• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ වැඩපිළිවෙළ පරාජය කරනවා වෙනුවට ආණ්ඩුව හදන්නේ ඒකම ඉදිරියට කරගෙන යන්න! ඉන්දියාව අපේ කරට අත දාන්නේ ‘අඛණ්ඩ භාරත්’ සැලසුම ක්‍රියාත්මක කරන්න! එට්කා ගිවිසුම ගැහුවොත් රටම විනාශයි! මිනිස්සු බලය දුන්නේ මේවා කරන්න නෙමෙයි! I Sri Lanka Latest News

December 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල්ගේ වැඩපිළිවෙළ පරාජය කරනවා වෙනුවට ආණ්ඩුව හදන්නේ ඒකම ඉදිරියට කරගෙන යන්න! ඉන්දියාව අපේ කරට අත දාන්නේ ‘අඛණ්ඩ භාරත්’ සැලසුම ක්‍රියාත්මක කරන්න! එට්කා ගිවිසුම ගැහුවොත් රටම විනාශයි! මිනිස්සු බලය දුන්නේ මේවා කරන්න නෙමෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සහ එහිදී එළඹ ඇති ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ අදහස පැහැදිලි කිරීම් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ ගුරු මැදුරේදී පැවැත්වුණි.Sri Lanka Latest News

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මෙසේ කීය.

” අනුර දිසානායක ජනාධිපතිවරයා මේ දිනවල තමන්ගේ පළමු ඉන්දියානු සංචාරයේ නිරත වෙලා ඉන්නේ. ඉන්දියාව සහ ලංකාව අතර ඒකාබද්ධ ගිවිසුමකට ආණ්ඩුව මේ සංචාරයේදි එළඹුණා. එමෙන්ම ඉන්දියාවේ අගමැති මෝදිගේ කතාවෙදි අපිට පැහැදිලි වුණා අනාගතයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමේ සැලසුමකත් ඉන්දියාව සිටින බව.

රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව එක්ක අපි දිගින් දිගටම හැප්පුනේ ඉන්දියාව සමග කරන දේශපාලන ගණුදෙනුවල තිබුණු රටට අහිතකර ප්‍රතිවිපාක කලින් අපි දැක්ක නිසා. ජාතික ජන බලවේග ආණ්ඩුව පවා තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ඇතුලේ රනිල්ගේ මේ දේශපාලන ප්‍රතිපත්ති තදින් විවේචනය කලා. ත්‍රිකුණාමලය නගරයට අයිති භූමියන් විශාල ප්‍රමාණයක් ඉන්දියානු ආර්ථික කලාපයක් සඳහා ලබා දෙන්න දැනටමත් සැලසුම් සකස් කරල තියෙන්නෙ. ඒ භූමියේ ජීවත්වෙන පවුල් 7000කට දැනටත් නිවාස හොයාගෙන යන්න කියල තියෙන්නෙ. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා තියෙන්නෙ. ඒ වගේම තමයි මන්නාරම සහ කුච්ඡවේලි ආශ්‍රිත ප්‍රදේශවල ගෑස් සහ ඛනිජ නිධි කැනීම් කිරීමේ බලය ඉන්දියාවට ලබාදෙන්න සැලසුම් සකස් කරල තියෙන්නෙ. අදානිලගෙ උවමනාවට ඉන්දියාවේ ඉඳල ලංකාවට තෙල් නලයක් දාන්න, ලංකාවේ විදුලි බලාගාර ඉඳිකිරීම සඳහා ඉන්දියාවට අවස්ථාව ලබා දෙන්න සියලු එකඟතාවලට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එළඹිලා හිටියෙ. ඒ සඳහා අවශ්‍ය නීති පවා සංශෝධනය කරමින් හිටියෙ.

ඒ වෙලාවෙත් අපි කිව්වා මේ ගිවිසුම් අරහා ලංකාවේ ස්වාධිපත්‍ය ඉන්දියාවට යට වෙන බව. මොකද ඉන්දියාවට තියනවා ආසියානු කලපයේ භූ දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා වෙන සැලසුමක්. ඉන්දියානු පාර්ලිමේන්තුවේ ගහල තියෙන අඛණ්ඩ භාරත් සිතියම හැදුනෙම ඒ දේශපාලන අරමුණ එක්ක. ඒ සිතියමට ලංකව, නේපාලය පකිස්ථානය වගේ වටේම තියෙන රටවල් ටික එකතු කරල තියෙන්නෙ. ඉන්දියානු පාර්ලිමේන්තුවේ ගහල තියෙන සිතියමට ලංකාව ආවෙ කොහොමද ? ඒ වැඩපිළිවෙළ අපිට පැහැදිලි වෙනවා පහුගිය කාලේ බංගලිදේශයට ඉන්දියාව කරපු මැදිහත් වීම බැලුවම. බංගලිදේශයේ බලශක්ති ස්වාධීනත්වය අත්පත් කරගෙන ස්වීච් එක ඉන්දියාවේ අදානිගෙ අතේ තියාගෙන බංගලිදේශය ආණ්ඩුව තමන්ට ඕන ඕන විදිහට අදටත් නවටනවා.

