කොළඹ පැවති වැඩසටහනට එක්වෙමින් ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට ද ආණ්ඩුවට සිදුව ඇති බවය.Sri Lanka Latest News
ආණ්ඩුවට පැමිණීමට පෙර තමන්ට තිබුණේ පාරේ සටනක් වුවද දැන් පවතින්නේ රාජ්‍ය නිලධාරීන් සමග සටනක් බවත් පැවසූ ඔහු රාජ්‍ය සේවය ඇතැම් පිරිස් පරණ දූෂිත ක්‍රමයටම වැඩ කරමින් සිටින බවද කියා සිටියේය.
ඒ හේතුවෙන් ජනතාවට සහනදීම, ජනතාවගේ අයිතිවාසිකම් රැකීම ආදියට බාධා වෙමින් ඇති බවද ඔහු කියා සිටියේය.
පරණ පුරුදු විදිහට වැඩ කිරීම අතහරින්න බැරි එම නිලධාරින් නව ආණ්ඩුවේ ජනවරම තේරුම් ගෙන නැති බවද ඔහු පැවසුවේය.
‘දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අපට අද අපිට මුදල් අමාත්‍යාංශය එක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. බදු ප්‍රතිපත්ති ගැන රණ්ඩු කරන්න වෙලා තියෙනවා’










