• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර සම්බාධක පැනවූ ශ්‍රී ලාංකිකයන් 60 දෙනා කවුද? නම් දෙකක් එළියට! අනෙක් 58 කෝ? Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ජාත්‍යන්තර සම්බාධක පැනවූ ශ්‍රී ලාංකිකයන් 60 දෙනා කවුද? නම් දෙකක් එළියට! අනෙක් 58 කෝ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ආර්ථික අපරාධ මෙන්ම වෙනත් බහුවිධ විශ්ව අධිකරණ බල ප්‍රශ්න සඳහා ජාත්‍යන්තර සම්බාධක සහ සංචාරක තහනම් ඉල්ලා ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරන ලද නවතම ලැයිස්තුවකට හමුදා නිලධාරීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 60කට වැඩි පිරිසක් ඇතුළත්වී සිටිනවා. මේ වනවිට මෙම ඉදිරිපත් කිරීම් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය (එංගලන්තය), ඔස්ටේ්‍රලියාව, කැනඩාව, යුරෝපා සංගමයට අයත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතත් යොමුකර තිබෙනවා. අතීත සහ වර්තමාන අපරාධ ලේඛනගත කිරීම, සාක්ෂි විශ්ලේෂණය කිරීම සහ සත්‍යය තහවුරු කිරීම සඳහා මේ වනවිට අදාළ සෑම පාර්ශ්වයකම කාර්යභාරය අත්‍යාවශ්‍ය වෙයි. මෙම 2024 දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක මානව හිමිකම් දිනයේදී මෙම ක්‍රියාවලිය සාර්ථකව ආරම්භ වනු ඇතැයි අප විශ්වාස කරනවා…’ (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවට අදාළව ඇසෙන මෙම බැරෑරුම් කතාන්දරය කුමක්ද? එය කියා සිටින්නේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් නැගෙන මානව හිමිකම් අපරාධ වතගොත අපට ඇසෙන්නේ දැනට දශක එකහමාරක (වසර 15ක) පමණ සිටය. ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධයේ අවසාන සමයේදී (2009) සිටම එම කතාව ඉතා ප්‍රබලව ඇසෙයි. එසේම මෙම කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය සහ යුද අපරාධ සිදුකළේ යැයි කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පාලකයන් කිහිපදෙනකුට මෙන්ම ඉහළ හමුදා නිලධාරීන්ටද ජාත්‍යන්තර සම්බාධක පනවන ලදී. දැන් එසේනම් ශ්‍රී ලාංකිකයන් 60කට අදාළව එවැනි සම්බාධක පැනවීමක් ගැන අසන්නට ලැබෙන අලුත්ම කතාන්දරය කුමක්ද? ඉහත මෙම ලියා තැබූ කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් හරහාය.

මෙම සුවිශේෂ වතගොත කියා සිටින්නේ ජාත්‍යන්තරය ඉහළින් පිළිගත් මානව හිමිකම් විශේෂඥවරියක විසිනි. ඇය නමින් යස්මින් සූකා නමැති කාන්තාවයි. යස්මින් සූකා යනු දකුණු අප්‍රිකානු ජාතිකයකු වන අතර, ඇය දැනට ලෝකයේ තිබෙන ප්‍රකට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයකම ඉහළ තනතුරු දරන්නීය. ඒ අනුව ඇය ප්‍රධානතම තනතුරක් දරන සංවිධානයක් වන්නේ සංක්‍රාන්ති යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය යන ආයතනය වන අතර, ඇය එහි ජාත්‍යන්තර විධායක අධ්‍යක්ෂ තනතුර දරන්නීය. ඇය ඉහත ප්‍රකාශය සිදුකරන්නේ මෙම සංවිධානය විසින් සිදුකරන ලද නිල ලේඛනයකට අදාළවය. යස්මින් සූකා කවරකුදැයි අප තවත් යම් තොරතුරු සොයා බලමු. ඇය වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥවරියකි. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ අවසන් අදියරේදී විමර්ශනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් ලෙසද කටයුතු කිරීමය. යස්මින් සූකා ශ්‍රී ලංකාවේ යුක්තිය සහ වගවීම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ITJP සංවිධානය හරහා විශාල මෙහෙවරක් ඉටුකර ඇත. මේ අනුව ඇය පසුගියදා සිදුකළ නවතම ප්‍රකාශය හරහා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ කුමක්ද?

‘මේ ආකාරයට ITJP විසින් ඉදිරිපත් කරන ලද ලැයිස්තුවට, ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ඇතුළු තවත් විවිධ තානාන්තරයන් දරන ලද ශ්‍රී ලාංකිකයන් 60කට වැඩි පිරිසක් අයත් වෙනවා. ශ්‍රී ලාංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය හා බුද්ධි අංශ නිලධාරීන්, දෙමළ පැරාමිලිටරි නිලධාරීන්, විනිසුරුවරුන්, හිටපු අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවල සිටි සිවිල් නිලධාරීන්ද මෙම පුද්ගලයන් 60 දෙනාගේ කණ්ඩායමට අයත් වෙයි. මෙම පිරිසට අදාළව ප්‍රධාන චෝදනාවක් ලෙස එල්ල වන්නේ ඔවුන් බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ සැලකිය යුතු වංචා දූෂණ රැසක් සිදුකිරීම බව ITJP සංවිධානය ප්‍රකාශ කර සිටිනවා. තවද රටට ආර්ථික අපරාධ සිදුකිරීමට අදාළවද බරපතළ චෝදනා එල්ල වෙනවා. මෙම අපරාධ ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සාධක සහ සාක්ෂි රාශියක්ද ‘ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය‘ සංවිධානය මගින් ඉදිරිපත් කර ඇති අතර, ඒවා අදාළ වගකිව යුතු ආයතන මගින් තහවුරු කර තිබෙනවා…’