ඒකම ලංකාවට කරන්න තමයි රන්ල්ගේ ආණ්ඩුව සැලසුම් සකස් කරල තිබුණේ. කංචන විජේසේකර ඇමතිවරයා පහුගිය කාලෙ ගෙනාව විදුලිබලමණ්ඩළ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන පනතක්. ඒ පනතෙ තිබුණා ලංකාවේ විදුලිබල පද්ධතිය විදෙස් රටක විදුලිබල පද්ධතිය සමග සම්බන්ධ කිරීම සඳහා වන යෝජනාවක්. අපි දන්නවා මේක අනිවාරෙන් එන්නෙ ඉන්දියාවේ උවමනාවට. මොකද ලංකාවට ආසන්නම් රට තමයි ඉන්දියාව. එතකොට ඉන්දියාව සමග තමයි මේ ඒකාබද්ධ කිරීම කරන්න ලෙහෙසි වෙන්නෙ. ඒ ඔස්සේ සූදානම් වෙන්නෙ ඉන්දියාවට ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය පාවා දෙන්න.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වුනා නම් ලංකාව ඉන්දියානු කොළනියක් බවට පත්වීම වලක්වන්න බැහැ. ඒ වැඩපිළිවෙළට එරෙහිව රටක් විදිහට දක්වපු විරෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේ. ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් සදාචාරාත්මක වගකීමක් තියනවා රනිල්ගේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න.

අපිට පේන්නෙ ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළ පරාජය කරනව වෙනුවට ඒ වැඩපිළිවෙළම ඉදිරියට කරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නෙ.

මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනං එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න අපි කියනවා ඒක ඉතාම භයානකයි.එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළඳාම ලිහිල් කරන්න. සේවා වෙලඳාම ලිහිල් කරන්න මේ ගිවිසුමේ යෝජනා වෙනවා. අපි දන්නවා සේවා වෙළඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ට ඕන ඕන විදිහට ඇවිත් රැකියා කරන්න පුලුවන් කමක් නෑ. දැන් ඉන්දියාව කියන්නෙ මෙන්න මේ නීති ලිහිල් කරන්න කියලා. ඒකෙන් මොකක් ද වෙන්නෙ ? අදටත් ඉන්දියාවෙ වෛද්‍යවරු ලක්ෂ 5ක් ඉන්නවා රස්සා නැතුව. එට්කා ගිවිසුම අත්සන් කරපු සැනින් මේ සියලු දෙනාට පුලුවන් කම ලැබෙනවා ලංකාවට ඇවිත් රැකියා කරන්න. අපිට ඉන්දියානු කම්කරුවා එක්ක ප්‍රශ්නයක් නෑ දුප්පත් ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කියන්නෙ දශක ගණනාවක් අරගල කරල දිනාගනිපු අයිතිවාසිකම්. වෙන රටකට ඒ අයිතිවාසිකම් පාවාදෙන්න පුලුවන් කමක් නෑ.

මේ ගිවිසුමෙන් පස්සෙ අපේ කම්කරුව ගන්න වැටුපට වඩා අඩු වැටුපකට සේවය කරන්න ඉන්දියාවේ රැකියා නැති කම්කරුවො මෙහේ එනවා. අපේ වෛද්‍යවරයගෙ වැටුපට වඩා අඩු වැටුපට සේවය කරන්න වෛද්‍යවරු ඉන්දියාවෙන් එනවා. හන්දියේ බාබර් සාප්පුවක් දාගෙන කොණ්ඩෙ කපන කෙනා, හන්දියේ ත්‍රීවීල් එකක් තියාගෙන හයර් දුවන කෙනා, කඩල කරත්තයක් දාගෙන ඉන්න පුද්ගලයා මේ හැමෝගෙම සුළු සුළු රැකියාවලට පවා තට්ටු වෙන ගිවිසුමක් තමයි අත්සන් කරන්න සූදානම් වෙන්නේ

රටේ ජනතාවට කන්න බොන්න නැතුව ඉන්න වෙලාවක. ණය ගෙවාගන්න බැරුව ඉන්න වෙලාවක තරුණියන්ට රැකියා නැතුව ඉන්න වෙලාවක අනේ පව් කියලා ලොකු අයියගේ කාර්භාරය කරන්න නෙවෙයි ඉන්දියාව මේ අපේ කරට අත දාගන්න ලෑස්ති වෙන්නේ. ඉන්දියාවට තියනවා භූ දේශපාලන වැඩපිළිවෙළක්. ඉන්දියාව ඉන්නෙ ලෝක ආර්ථික බලවතා වීමේ සූදානමක. ඒ සඳහා ඉන්දියාවට අවශ්‍ය වෙනවා ආසියානු කලාපයේ භූ දේශපාලන බලය තහවුරු කරගන්න. ඒ අරමුණ එක්ක තමයි පසුගිය කාලේ අඛණ්ඩ භාරත් වැඩපිළිවෙළ එළිදැක්වුනේ.

ලංකාව රටක් විදිහට ලෝකෙ ඉස්සරහ අසරණ වෙන්න ඕන නෑ. අපිත් හිතනවා රටක් විදිහට ඉන්දියාව වගේම සියලු රටවල් එක්ක ආර්ථික සහ දේශපාලන වශයෙන් සම්බන්ධතා පවත්වන්න ඕන. නමුත් ඒ දේශපාලන වැඩපිළිවෙළ සකස් කරද්දී ලංකාවේ රජය හිටගන්න ඕන රටේ ජනතාවගේ පැත්තෙ. සැලසුම් සකස් කරන්න ඕන රටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම වෙනුවෙන්. ජනතාව ආණ්ඩුවට බලය දුන්නෙ ඒ වෙනුවෙන්.

SendShareShare
Previous Post

උගන්ඩාවෙන් සල්ලි අරන් එන එක ගැන මොකුත් නොකියා හැමෝම බලන් හිටිය නිලන්ති කොට්ටහච්චි පාර්ලිමේන්තුවේදී කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ඊයෙ රෑම ආපහු ලංකාවට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.