද්‍රසේනගේ නිවසටයි. ඒ, ගීතයක් රස විඳින්න. මෙහිදී ඇන්ටන් පෙරේරා හමුවන චොප්පේ, ඔහු හා මිත්‍රත්වයක් ඇතිකරගත්තා. චන්ද්‍රසේන, ඇන්ටන් පෙරේරා හා චොප්පේ සමීපතම මිතුරන් බවට මෙකල පත්ව සිටියා.

ජී.එස්.බී. රාණි පෙරේරා ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ගායිකාවක්. උපතින් මැලේ ජාතික කාන්තාවක් වූ ඇයගේ පියා වූ බන්සජයා උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස මරදාන පොලිසියට මාරුවක් ලබාගෙන එහි නිල නිවසක වාසයට පැමිණ සිටියා. මෙකල ගායිකාවක බවට පත්ව සිටි රාණි, මරදාන පොලිසියට සමීපව පිහිටි චන්ද්‍රසේන සංගීතායතනයට නිතරම ගියේ ගායනා සඳහායි. මෙහිදී ඇන්ටන් පෙරේරා සමග ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගන්නා රාණි, 1953දී අන්ටන් සමග විවාහ වුණා. මෙම විවාහයේ ලියාපදිංචිය 1953 පෙබරවාරි 17 වැනි දින පුවත්පත් කලාවේදී සිසිර කුමාර මනික්කාරච්චිගේ නුගේගොඩ පිහිටි නිවෙසේදී සිදුවුණා. එහි ප්‍රීතිය නිමිත්තෙන් සංගීත සාජ්ජයක් සංවිධාන කළා. මෙම සංගීත සන්ධ්‍යාවේ සංගීතය මෙහෙයවූයේ රාණිගේත් ඇන්ටන්ගේත් සමීපතම මිතුරා වූ ආර්.ඒ. චන්ද්‍රසේන විසින්. මෙම සංගීත සන්ධ්‍යාවට ඇන්ටන් පෙරේරා විසින් මරදානේ තම හිතමිතුරන් රාශියකට ආරාධනා කර තිබූ අතර, වඩා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ද ඒ අතර වුණා. මෙම ආරාධිතයා පැමිණියේ අවුරුදු 16ක පමණ තරුණයකුද සමගයි. සංගීත සන්ධ්‍යාව ඇරැඹීමට පෙර මෙම ආරාධිත අමුත්තා තමා සමග පැමිණ සිටි තරුණයාට ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇන්ටන් පෙරේරාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව, ඇන්ටන් තම මිතුරු චන්ද්‍රසේනට මේ තරුණයා හඳුන්වා දීමෙන් පසු, චන්ද්‍රසේනගේ පසුබිම් සංගීතයට ගී ගැයීමට ඔහුට අවස්ථාව හිමිවුණා. මෙම ආරාධිත අමුත්තා අන් කිසිවකු නොව, මරදානේ චොප්පේ. ඔහු සමග පැමිණි 16 හැවිරිදි තරුණයා වෙන කවුරුවත් නොව පසු කලෙක ලංකාවේ අමරණීය ජනප්‍රියත්වයට පත් ගායකයා වූ එච්.ආර්. ජෝතිපාල.

