• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යයට සාහිත්‍යයට කළ සේවයට ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි! PHOTOS I Sri Lanka Latest News

December 28, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
මාධ්‍යයට සාහිත්‍යයට කළ සේවයට ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසේන මාරසිංහ ‘කලාභූෂණ’ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙසැම්බර් 12 වැන දින අරලියගහ මන්දිරයේ පැවැති 2024 කලාභූෂණ (39 වැනි) සම්මාන උළෙලේදී ‘මව්රට’ ඉරිදා සංග්‍රහයේ නියෝජ්‍ය කර්තෘ චන්ද්‍රසේන මාරසිංහ මහතා වසර පනහකට වැඩි කාලයක් තිස්සේ මාධ්‍ය කලාවට සහ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙවර වෙනුවන් වූ ‘කලාභූෂණ රාජ්‍ය සම්මානය’, බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ ඇමැති හිනිඳුම සුනිල් සෙනවි මහතා විසින් මාරසිංහ මහතා වෙත පිරිනමනු ලබන අන්දම ඡායාරූපයෙන් දැක්වේ. (Sri Lanka Latest News)

සබරගමු පළාතේ ලලිත කලාපති

රත්නපුර පළාත් මධ්‍යම පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දෙසැම්බර් 19 වැනි දින පවත්වන ලද සබරගමු පළාත් රාජ්‍ය සාහිත්‍යය කලා මහෝසවයේ දී චන්ද්‍රසේන මාරසිංහ ලේඛන කලාවට සහ සාහිත්‍ය ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙවර වෙනුවෙන් ලලිත කලාපති සම්මානය සබරගමු පළාත් ආණ්ඩුකාරවර ඒ.ඒ. චම්පා ජානකී රාජරත්න පිරිනැමුවාය.

චන්ද්‍රසේන මාරසිංහ ‘ජනතා’ පුවත්පතට ‘පලදෙන පව්’ නමින් 1969 සැප්තැම්බර් 05 වැනි දින මංගල කෙටිකතාව ලියා පළකිරීමෙන් පසුව ලේඛන කලාවට පිවිසියේය. අනතුරුව ලේක්හවුස් ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් එක්ව තරුණි, බුදුසරණ, මිහිර, සුබසෙත යන සතිපතා ප්‍රකාශන සංග්‍රහවල සේවය කෙළේය. එහිදී තරුණියට ‘ඔබ එනතුරු’ නවකතාවත් බුදුසරණට ‘අහං අවේරෝහෝමි’ නවකතාවත් සතිපතා කොටස් වශයෙන් ලීවේය.
තරුණි සංග්‍රහයට පළමුවෙන්ම ලියූ ‘මගේ ලොවට සඳහිරු එපා’ යන ඉතාම ජනප්‍රිය වූ කෙටිකතාව ඔහුගේ පුවත්පත් කලාවේ සහ ලේඛන කලාවේ අබිරහස් fදාරටුව විදාරණය කළ ආශීර්වාදාත්මක ගුප්ත පියගැටපෙළ වූවේය. අනතුරුව, 1982 දී ‘දිවයින’ පුවත්පතට එක්ව හිටපු තැපැල් ඇමැතිවරයකු වූ ඇන්.එච්. කීර්තිරත්නගේ චරිත කතාව සතිපතා කොටස් වශයෙන් ලියා පළකෙළේය.

1992 දී සහකාර ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයකු වශයෙන් සේවය කරද්දී වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් රාජකාරියට බැඳුණේය.

ඉන් පසු 2004 සිට 2011 දක්වා ලක්බිම පුවත්පතේ සේවය කරන විට ‘වැටත් නියරත්’ විශේෂාංගය අරඹා මේ රටේ සිදුවූ සහ සිදුවෙමින් පවත්නා දූෂණ, වංචා සහ මගඩි දහස් ගණනක් හෙළිදරව් කෙළේය.

ඉක්බිති ජනසෙත සහ සියදෙස යන පුවත්පත්වලද (කොරෝනා ව්‍යසන සමයේ) සේවය කළ හෙතෙම මේ වනවිට ‘මව්රට’ පුවත්පතේ සේවය කරයි.
ලංකාවේ පළමු වරට නාඩි වාක්‍ය ජ්‍යොතිෂ ක්‍රමය රටට හෙළිකළේ ද චන්ද්‍රසේන මාරසිංහය.

1969 ජනතා පුවපතේ ‘පලදෙන පව්’ කෙටිකතාවෙන් fදාරට වැඩි ඔහු, තමන් සේවය කළ පුවත්පත් සියල්ලටම පාහේ කෙටිකතා විශාල සංඛ්‍යාවක් ලීවේය. දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ‘රාක්‍ෂයාගේ බිරිය’ නම් කෙටිකතාවට සුධර්මන් වික්‍රමරත්න මහතාගේ පරිසර සංගමය විසින් පවත්වන ලද තරගයකින් හොඳම කතාව වශයෙන් තේරීමෙන් එනමින් කෙටිකතා පොතක්ද පළ කෙරුණේය.

