එළඹෙන මහමැතිවරණය බොහෝදුරට අගෝස්තු 01 වැනි සෙනසුරාදා දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
මීට පෙර මැතිවරණ කොමිසම නොනිල වශයෙන් දැනුම් දී තිබුණේ අගෝස්තු 08 වැනි සෙනසුරාදා හෝ අගෝස්තු 15 වැනි සෙනසුරාදා මහමැතිවරණය පැවැත්වීමට හැකි බවකි.
නමුත් ආණ්ඩුවේ පාර්ශවයෙන් දැනුම් දී තිබුණේ ජුලි 25 වැනි සෙනසුරාදා දිනට මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසය.
කෙසේවෙතත් ආණ්ඩුව දැනුම් දී ඇති දිනයත්, කොමිසම සූදානමින් සිටි දිනයන්ටත් අතරමැදි දිනයක් වූ අගෝස්තු 01 වැනි දින මහමැතිවරණය පැවැත්වීමට මේ වනවිට කොමිසම සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
එළඹෙන සදුදා (08) දිනයේ මෙම දිනය නිශ්චිත ලෙස ප්‍රකාශයට පත්කිරීමට කොමිසම කටයුතු යොදා ඇත.











