වර්ෂ අවසාන සති අන්තයේ සීතල නුවරඑළියේ සුන්දරත්වය විද ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි අප මාධ්‍වේදීහු වාර්තා කරති.Sri Lanka Latest News
ගෙවුණු නත්තල් දිනයේ හා ඊට පසු දිනවල නුවරඑළිය නගරය හා ආසන්න සංචාරක කේන්ද්‍රස්ථාන වෙත ජනතාව විශාල් වශයෙන් පැමිණෙන බව ඔවුහු පවසති. නුවරඑළියේ සංචාරක හෝටල් කාමර බහුතරයක් වෙන් කර අවසන් බවයි වාර්තා වන්නේ.මේ වන විට නගරයේ සැළකිය යුතු මට්ටමේ වාහන තදබදයක් ඇති වී ඇති අතර පොලීසිය එම තදබදය අවම කිරීම සඳහා විශේෂ රථ වාහන පාලන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
නුවරඑළියට නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයන්ගෙන් නුවරඑළිය සංචාරක පොලිසිය ඉල්ලා සිටින්නේ තමන් සතු වටිනා ආභරණ හා මුදල් පසුම්බි හැකිතාක් පරිස්සම් කරගනිමින් ලියාපදිංචි රථ ගාල් වල පමණක් සම වාහන ගාල් කරන ලෙසයි.
කැන්ඩි ප්‍රයිම් නිව්ස්



















