ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩා ප්‍රශස්ත සේවාවක් ජනතාව වෙත ළගා කරලීමේ ගමනේදී කතානායකවරයා සතුව සුවිශේෂී කාර්යභාරයක් ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාට ගුණාත්මක මහජන සේවාවක් ඉටු කිරීමේ දී කතානායකවරයා සතුව සුවිශේෂී වැඩකොටසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සෑම මන්ත්‍රීවරයකුගේම අදහසට යෝජනාවලට එක හා සමානව සවන් දී ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන පුරුකක් බවට කතානායකවරයා පත්වන බවත් හිටපු කතානායකවරයා මෙන් නොවී ශක්තිමත්ව කටයුතු කරන ලෙසත් නැවත වරක් කතානායකවරයකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.