දෙනගම සිරිවර්ධන සහ පුංචිහේවා යන මහත්වරුන් සංවිධාන කළ තරගයකින් මාරසිංහයන්ගේ ‘මිනිස්සු සහ දෙවියෝ’ යන කතාවට මුල්තැන හිමිවිය.
ඒ කතාවේ හරය වූයේ උතුරේ උදවියත් දකුණේ උදවියත් කවුරුන්ද යන්නය. එම කතාවේ නමින්ම කෙටිකතා සංග්‍රයක් ද මුද්‍රණය විය.
ඒ අතරතුරේ ඔහු කෙටිකතා පොතක් ද එළි දැක්වූවේය. නම ‘ජම්බි’ය. එහි ‘අපේ අය’ යන කතාව 1996 දී ස්වාධීන රූපවාහිනියේ ටෙලිනාට්‍යයක් වශයෙන්ද විකාශය විය.

මේ වනවිට හෙතෙම ‘සමන්පිච්ච සුවඳ’ සහ ‘නාඩි සූත්‍ර’ යන නම්වලින් කෙටිකතා පොතක් සහ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලියා නිමකර ඇත. හෙතෙම ඒවා පළකිරීමේ අපේක්‍ෂාවෙන් සිටියි.

නාඩි වාක්‍ය පොත දැනට වසර හය හත් දහසකට පෙර දඹදිව විසූ අගස්ති, වශිෂ්ඨ, කෞමාරභට්ට, නන්දිකේශ්වර, විශ්වාමිත්‍ර, කාකභුජන්දර ආදී ඉසිවරුන් විසින් ලෝකයේ සියලු ජන්මීන්ගේ එදා මෙදාතුර ජීවිත පලාපල විස්තරකර ලියන ලද ගුප්ත විද්‍යාත්මක ජ්‍යෙතිෂ පර්යේෂණ ග්‍රන්ථයකි.

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේත් හොඳම කෙටිකතාකරු මාරසිංහ

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සාහිත්‍ය මහෝත්සවය පසුගියදා එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දහසකට ආසන්න ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් පැවැති අතර, කෙටිකතා, නවකතා, ගීත, ගැදිපැදි ආදී තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් සියයකට ආසන්න පිරිසකට ත්‍යාග සහ සහතික පිරිනමනු ලැබිණි.

ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සංස්කෘතික නිලධාරිනී ලලිතා විමලරත්න මහත්මිය සහ ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මියගේ උපදෙස් මත හා සුධර්මා ජයසිංහ මහත්මියගේ සහායෙන් උත්සවය සංචිධාන කර තිබිණි.

විවෘත අංශයේ කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් චන්ද්‍රසේන මාරසිංහ මහතාට හිමි ත්‍යාගය ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මිය විසින් පිරිනමනු ලබන අන්දම ඉහත ඡායාරූපයෙන් දිස්වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ දීපිකා කලුගල්ල සහ සමෘද්ධි මූල්‍ය කළමනාකාර ජසින්තා ගුණවර්ධන මහත්මීහුද අසලින් සිටිති.

ප්‍රදේශවාසීන්ගෙන් උපහාර

තම ප්‍රදේශයට විශාල කීර්තියක් ගෙන ඒම සම්බන්ධව උදම් වන රඹුක්කන සූරියමළුවේ ඇන්තනී මාවතේ සිංහල, හින්දු (දෙමළ) සහ ඉස්ලාම් භක්තික තරුණ තරුණියන් චන්ද්‍රසේන මාරසිංහට උපහාර දැක්වූහ.

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ චන්ද්‍රසේන මාරසිංහයන්ගේ පාසල් සමයේ සිට මිතුරකු වන පසුගිය වසරේ සුගතදාස ක්‍රීඩාංගණගයේ පැවැති ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ තරග මාලාචේ සැතපුම් තුනේ ඇවිදීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිනූ වයි.ඇම්. පියසේන මහතා තම මිතුරාට සමරු තිළිණයන් පිරිනමන අයුරුයි. ගම්වාසීන්ගේ උපහාර උළෙල පාඨශාලාචාරිනී සඳමාලි දීප්තිකා කුමාරි විජේසිංහ සහ මහිම රූපලාවාන්‍යාගාර අධිපතිනි චතුරිකා යන මහත්මීහු උපහාර උත්සවය සංචිධාන කර තිබුණාහ.

SendShareShare
Previous Post

ආපිකෝ එක ඉස්සරහා ‘ප්‍රියා’ව දැකපු රවී! සටහන කෙටියි – ඒත් ලස්සනයි! Sri Lanka Latest News

Next Post

ප්‍රසිද්ධියේ බය නැතුව මහ දවල් පොලු මුගුරු අරන් සුදු වෑන්වලින් ඇවිත් මිනිස්සුන්ට ගහන මුන් කවුද? කෝ නීතිය? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.