තොණ්ඩමන් මහතාගේ අවමගුල් උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
අදාල මාධ්‍යවේදියා අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලට සහභාගි විමෙන් පසුව රෝගි තත්ත්වයක් හේතුවෙන් දික්ඔය මුලික රෝහලට වෙත ගොස් ඇති අතර එහිදි සාමාන්‍ය පරිදි පි.සි.අර් පරික්ෂණයට ලක් කර තිබිණ.
මාධ්‍යවේදියාගේ පි.සී.ආර් පරික්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19 න් වෛරසය ආසාධිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසුවේ මාධ්‍යවේදියාව PCR පරීක්ෂණයට යොමුකළේ ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පැවති නිසා නොවන අතර ඔහුට පැවති ශ්වසන රෝගී තත්ත්වය හේතුවෙන් බවයි.
කිසියම් හෝ අයුරකින් ඔහුට රෝග ලක්ෂණ පැවතියේ නම් නිශ්චිත ලෙසම රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණයට යොමුකරවන බව සුදත් සමරවීර මහතා කියා සිටියේය.
කෙසේවෙතත් අදාළ මාධ්‍යවේදියා සහ ඔහුගේ නිවසේ සිටි පුද්ගලයකු ඇතුළු තවත් රියදුරෙක් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.










