කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු මේ බව පැවසුවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.
“වගකිවයුතු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න ඕනේ. පැහැදිලිවම කථානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අය කරලා තියෙන්නේ රටේ ජනතාව නොමඟ යවලා තියෙන්නේ. හරි විදිහට ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ බරපතළ විවේචනයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඟහරුවාද දිනයේදී අපෙනුත් කථානයකවරයෙක් යෝජනාකරන්න. මොකද අපිට විශ්වාසයක් නැහැ ඊළඟට කථානායක විදිහට මාලිමාවෙන් නම්කරන පුද්ගලයාගේ සුදුසුකම් හෝ විශ්වාසය පිළිබඳ. ඒ පිළිබදව බරපතළ සැකයක් තියෙනවා. ඊළඟ සැරෙත් අපිට රැවටෙන්න බැහැ. අපිත් රැවටිලා ඒයාට සහායෝගය දුන්නානේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මීළග පාර්ලිමේන්තු දවසේ විපක්ෂයේ නමකුත් යෝජනා වෙනවා. හැබැයි ඒ යෝජනාකරන කෙනාගේ බොරු අධ්‍යාපන සහතික නෑ.”










