• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ නිළි ජීවිතයේ ගෞරවනීය තාත්තා ඔහුයි! Sri Lanka Latest News

December 23, 2024
in Heart
Reading Time: 2 mins read
A A
මගේ නිළි ජීවිතයේ ගෞරවනීය තාත්තා ඔහුයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්මානනීය ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි උදාරි වර්ණකුලසූරිය පසුගිය දවස්වල මාධ්‍ය කතිකාවට ඇවිදින් අසහාය සම්මානනීය නිර්මාණකරු ජැක්සන් ඇන්තනී ගැන මතකය අලුත් කරමින් දැඩි සංවේගයකින් කතා කරලා තිබුණා. (Sri Lanka Latest News)

ජැක්සන් ඇන්තනී ගැන ඒ විදියට ලොකු වේදනාත්මක මතකයක් අවදි කරන්නට උදාරිගේ කතාබහට පාදක වූ කාරණාව වුණේ ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිත ‘එක ගෙයි සොකරි’ චිත්‍රපටයයි. දැවැන්ත සම්භාවනීය නිර්මාණයක් ‘එක ගෙයි සොකරි’ ජැක්සන් ඇන්තනීගේ පළමු චිත්‍රපට නිෂ්පාදනයයි.
‘ජැක්සන් ඇන්තනී මහත්තයගෙ අවසාන කාලේ එතුමගේ ළඟින්ම හිටපු අය අතර මමත් එක්කෙනෙක්. සිනමා නිර්මාණකරුවකු විදියට නෙවෙයි. ‘එක ගෙයි සොකරි’ රූගත කරන අවස්ථාවල ඔහු මම ඉතා ළෙන්ගතුව සමීපව හිටියේ තාත්තා කෙනෙක් වගෙයි. ගුරුවරයකු වගෙයි. ඇත්තටම කියනවා නම් ‘වාගේ යැයි’ කියන වචනයත් මෙතැනදී පාවිච්චි කරන්න බැහැ.

සත්තකින්ම මගේ නිළි ජීවිතයේ හැබෑම ගුරුවරයා ගෞරවනීය තාත්තා ඔහුයි. ඔහු සමග ඔහුගේ නිර්මාණවල රූගත කිරීම් කරනකොට පුදුම විදියට ඔහු මාව හැසිරෙව්වා. උපරිමයයි කියලා මම තීරණය කරපු මගේ රංගනයෙහි බොහෝ ඉසව් එතුමා සම්පූර්ණයෙන්ම වෙනස් මගකට අරගෙන ගියා.
‘ඔයා හිතනවද උදාරි මේක ඔයාගේ උපරිමය කියලා? නැහැ. ඒ උපරිමය තියෙන්නේ තව හුඟක් ඈතක. අන්න එතැනට අපි යන්න ඕනේ’ කියලා ජැක්සන් ඇන්තනී මහත්මයා මට ගුරුහරුකම් දුන්න විදිය හරිම ආදරණීයයි…’

උදාරි තමන්ගෙම වචනවලින් ‘එක ගෙයි සොකරි’ සහ එහි අද්විතීය නිර්මාණකරු ජැක්සන් ඇන්තනී ගැන මතකය ඉතා සංවේදීව සිහිකොට තිබුණා. වෘත්තීමය වශයෙන් නිළියක ලෙස තමා කොතැනද ඉන්නේ, ඒ ඉන්න තැනට ලැබෙන ගෞරවයේ කොටස්කරුවකු ලෙස ප්‍රවීණ සහ සම්මානනීය කලාකරු ජැක්සන් ඇන්තනීව දක්වන්න පුළුවන් කියලා උදාරි කියා තිබුණලු. ‘දේවි සම්බුලා’ චිත්‍රපටයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් නිර්මාණයේදීද ඔහු දැක්වූ දක්ෂතාව මෙන්ම ඒ වෙනුවෙන් කළ කැපකිරීමද අදහන්න බැරි මට්ටමක තිබුණාය කියලා උදාරි එහිදී පවසා තිබුණා.

‘කොහොමත් ඔහු නැති අඩුව කිසිවකුට පුරවන්න බැහැ. එය ඛේදනීයයි. ඔහු වෙනුවෙන් විකල්පයක් නැහැ….’
උදාරි වර්ණකුලසූරිය හෙළයේ මහා කලාකරු ජැක්සන් ඇන්තනී ගැන සිහි කැඳවීමට තිත තිබ්බේ එහෙමයිලු.

උදාරි කියන්නේ ඇත්තම තමයි. හෙළයේ මහා නිර්මාණකරු වූ ජැක්සන් ඇන්තනීට විකල්ප නැහැ තමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අද්විතීයයි. අසාමාන්‍යයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පුංචි ඡන්දය ගැන කෙටුම්පත ආණ්ඩුවෙන් මැතිවරණ කොමිසමට! I Sri Lanka Latest News

Next Post

අනුර‌ගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ‘ඔන්ලි සිංහල’ද? දෙමළ මුස්ලිම් නැද්ද? සුමන්තිරන්-රාසමාණික්කම්-මුජිබර් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.