ජී.එස්.බී. රාණි පෙරේරාද ජෝතිට උදව් කළේ ඇයගේ සැමියා වූ ඇන්ටන් පෙරේරා ඔහුව හඳුන්වා දී තිබූ නිසා. මේ යටගියාවේ සියලු තොරතුරු පවසා තිබුණේ සංගීතඥ ආර්.ඒ. චන්ද්‍රසේනගේ දියණියක වූ විශාරද දර්ශනී චන්ද්‍රසේන විසින්. ජී.එස්.බී. රාණි ද මියයෑමට වසර කීපයකට පෙර ඇයගේ ‘පරම රමණී’ ප්‍රසංගයටද දයානන්ද රත්නායක සංස්කරණය කොට මුද්‍රණය කළ සමරු කලඹට මෙම විරල කතාව ඇතුළත් කිරීමට ජී.එස්.බී. රාණි අමතක කළේ නැහැ.
1954 අග භාගයේදී වසන්තා සන්දනායක ගැයූ මහවැලි නදියේ ගීතයට ජෝති සම්බන්ධ වුවද ඔහුට ගැයීමට ලැබුණේ ‘තොටියෝ තොටියෝ’ යන වචන කිහිපය පමණයි. එම වසරේම ‘ලැබෙයි සිතාලද ආලේ කළේ’ නම් යුග ගීතයට ජී.එස්.බී. රාණි පෙරේරා සමග ගැයීමට ජෝතිට වරම් ලැබුණා. ජෝතිගේ සැබෑ මුල් ගීතය මෙයයි. 1955දී ජෝති, වසන්තා සන්දනායක සමග ගායනා කළ ‘අද අද එයි මරුවා’ ගීතය ඔහුගේ දෙවැනි ගීතය බවට පත්වුණා. මෙම වසරේදී ස්ටැන්ලි ඕමාර් ලියා සංගීතවත් කළ ‘රන් රාජිනී’ නම් ගීය ජෝති තනිව ගැයූ ප්‍රථම ගීතය ලෙස සැලකෙයි.

චොප්පේ විසින් තම මිතුර ඇන්ටන් පෙරේරාට සහ ආර්.ඒ. චන්ද්‍රසේනට ජෝතිපාලව හඳුන්වා දීමෙන් පසුව සිදුවූ සිදුවීම් මාලාව හරි අපූරු කතාවකි. ජෝතිපාලගේ දක්ෂතා හා හැකියාව මනාව අවබෝධ කරගත් චන්ද්‍රසේන හා ඔහුගේ බිරිය වූ ශ්‍රීයානි චන්ද්‍රසේන ජෝතිට තම දරුවකුට සේ සැලකුවා. චන්ද්‍රසේනගේ චතුරංගනී හා පංචාංගනී යන සංගීත සංදර්ශන ඇතුළු තම සියලු සංගීත සංදර්ශනවල ගී ගැයීමේ අවස්ථාව චන්ද්‍රසේන විසින් ජෝතිට ලබාදුන්නා.

1954දී චන්ද්‍රසේන ‘මතභේදය’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ලෙස ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවේ ජෝතිපාල, චන්ද්‍රසේනයන්ට ලියූ ලිපියක චන්ද්‍රසේනව ආමන්ත්‍රණය කළේ ‘මා ගුරු හා මිතුරු’ ලෙසයි. ජෝතිපාලයන් තුළද මෙම දෙපළට ගෞරවයක් තිබුණා. මෙම ලිපිය අදටත් ඓතිහාසික ලේඛනයක් ලෙස දර්ශනී චන්ද්‍රසේන සතුව සුරැකිව තිබෙනවා. 1954 අගභාගයේදී වසන්තා සන්දනායක ගැයූ ‘මහවැලි නදියේ’ ගීතයට ජෝති ‘තොටියෝ තොටියෝ’ චන වචනය ගැයීමෙන් සම්බන්ධ වුවද 1953 අවසාන භාගයේදී ජෝතිපාලට චිත්‍රපට ගීතයක් ගැයීමට අවස්ථාව ලැබුණා. කිසිම ගීතයක් නොගැයූ ගායකයකු ලෙස ජෝතිපාලට මෙම අනගි අවස්ථාව ලබාදෙන්නේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්. 1953 බී.ඒ.ඩබ්. ජයමාන්න ‘මතභේදය චිත්‍රපටය’ නිෂ්පාදනය කිරීමට කටයුතු සූදානම් කළා. මෙම චිත්‍රපටයේ සංගීතය සැපයූයේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් විසින්. මෙහි ගීත 10ක් ඇතුළත් වූ අතර, ඒවා පටිගත කිරීම මදුරාසියේ සිටිඩේල් චිත්‍රාගාරයේ සිදුකිරීමට සැලසුම් කර තිබුණා.

