ඇසුරින් මිදීලා ඈත රන් විමනකට පාවෙලා ගිය ප්‍රියා සූරියසේන ගැන යමක් ලියන්න බැරි වුණු එක අඩුවක්. ප්‍රියාගේ වියෝව ගැන ඒ තරම්ම දුකක් නැත්තේ, යන්න කලින් ප්‍රියාට දැනෙන්නම සෑහෙන්න ලස්සන ටි්‍රබියුට් එකක් දුන්න නිසා. ඒක සියැසින් දකින්න, විඳින්න, සංතෝසේ වැඩිකමට අඬන්න, දෙයියනේ මම මෙච්චර සින්දු තොගයක් කියලා තියෙනවා නේද, ඒවා කීදෙනෙක් නම් එන්ජෝයි කරනවද, මම ගියත් මිනිසුන්ට මාව අමතක වෙන එකක් නෑ නේද කියලා සැක හැර දැනගෙන සතුටින් දිවිගමන නිමා කරන්න තරම් ප්‍රියා පට්ට ලකී ලෙජන්ඩරි ආටිස්ට් කෙනෙක්. මිනිසුන්ව අගය කරන්න ඕන කාලේ අගය කරන්න ඕනේ. ඒක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්. ප්‍රියාගේ කැලිබ් එකේ හිටිය ගොඩක් අයට ඇගයීම් ගරුසරු නම්බු නාම සියල්ල ලැබෙන්න ගත්තේ ඒවා අහන්න දකින්න විඳින්න බැරි තරම් ඈතකට ගියාට පස්සේ. ඒ අතින් ප්‍රියා පට්ට ලකී. (Sri Lanka Latest News)
ප්‍රියා ගැන ලියැවුණු කියැවුණු දේවල් කිහිපයකම තිබුණු කොමන් ෆැක්ට් එක වුණේ අපි බොන්න සෙට් වුණාම තමයි ප්‍රියාගේ අගය මතක් වෙන්නේ කියන එක. උගුරු දෙක තුන වැටෙනකොට පදම මෝදු වෙලා අහසේ තරු මැද අලවපු සරිගම ස්වර අල්ලන්න හදන වෙලාවට නිකන්ම අපේ හදවතේ ප්ලේ ලිස්ට් එකෙන් මුල මුලම නම්බර්ස් විදිහට ස්ටේජ් එකට නගින්නේ ප්‍රියා. ඒත්, ප්‍රියාව එන්ජෝයි කරන්න පුළුවන් සෙට්වීම්වලදී විතරද? මධුවිත මෝමන්ට්ස්ම විතරද? තනියම හෙඩ්සෙට් එකක් ගහගෙන හවසක පැත්තකට වෙලා ප්‍රියාගේ සින්දු අහන්න බැරිද? එන්ජෝයි කරන්න බැරිද? මොකද බැරි? නොබොන මිනිස්සු ප්‍රියාගේ සින්දු එන්ජෝයි කරන්නෙ නැද්ද? මොකද නැත්තේ? ඒක අපි හරියට රීඩ් කරගෙන නෑ.
එක එක අයගේ මත්වීම් වෙනයි. බහුතර මත්වීම මධුවිත වුණාට, ආදරෙන් මත් වුණු කෙනෙක්ට, කොහොමද එහෙම කෙනෙක්ට ප්‍රියාගෙ සින්දුවක් දැනෙන්නේ? ඒක වෙනම ෆීල් එකක්. ‘මගේ ළමැද සුව යහනක්’, ඒ පද හතරම ඇති ආදරේ අපරිමිත අසීමිත අනන්තයටම යන විදිහ දැනෙන්න. ‘සුදු පරවි රෑන සේ’, ක්ලාස් ඇරෙනකම්, වෑන් අද්දනකං, බස් හෝල්ට්වල චාටරේ කාපු කොල්ලො හැමෝම දන්නවා ඒ බලාපොරොත්තුවේ කුතුහලය කිචිය සහ වේදනාව. ආදරේ මුලින්ම දැනෙන, පපුව හීතල වෙන, හුස්ම හයියෙන් හයියෙන් වැටෙන දවස්වල, නම පමණක් දැනගෙන පෙම පිපෙන කාලෙට, කොහොමද ඒ කාලෙට ‘ආදරණීය නේරංජනා’ සින්දුව දැනෙන්නේ? ‘නිදි යහනේ මා නින්දට වැටුණා – ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා’, ඇඳට වැටුණත් මතක් වෙන, නින්දට වැටුණත් හීනෙන් පේන මූණ ගැන කොහොමද දැනෙන්නේ? ඒ ෆීල් එක තව තවත් ෆීල් කරන්න ප්‍රියා අපිට සින්දු දුන්නා. එතකොට ආදරේ කරපු සියල්ල දාලා පිටරට ගිහින් ජීවිතේ දිනන්න මහන්සි වෙන කොල්ලෝ, උදේට නිදිමත සීතල කැපිලා යන්න කෝපි එකක් බොන ගමන් ප්‍රියාට ඇහුම්කන් දුන්නොත්, ඒගොල්ලන්ට කොහොමද ‘රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ’ සින්දුව දැනෙනවා ඇත්තේ? මේවා දැනෙන්න අපිට මධුවිතම විතරක්ද ඕනේ? බොන්න සෙට්වෙන වෙලාවට විතරක් නෙවෙයි, මත්වෙන වෙලාවට ඉතාමත් ගැළපෙන සින්දු කියපු, සින්දුවලින් අපිව මත්කරපු ආටිස්ට් කෙනෙක්. මේවා බිව්වත් නැතත් හිත් මත්කරන සින්දු.
