කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
පසුගිය ඔක්තෝබර් 11 දින සහ නොවැම්බර් 23 අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බවට පොලිස් ගොඩනැගිලි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොටුව පොලිසියට ඊයේ (2) සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සොරා ගත් දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 4 ට අසන්න බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
lankadeepa










