අලි කුලප්පුවක් හේතුවෙන් ඇත්ගොව්වකු බරපතල තුවාල ලැබීමේ පුවතක් දොඩන්දූව මොරකොළ විහාරස්ථානය ආසන්නයෙන් වාර්තා වේ.Sri Lanka Latest News
එම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැරට රැගෙන විත් තිබූ අලියකු පෙරහැර අතරතුර මෙලෙස කුලප්පු වී ඇත්ගොව්වාට පහරදී ඇත.
මෙම පහරදීම පෙරහැර නරඹමින් සිටි අයකු ජංගම දුරකතනයකින් පටිගත කර ඇත.
එම දර්ශනවලට අනුව ඇත්ගොව්වාට හදිසියේ පහරදෙන අලියා මාර්ගය දිගේ දිවයනු දැකගත හැකිය.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා සඳහන් කරයි.