බී.ඒ.ඩබ්. ජයමාන්න ඔහුගේ චිත්‍රපට සඳහා බොහෝ විට ගී ගැයීමට යොදාගත්තේ මොහිදීන් බෙග්. දිනක් චන්ද්‍රසේන, ජෝති පසුබිම් ගායකයකු කිරීමේ සැඟවුණු අරමුණ සහිතව ‘මතභේදයේ’ සංගීතය ගැන සාකච්ඡා කිරීමට බව පවසමින් ජෝතිද සමග ජයමාන්නගේ නිවෙසට ගියා. එහිදී ඉතා අසීරුවෙන් ජෝතිට ගීයක් ගැයීමට අවස්ථාව ලබාදීමට ජයමාන්නව කැමැති කරවා ගැනීමට චන්ද්‍රසේන සමත් වුණා. ඒ, එකල ගායකයකු නොවූ ජෝතිපාල ලත් මහඟු ජයග්‍රහණයක්. ඒ කාලේ ඉන්දියාවේ පටිගත කරන සියලු ගීත ලංකාවේ පුහුණු වී ගොස් පටිගත කරන ඒවා. මෙයට මූලිකම හේතුව වුණේ ඉන්දියාවට ගිය විට එකවර ගීතය දෝෂ රහිතව පටිගත කිරීමට හැකිවීම මත විශාල මුදලක් නිෂ්පාදකයාට ඉතිරි කිරීමට හැකි වීම. ඒ අනුව තම නිවසට ජෝති ගෙන්වාගෙන ‘මතභේදයේ’ ‘ගින්නකි හද මාගේ පෙම් ගීතේ’ පුහුණු කළා. පුහුණුව නිමා වූ පසු නියමිත දිනක ඉන්දියාව බලා යෑමට සූදානම්ව රත්මලාන ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ජෝතිට උපදෙස් දුන්නා. ඒ අනුව නියමිත දින ගුවන් තොටුපළට පැමිණියද ඔහු සතුව විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති වීම හේතුවෙන් ජෝතිට චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ මහඟු අවස්ථාව අහිමි වුණා.

‘මතභේදය’ චිත්‍රපටයේ ගීත පටිගත කිරීමට චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායම ඉන්දියාවට ගියාට පසුව ජෝතිපාලයන් 1954 පෙබරවාරි 11 වැනිදා චන්ද්‍රසේනට සංවේගජනක ලිපියක් ලිව්වා. ‘චන්ද්‍රසේන අයියා’ ලෙස ආමන්ත්‍රණය කළ ජෝතිපාලගේ ලිපියේ සඳහන් වුණේ ඉන්දියානු ගමන මගහැරීම ගැන කනගාටු වන බවත්, ලබන වසරේදී ඉන්දියාව බලා යෑමට අවස්ථාව ලබාදෙන ලෙසත්, චන්ද්‍රසේන ලංකාවේ සිටියේ නම් තමන්ට ආර්ථික වාසි ලැබෙනු ඇති බවයි. මෙම ලිපියද දර්ශනී චන්ද්‍රසේන සතුව අදටත් පවතිනවා.

‘මතභේදය’ට පසුව ලැබුණු අවස්ථා රාශියක් ජෝතිට නොලැබී ගියා. ‘පෙරකදෝරු බෑණා’ ‘පොඩිපුතා’ වැනි චිත්‍රපටවල ගී ගැයීමට ජෝතිට අවස්ථාව ලැබුණද ඒවා විවිධ හේතු මත වැළැකී ගියා. 1956 තිරගත වූ ‘සුරතලී’ චිත්‍රපටය සමග පසුබිම් ගායකයකු වීමේ සිහිනය සැබෑ කරගැනීමට ඔහුට හැකිවුණා. එහි ගීත තුනක්ම ජෝතිපාල ගායනා කළා. ඊට පසු ඔහු මියයන තුරුම චිත්‍රපටවල ගී ගැයූ අතර, මෑතක් වනවිට චිත්‍රපට 400ක පමණ ගී ගයා තිබුණා. එසේම ‘රන් රාජිනී’ ගීතයෙන් ඇරැඹි ගායන දිවිය තුළ ගීත 3000ක් පමණ ඔහු ගායනා කොට තිබුණා. ‘මිහිදුම් සිහින’ චිත්‍රපටයේ ‘සරාසඳේ’ ගීතයටත්, ‘ඔබට දිවුරා කියන්නම්’ චිත්‍රපයේ ‘පාළු සුසානේ’ ගීතයටත් පිළිවෙළින් 1983 හා 1986 වසරවල හොඳම ගායකයා ලෙස සරසවි සම්මානයෙන්ද, 1972 ජනප්‍රිය ගායකයා ලෙස ‘දීපශිකා’ සම්මානයෙන්ද ජෝති පිදුම් ලැබුවා.

