• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙනේෂ් රූපවාහිනී සභාපතිකමෙන් අයින් වුණු ඇත්ත හේතුව ඔහුම ඔහුගේ ෆේස්බුක් එකේ ලියයි! I Sri Lanka Latest News

December 25, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
සෙනේෂ් රූපවාහිනී සභාපතිකමෙන් අයින් වුණු ඇත්ත හේතුව ඔහුම ඔහුගේ ෆේස්බුක් එකේ ලියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා ඇස් ඉල්ලා අස්වී ඇත.Sri Lanka Latest News

කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ සැප්තැම්බර් මාසයේදීය.

ඒ සම්බන්ධයෙන් සෙනේෂ් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන මෙසේය.

2024.12.24 නත්තල් ලබන හවස අල්ලාප සල්ලාපය

සේවා අංක 1078 සිට සේවා අංක 2766 දක්වා

සේවා අංක 1078 කියන්නේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු වශයෙන් මම ජාතික රූපවාහිනියට බැඳිලා නිෂ්පාදකවරයෙකු ලෙස අස්වෙලා යන තෙක් මගේ සේවා අංකය. කිසිදවසක ආයෙත් තනතුරකට එන්න නොසිතුවත්, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් හදිසියේම ජාතික රූපවාහිනියේ සභාපති වශයෙන් සේවා අංක 2766 හැටියට වැඩබාරගන්න සිදුවීම අහම්බයක්. එම කාර්යය අවසන් කරලා අස්වීමේ ලිපිය බාර දීලා වර්තමාන ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්ක අල්ලාප සල්ලාප කතා කරන විට “එදා අපිට තිබ්බෙ මෙහෙයුමක්..” ඔහු මේ කාර්යය මා හට එදා දවසේ පවරපු හැටි මතක් කළේ දැඩි සහොදරාත්මක ස්වරයෙන්. “ඒක ඇත්තටම ලොකු කැපකිරීමක්..ඔයා කළේ” අමාත්‍ය භූමිකාවෙන් මිදුණු නලින්දගේ හෘදයාංගම බව ඒ වචනවල තිබුණා. ඒ දවස අපි දෙන්නාම මතක් කළා.

2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගේ ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬකර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණ. ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම “සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.” මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. “…….. ත් තියෙනවා, …… ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..” නලින්ද සුපුරුදු හිතෛෂි නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. “ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.” “ඒවා පස්සෙ කතාකරමුද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මණට තීරණයක් ඕන..” නලින්ද ඇමතුම විසන්ධි කළා. නිම්මිට ඇමතුමක් ගත්තා. “පුලුවන් වෙයිද නිවාඩු ගන්න… ” නිම්මි එක්ක තරමක් දිග ඇමතුම අතරෙ බිමල් රත්නායක සහෝදරයාගේ ඇමතුමක් ආවා. “CV එකක් WhatsApp එකට එවන්න.. පරක්කු වෙන්න බෑ.. දැන්ම දාන්න” කියලා. මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද පීඨාධිපති තුමාට කතා කලාම සුබ පතලා උපකුලපතිතුමාට කියන්නම් විනාඩි 5කින් එතුමාට කතාකරන්න කිව්වා. ඒ ඇමතුම විසන්ධි වූ සැණින් ප්‍රේමරත්න තෙන්නකෝන් සහෝදරයාගේ ඇමතුම වූයේ “සෙනේෂ් අයියේ.. CV එක ගන්න අපි දෙන්නෙක් ගෙදරට එන්නද..? අහලා. “VCගෙන් අනුමැතිය ගත්තේ නෑ තාම.” ප්‍රේම්ගේ ඇමතුම වගේ නෙවෙයි නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂි බවක් තිබුනේ නෑ “කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුලුවන් වෙන්නම ඕන ..? මාස දෙකක් තුනක්..? මේක වැඩක්..! කරමු ඉතින් දැන් කරමු මේක..!! ” මාස තුනකට හිත හදාගත්තා. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාත්මක අඩුව හොඳින්ම දන්නා නිසා “සර් මං හිතනවා ලෙක්චර්ස් ටිකත් කරන්න කොහොම හරි..” කියලා සහමුලින්ම පූර්ණකාලීන නොවන හැටියට සේවා නිදහසක් උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. “යන්න ළමයා.. ජාතික වගකීම ඉටු කරන්න.” ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ උපකුලපතිතුමා නව පත්වීම හරහා බැඳුණු පරිපාලන නිරවුල් කරදීම් එවෙලේම ලේඛකාධිකාරී තුමාට පැවරුවා. ඉතින් CV එක WhatsApp කළා.

