පසුගිය රජයන් සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන දේශපාලනඥයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ඊයේ (24දා) සිට ආරම්භ කර ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
පසුගිය රජයන් සමයේ ජනාධිපති අරමුදලේ මුදල් ඇතැම් දේශපාලනඥයන්ට හිතුමතේ ලබාදී ඇති බව වාර්තමාන රජය විසින් කළ විමර්ශනයකදී හෙළි වී තිබිණි.
ඇතැම් දේශපාලනඥයන් තම සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ජනාධිපති අරමුදලේ මුදල් ලබාගෙන තිබූ ආකාරය පිළිබඳව ඇමැති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළි කළේය.
සෞඛ්‍ය පහසුකම් මෙන්ම තවත් විවිධ දේ සඳහා හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලනඥයන් පිරිසක් ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කර ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ඒ නිසා බව වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
ජනාධිපති අරමුදලේ මුදල් මෙසේ අවභාවිතා කළ බව කියන දේශපාලනඥයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.