පර්සනලි මම හිතනවා ප්‍රියාගේ මියුසිකල් ජර්නි එකේ රීබර්ත් එක සිද්ධ වෙන්නේ සිරස සුපර් ස්ටාර් නිසා කියලා. මාවතගමින් ආව අජිත් බණ්ඩාර, ‘ඈත රන් විමන්’ සින්දුව කිව්වත් හරි, පොදුජන හද දිනූ ගායකයා විදියට ලංකාවේ පළමුවැනි සුපර් ස්ටාර් වීම දක්වා ඉහළටම ගියා. ඒ ප්‍රියා නිසා. අද අජිත් බණ්ඩාර වැඩිය පේන්න නෑ. ඒත් ප්‍රියා ගිහිල්ලත් තාමත් අපි අතරේම ඉන්නවා. ‘ඈත රන් විමන්’ තමයි ප්‍රියාගේ ටේ්‍රඩ්මාර්ක් සින්දුව. ඒ සින්දුව අහන ඕනෙ කෙනෙක් ඉන්නේ අහසේ, වලාකුළු අතරේ, පියාඹන ෆීල් එකක. රොකට් ඇතත් නැතත් ඒ සින්දුවට පුළුවන් අපිව ස්වර උඩ පාකරලා යවන්න. ප්‍රේමකීර්තිගේ පද, ක්ලැරන්ස්ගේ නද, ආයෙ වෙන මොනවද ඕනෙ ඉතින්. ඈත සුරපුරේකින් රෑට වැටුණු තරු දහස් ගණන් අහුලලා, ආයෙත් අහසට වීසි කරලා ඒ මැද්දෙන් පියාඹලා යන්න පුළුවන්.
ප්‍රියාට තියෙන්නේ අයිකොනික් වොයිස් එකක්. අමුතු විදිහට ඇදලා පැදලා සිං කරන සිහින් සුන්දර හඬක්. මං දන්නෑ ඒක අද කාලේ එළියට ආවා නම් මිනිස්සු පිළිගනීවිද කියලා. සමහර විට නැති වේවි. අලුතින්ම ආවොත් අලුත් අයගෙන් බහුතරයකට සෙට් වෙන්නැති වේවි. නමුත් අලුත් ජෙන් එකත් ප්‍රියාගේ සින්දු අහනවා කියන එක තැනින් තැන දැනෙනවා. ස්පොටිෆයි ප්ලේලිස්ට් අහනවා කියන එක පේන්න තියෙනවා. යූටියුබ් කමෙන්ට්ස්වල මැද ඉසෙඩ් ජෙන් එක පේන්න ඉන්නවා. ඒ අයත් වැඩෙනකොට ඒ හිත් ඇතුළේ ප්‍රියා වැඩේවි. ප්‍රියාගේ හඬට ප්‍රිය වේවි.
ප්‍රියා ගෙන ගියේ අපේ ආදරේ.
සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා නිල් පාට අකුරින් ලියැවිලා තිබ්බ ආදරේ.
මේ ලොවෙන් එහා සිටන් ප්‍රියා අපි දිහා බලන් ඉඳීවි.
අසමාන වූ ඒ ප්‍රිය ආදරේ, කිසිදාක බිඳෙන්නෑ.
ඒ ගැන නං සැකයක් නැතේ…
සුබ ගමන්, ප්‍රියා සූරියසේන…
ෂෙනාල් ගුණසේකර