2024.09.25 දින උදෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ලිපිය ලැබුණේ උනුසුම් වැළඳගැනීමක් එක්ක. වෙලාව අරගෙන ජාතික රූපවාහිනිය ගැනත් ඒ සම්බන්ධ තවත් දේ ගැනත් ගැන හොයලා හෙට වැඩ බාරගන්න හිතුවා. මාස තුනක කෙටි කාලයකට ගැළපෙන කෙටි සැලසුමක් පමණක් හදාගත්තා.

2024.09.26 දින වැඩ බාර ගත්තා. මාස තුනකින් සේවය අවසන් කරන අදහස මුල් කරගෙන “කෙටි කාලයයි මං ඉන්නේ.. ඒ ටිකට මේ වැඩ ටික කරගන්න ඕන..” කාගෙ කාගෙත් උදව්වෙන් ඒ මෙහෙයුම ආරම්භ කළා.

අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා සමග සසඳා බලද්දි මේ රජය බලයට පත්වන 2024 සැප්තැම්බර් මාසය අග වන විට ජාතික රූපවාහිනිය එතෙක් පැවතියාවූ දුර්වල සහ නොපිළිගත් මට්ටමෙන් මුදවා ගෙන, සිය මාධ්‍ය මෙහෙවරෙහිලා නිර්මාණාත්මක සහ තාක්ෂණ ශිල්පීයත්වයේ ප්‍රශස්ත මාධ්‍යකරණය අංශයෙන් මෙන්ම රජයේ ජනමාධ්‍ය ආයතනයක් ලෙස ආර්ථිකමය අංශයෙන්ද පැවති ඉතාමත් දුර්මුඛ තත්ත්වය මගහරවා ගනිමින් ගතවූ මාස තුනක කාල පරිච්ඡේදය තුළදී

• කලක් තිස්සේ සංස්ථාව සමග ගනුදෙනුවලදී ගැටළු සහගත ව කටයුතු කළ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, කොළඹ නගර සභාව, විදුලිබල මණ්ඩලය සහ සමාගම, ලංකා බැංකුව වැනි ආයතන සමග පැවති බදු, ණය, හිඟ, දඩ පිළිබඳව නැවත සාකච්ඡා කොට බිඳ වැටී තිබුණු විශ්වාසය නැවත ගොඩනැංවීමටත්,

• මෙරට වෙළඳ ප්‍රචාරණ නියෝජිතායන මෙන්ම ජනමාධ්‍ය කර්මාන්ත සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ, ටෙලිනාට්‍ය සහ ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දූෂණය සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සංස්ථාව කෙරෙහි පැවති සැක සංකා හේතුවෙන් ඈත්ව ගිය සබඳතා නැවත ගොඩනංවා විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමටත්,

• අන්තර්ජාතික වශයෙන් සාමාජිකත්වය අහිමිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් ආසියා පැසිෆික් විකාශන සංගමය (ABU) සහ විකාශන සංවර්ධනය සඳහා ආසියා-පැසිෆික් ආයතනය (AIBD) සමග පැවති ව්‍යාකූලතා සංසිඳවා නැවත සාමාජිකත්වය සුරක්ෂා කිරීමටත්,

• ගුණාත්මක ප්‍රේක්ෂකත්වය නැවත ආකර්ෂණය පිණිස නව වැඩසටහන් ආරම්භ කිරීමේදී අනවශ්‍ය නිෂ්පාදන පිරිවැය කලමණාකරණය කිරීමට සහ පරිපාලන වියදම් පාලනය කිරීමට කටයුතු කිරීම මෙන්ම ටෙලිනාට්‍ය වැනි බාහිර වැඩසටහන් මිලදී ගැනීමේදී පාරදෘශ්‍යභාවය පවත්වාගැනීම තුළින් විනිවිද මූල්‍ය පරිපාලනයක් ඇතිකිරීමටත්,

• සංස්ථාවේ ප්‍රවෘත්ති, කාලීන වැඩසටහන්, විචිත්‍රාංග වැඩසටහන්, ටෙලිනාට්‍ය, ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරග, නිතර ඉල්ලීම් ඇති පැරණි වැඩසටහන් සහ අනෙකුත් වැඩසටහන් ප්‍රවර්ග ටෙලිවිෂන් තිරයෙන් නරඹන ප්‍රේක්ෂකත්වය විශාල ගුණයකින් වැඩි කරගැනීමටත්, ඩිජිටල් අවකාශයේ අතීතයේ නොවූ තරම් සුවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ස්ථාපිත කරගැනීමෙන් ඉන් ආදායම් ඉපයීමටත්,

