• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැවත ඉපදීම අජිත් බණ්ඩාරගෙන්! ප්‍රියා පට්ට ලෙජන්ඩරි ආටිස්ට් කෙනෙක්! Sri Lanka Latest News

January 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
නැවත ඉපදීම අජිත් බණ්ඩාරගෙන්! ප්‍රියා පට්ට ලෙජන්ඩරි ආටිස්ට් කෙනෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇසුරින් මිදීලා ඈත රන් විමනකට පාවෙලා ගිය ප්‍රියා සූරියසේන ගැන යමක් ලියන්න බැරි වුණු එක අඩුවක්. ප්‍රියාගේ වියෝව ගැන ඒ තරම්ම දුකක් නැත්තේ, යන්න කලින් ප්‍රියාට දැනෙන්නම සෑහෙන්න ලස්සන ටි්‍රබියුට් එකක් දුන්න නිසා. ඒක සියැසින් දකින්න, විඳින්න, සංතෝසේ වැඩිකමට අඬන්න, දෙයියනේ මම මෙච්චර සින්දු තොගයක් කියලා තියෙනවා නේද, ඒවා කීදෙනෙක් නම් එන්ජෝයි කරනවද, මම ගියත් මිනිසුන්ට මාව අමතක වෙන එකක් නෑ නේද කියලා සැක හැර දැනගෙන සතුටින් දිවිගමන නිමා කරන්න තරම් ප්‍රියා පට්ට ලකී ලෙජන්ඩරි ආටිස්ට් කෙනෙක්. මිනිසුන්ව අගය කරන්න ඕන කාලේ අගය කරන්න ඕනේ. ඒක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්. ප්‍රියාගේ කැලිබ් එකේ හිටිය ගොඩක් අයට ඇගයීම් ගරුසරු නම්බු නාම සියල්ල ලැබෙන්න ගත්තේ ඒවා අහන්න දකින්න විඳින්න බැරි තරම් ඈතකට ගියාට පස්සේ. ඒ අතින් ප්‍රියා පට්ට ලකී. (Sri Lanka Latest News)

ප්‍රියා ගැන ලියැවුණු කියැවුණු දේවල් කිහිපයකම තිබුණු කොමන් ෆැක්ට් එක වුණේ අපි බොන්න සෙට් වුණාම තමයි ප්‍රියාගේ අගය මතක් වෙන්නේ කියන එක. උගුරු දෙක තුන වැටෙනකොට පදම මෝදු වෙලා අහසේ තරු මැද අලවපු සරිගම ස්වර අල්ලන්න හදන වෙලාවට නිකන්ම අපේ හදවතේ ප්ලේ ලිස්ට් එකෙන් මුල මුලම නම්බර්ස් විදිහට ස්ටේජ් එකට නගින්නේ ප්‍රියා. ඒත්, ප්‍රියාව එන්ජෝයි කරන්න පුළුවන් සෙට්වීම්වලදී විතරද? මධුවිත මෝමන්ට්ස්ම විතරද? තනියම හෙඩ්සෙට් එකක් ගහගෙන හවසක පැත්තකට වෙලා ප්‍රියාගේ සින්දු අහන්න බැරිද? එන්ජෝයි කරන්න බැරිද? මොකද බැරි? නොබොන මිනිස්සු ප්‍රියාගේ සින්දු එන්ජෝයි කරන්නෙ නැද්ද? මොකද නැත්තේ? ඒක අපි හරියට රීඩ් කරගෙන නෑ.

එක එක අයගේ මත්වීම් වෙනයි. බහුතර මත්වීම මධුවිත වුණාට, ආදරෙන් මත් වුණු කෙනෙක්ට, කොහොමද එහෙම කෙනෙක්ට ප්‍රියාගෙ සින්දුවක් දැනෙන්නේ? ඒක වෙනම ෆීල් එකක්. ‘මගේ ළමැද සුව යහනක්’, ඒ පද හතරම ඇති ආදරේ අපරිමිත අසීමිත අනන්තයටම යන විදිහ දැනෙන්න. ‘සුදු පරවි රෑන සේ’, ක්ලාස් ඇරෙනකම්, වෑන් අද්දනකං, බස් හෝල්ට්වල චාටරේ කාපු කොල්ලො හැමෝම දන්නවා ඒ බලාපොරොත්තුවේ කුතුහලය කිචිය සහ වේදනාව. ආදරේ මුලින්ම දැනෙන, පපුව හීතල වෙන, හුස්ම හයියෙන් හයියෙන් වැටෙන දවස්වල, නම පමණක් දැනගෙන පෙම පිපෙන කාලෙට, කොහොමද ඒ කාලෙට ‘ආදරණීය නේරංජනා’ සින්දුව දැනෙන්නේ? ‘නිදි යහනේ මා නින්දට වැටුණා – ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා’, ඇඳට වැටුණත් මතක් වෙන, නින්දට වැටුණත් හීනෙන් පේන මූණ ගැන කොහොමද දැනෙන්නේ? ඒ ෆීල් එක තව තවත් ෆීල් කරන්න ප්‍රියා අපිට සින්දු දුන්නා. එතකොට ආදරේ කරපු සියල්ල දාලා පිටරට ගිහින් ජීවිතේ දිනන්න මහන්සි වෙන කොල්ලෝ, උදේට නිදිමත සීතල කැපිලා යන්න කෝපි එකක් බොන ගමන් ප්‍රියාට ඇහුම්කන් දුන්නොත්, ඒගොල්ලන්ට කොහොමද ‘රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ’ සින්දුව දැනෙනවා ඇත්තේ? මේවා දැනෙන්න අපිට මධුවිතම විතරක්ද ඕනේ? බොන්න සෙට්වෙන වෙලාවට විතරක් නෙවෙයි, මත්වෙන වෙලාවට ඉතාමත් ගැළපෙන සින්දු කියපු, සින්දුවලින් අපිව මත්කරපු ආටිස්ට් කෙනෙක්. මේවා බිව්වත් නැතත් හිත් මත්කරන සින්දු.

