තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.Sri Lanka Latest News
ඔහු එමගින් පෙන්වා දී ඇත්තේ අදාළ ප්‍රචාරයන් නිසා තම කීර්ති නාමයටත් ආණ්ඩුවටත් දැඩි හානියක් සිදුවන බවය.
ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබාගත් උපාධි සහතිකය ද මාධ්‍ය හමුවේ අද ප්‍රදර්ශනය කළේය.
කුමාර ජයකොඩි මහතා ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කල පුද්ගලයකු නොවන බවටත් පසුගිය දින කිහිපයේ සමාජ ජාල ඔස්සේ වාර්තාවන් පලවිය.