වඩාත් වැදගත් වන්නේ ඔහු මියගොස් අදටත් ජෝති ගැයූ ගීත චිත්‍රපටවලට නැතුවම බැරි අංගයක් බවට පත්ව තිබීමයි. ‘මේ කොල්ලට සින්දු කියන්න පුළුවන්. අවස්ථාවක් දෙන්න…’ කියා චොප්පේ එදා ඇන්ටන් පෙරේරා හා ආර්.ඒ. චන්ද්‍රසේනට කළ ඉල්ලීම කොතරම් සාධාරණද යන්න වසර 60කට පසුව මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතා කළ කතාවකින් සනාථ වුණා. මහා සංගීතවේදී සුනිල් සාන්ත සූරීන්ගේ ජන්ම ශත සංවත්සරයේදී මහාචාර්ය වෝල්ටර් මාරසිංහ කළ කතාවේ ජෝති ගැන මෙසේ සඳහන් වුණා.

‘සංදේශය’ චිත්‍රපටයේ ‘පෘතුගීසිකාරයා’ ගීය ඉතා සුන්දර එකක් වුවත් එය ගායනයට සහ වාදනයට අපහසු ගීතයක්. එසේම පෘතුගීසි සොල්දාදුවන්ට හුරුපුරුදු බයිලා නැටුමට, ඔවුන්ගේ ආඩම්බරකම, රණ ශූරත්වය උලුප්පා දැක්වීමට සුනිල් සාන්තයන් තනුව නිර්මාණය කළා. මෙය ගායනා කළේ සිඩ්නි ආටිගල හා එච්.ආර්. ජෝතිපාලයන්. ජෝතිපාල ඒ වනවිට හින්දි තනුවලට සිංහල වචන යොදා ගායනා කරමින් සිටි කාලය නිසා, අලුත් තනුවක් වූ මෙම ගීතය ඔහුට ගායනා කළ හැකි වේ යැයි කවුරුත් සිතුවේ නෑ. නමුත් ජෝතිපාල එම ගීතයට හොඳ සාධාරණයක් ඉටු කළා. සංගීතය හැදෑරුවා නම් ජෝතිපාල අද මොහොමඩ් රාෆිගේ තත්ත්වයට පත්වන්නට තිබුණා. ජෝතිපාල ඒ තරම් ප්‍රතිභාපූර්ණ ගායකයෙක්. ගායනා කිරීමට අපහසු මේ ගීතය ඔහු කොතරම් හොඳින් ගායනා කරලා තිබුණාද කියන එක ගීතය අසන විට පැහැදිලි වෙනවා….’

මේ අනුව මරදානේ චොප්පේ, ඇන්ටන් පෙරේරා සහ ආර්.ඒ. චන්ද්‍රසේනට ජෝතිපාලගේ සංගීත දිවියේ සුවිශේෂ තැනක් හිමිවිය යුතුයි.

STUDIO JA යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පොලිසියටත් හොරු පැනලා! Sri Lanka Latest News

Next Post

නැවත ඉපදීම අජිත් බණ්ඩාරගෙන්! ප්‍රියා පට්ට ලෙජන්ඩරි ආටිස්ට් කෙනෙක්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.