පර්සනලි මම හිතනවා ප්‍රියාගේ මියුසිකල් ජර්නි එකේ රීබර්ත් එක සිද්ධ වෙන්නේ සිරස සුපර් ස්ටාර් නිසා කියලා. මාවතගමින් ආව අජිත් බණ්ඩාර, ‘ඈත රන් විමන්’ සින්දුව කිව්වත් හරි, පොදුජන හද දිනූ ගායකයා විදියට ලංකාවේ පළමුවැනි සුපර් ස්ටාර් වීම දක්වා ඉහළටම ගියා. ඒ ප්‍රියා නිසා. අද අජිත් බණ්ඩාර වැඩිය පේන්න නෑ. ඒත් ප්‍රියා ගිහිල්ලත් තාමත් අපි අතරේම ඉන්නවා. ‘ඈත රන් විමන්’ තමයි ප්‍රියාගේ ටේ්‍රඩ්මාර්ක් සින්දුව. ඒ සින්දුව අහන ඕනෙ කෙනෙක් ඉන්නේ අහසේ, වලාකුළු අතරේ, පියාඹන ෆීල් එකක. රොකට් ඇතත් නැතත් ඒ සින්දුවට පුළුවන් අපිව ස්වර උඩ පාකරලා යවන්න. ප්‍රේමකීර්තිගේ පද, ක්ලැරන්ස්ගේ නද, ආයෙ වෙන මොනවද ඕනෙ ඉතින්. ඈත සුරපුරේකින් රෑට වැටුණු තරු දහස් ගණන් අහුලලා, ආයෙත් අහසට වීසි කරලා ඒ මැද්දෙන් පියාඹලා යන්න පුළුවන්.

ප්‍රියාට තියෙන්නේ අයිකොනික් වොයිස් එකක්. අමුතු විදිහට ඇදලා පැදලා සිං කරන සිහින් සුන්දර හඬක්. මං දන්නෑ ඒක අද කාලේ එළියට ආවා නම් මිනිස්සු පිළිගනීවිද කියලා. සමහර විට නැති වේවි. අලුතින්ම ආවොත් අලුත් අයගෙන් බහුතරයකට සෙට් වෙන්නැති වේවි. නමුත් අලුත් ජෙන් එකත් ප්‍රියාගේ සින්දු අහනවා කියන එක තැනින් තැන දැනෙනවා. ස්පොටිෆයි ප්ලේලිස්ට් අහනවා කියන එක පේන්න තියෙනවා. යූටියුබ් කමෙන්ට්ස්වල මැද ඉසෙඩ් ජෙන් එක පේන්න ඉන්නවා. ඒ අයත් වැඩෙනකොට ඒ හිත් ඇතුළේ ප්‍රියා වැඩේවි. ප්‍රියාගේ හඬට ප්‍රිය වේවි.

ප්‍රියා ගෙන ගියේ අපේ ආදරේ.
සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා නිල් පාට අකුරින් ලියැවිලා තිබ්බ ආදරේ.
මේ ලොවෙන් එහා සිටන් ප්‍රියා අපි දිහා බලන් ඉඳීවි.
අසමාන වූ ඒ ප්‍රිය ආදරේ, කිසිදාක බිඳෙන්නෑ.
ඒ ගැන නං සැකයක් නැතේ…
සුබ ගමන්, ප්‍රියා සූරියසේන…

ෂෙනාල් ගුණසේකර

SendShareShare
Previous Post

”මේ කොල්ලට සින්දු කියන්න පුළුවන් – අවස්ථාවක් දෙන්න” ! මුලින්ම සින්දු කිව්වේ ජී.එස්.බී. රාණිගේ මඟුල් දිනයේදී! මරදානේ චොප්පෙ නැත්නම් ජෝතිපාල කෙනෙක් නෑ! Sri Lanka Latest News

Next Post

‘ක්ලීන් ශ්‍රී ලංකා’! මොනවද මේ විහිළු? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.