• ජාතික නාලිකාව, චැනල් අයි, සහ නේත්‍රා ටීවී වෙන වෙනම අනන්‍යතා සහිත නාලිකා ත්‍රිත්වයක් ලෙස සලකා වෙනස් වෙනස් ප්‍රේක්ෂක සමූහ එල්ල කරගත් වැඩසටහන්, තාක්ෂණ සේවා සහ අලෙවි කටයුතු සිදු කිරීම ආරම්භ කිරීමටත්,

• විටින්විට සේවක වැටුප් හා දීමනා ගෙවීමට නොහැකිවූ අතීත තත්ත්වය නැවත ඇතිවීම වලක්වා කලට වේලාවට සේවක වැටුප් ‍හා දීමනා ලබාදීමටත්,

මූලික වශයෙන්ම ජාතික රූපවාහිනිය සමත් වුණා.

ඊට සහයෝගය දුන්නු කාර්ය මණ්ඩලයේ සැමට ස්තූති පූර්වක වෙමින් 2024.12.25 දිනට මාසික වැටුප් නොලබා මා විසින් ලබා දෙන ලද මාගේ සේවා කාලයට තුන් මසක් සම්පූර්ණ වන දින සිට මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව 2024.12.05 දා වර්තමාන ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා කළා. 2024.09.26 දින සිට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් පත් කරන ලදුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ කටයුතු කළ මම මාගේ සේවාකාලය 2024.12.25 දිනට තුන්මසක කාලයක් සම්පූර්ණ කරන විට ජාතික රූපවාහිනියේ දැරූ තනතුරෙන් සමුගන්නවා. බලයට පත්වූ ජාතික ජන බලවේගය රජයේ මුල් පත්වීම් අතර මා ලද මෙම පත්වීම මගින් රජයට, රටට, ජනතාවට ජාතික වශයෙන් වගකියනු ලබන ගුණාත්මක ටෙලිවිෂන් මාධ්‍ය ආයතනයක් බවට නැවත ජාතික නාලිකාව පත් කරවන්නට අවස්ථාවක් කරගැනීමට ඒ කාලය තුළ හැකි වීම පිළිබඳව සෑහීමට පත් වන අතර, ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව සහ මගේ රාජකාරී අධීක්ෂණය කරන ලද විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යතුමන්ලා වෙතින් ලද සහයෝගය ඉතා අගය කොට සලකනවා. ජාතික රූපවාහිනිය මෙවැනි යළි සාර්ථක ආරම්භයක් තබන්නට කෙටි කාලීන සැලසුම ක්‍රියාත්මක කිරීම පමණක්ම නොව නැවතත් ජාතික රූපවාහිනියට ආදරය කැඳවමින් එහි ගුණාත්මක ප්‍රේක්ෂාගාරයට එක්වූ ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් මගේ ආදරණීය ගෞරවය හිමි කරනවා. ආචාර්ය ප්‍රසාද් සමරසිංහ, ආචාර්ය අජන්ත සෙනෙවිරත්න මෙන්ම ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන හිටපු මෑත කාලීන සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු විවිධ විද්වතුන් හිතවතුන් රසවතුන් විටින්විට මාහට දෙන ලද උපදෙස් සහ තොරතුරු මට උපකාර වූ බව සටහන් තබනවා. එමෙන්ම ගිහාන් ද සිල්වා සහෝදරයා නව සභාපතිධුරයට පත්ව ක්‍රියාත්මක කරනු ලබන අනාගත ඉදිරි සැලසුම් කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඉතසිතින් සුබ පතනවා.

ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහොදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදු ව තිබේ. “ඒකත් කරන්නම වෙනවා..” අල්ලාප සල්ලාප අතරේම නලින්ද ආයෙත් එහෙම කිව්වා.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ ගුරු සංගමේ හිටපු සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ එංගලන්තෙදී මියයයි! I Sri Lanka Latest News

Next Post

67 දෙනෙක් එක්ක ගුවන් යානයක් කඩා වැටෙයි! 25ක් බේරෙයි! I Sri Lanka Latest News

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පසුගිය දිට්වා කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම...

Read more
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.