යස්මින් සූකා විධායක අධ්‍යක්ෂවරිය තමන්ගේ බරපතළ වගකීම් සහිත ප්‍රකාශය තවදුරටත් මෙසේ සිදුකරයි.

‘දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ම්ලේච්ඡ අපරාධ අතරට නීති විරෝධී ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්, වධ හිංසා පැමිණවීම් සහ ලිංගික හිංසනයන්ද ඇතුළත් වෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා පාලනයේ සහ රාජ්‍ය ආයතනවල ව්‍යුහාත්මකව තැන්පත්වී ඇති සැලකිය යුතු දූෂණ සහ ඒ හරහා සිදුවූ ආර්ථික අපරාධ කෙරෙහිද අවධානය යොමුවී තිබෙනවා. එසේම තවත් බරපතළ චෝදනාවක් වී තිබෙන්නේ මෙම වටපිටාවේදී සිදුවූ අධිකරණ ක්‍රියාවලීන්ට එරෙහිව අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදුකිරීමයි. මෙම අපරාධ සියල්ලම රටේ සිවිල් සමාජයේ සිට ජාත්‍යන්තරය දක්වා විහිදෙයි. තවද මෙම තත්ත්වය සඳහා රටෙන් පිටත සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමටද මෙම ITJP ගෝලීය ආයතනයට වරමක්ද ලබාදුන්නේය. මේ අතරම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට, තොරතුරු හා සාක්ෂි එකතු කිරීමට, ඒකාබද්ධ කිරීමට, විශ්ලේණය කිරීමට හා සංරක්ෂණය කිරීමටද අවස්ථාව ලබාදුන්නේය. තවද මානුෂීය උල්ලංඝනයන් සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපායමාර්ගයන් ගැනීමට මාර්ග සකස් කිරීමටද ලංකාවේ නීතියෙන් අවසර ලබාදී තිබේ. යාන්ත්‍රණයට අනුකූලව හමුදා ප්‍රධානීන්ට සහ අනෙක් උසස් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය යටතේ විවිධ රටවල නීතිමය ලෙස නඩු පැවරිය හැකි බලයද ඇත…’
දැන් ඔබට මෙම කතාවෙහි බොහෝ දුරට යමක් පැහැදිලි වනු ඇත. මෙම කතාව ඔබට ලියා තබන අද දිනය දෙසැම්බර් 10 වැනිදා මධ්‍යහන්නය විය. මෙම මොහොතේදී සිදුවූයේ අපූරු සිදුවීමකි. එනම් මෙම වතගොතටම අදාළ වූ සුවිශේෂ පුවතක් දැන් ආරංචි වන්නට විය. අද දෙසැම්බර් 10 වැනිදා දින ලෝක මානව හිමිකම් දිනය ලෙසට ඉහතදී ලියා තැබුවෙමි. එදිනට යම් විශේෂිත සිදුවීමක් ඇතිවන වගක්ද ප්‍රකාශ වී තිබිණි. ජාත්‍යන්තර මාධ්‍ය හරහා එම පුවත ප්‍රකාශයට පත්විය. එම පුවත් කිහිපයකින්ම මෙසේ හෙළිව තිබිණි.

‘උදයංග වීරතුංග, කපිල චන්ද්‍රසේන සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවෙන් සම්බාධක පනවයි’ සිරස්තලය එසේ සඳහන් විය.
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ පවුල්වල සමීපතම සාමාජිකයන්ට ඇමෙරිකාවෙන් සම්බාධක පනවා තිබෙයි. අදට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සහ මානව හිමිකම් දිනයට සමගාමීව, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව පුරා දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමට සිය කැපවීම අවධාරණය කරමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික මිලට ‘එයාර්බස්’ ගුවන් යානා මිලදී ගැනීම සහතික කිරීම (අනුමත කිරීම) සඳහා අල්ලස් ලබාගැනීමට අදාළව කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ලවී ඇති අතර, උදයංග වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ‘මිග්’ ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත වැඩපිළිවෙළක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා හේතුවෙන් ඔවුන් ඇමෙරිකාවට ඇතුළු වීමට නුසුදුසු බව ප්‍රකාශයට පත්කරමින් වාර්ෂික රාජ්‍ය විසර්ජන දෙපාර්තමේන්තු පනතේ 7031 (සී) වගන්තිය යටතේ මෙම නම් කිරීම සිදුකර ඇත…’
මේ ආකාරයට දෙස් විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කර තිබිණි. කෙසේ හෝ ලෝක මානව හිමිකම් දිනයේදීම ගත් එම පියවර මුළුමහත් පාර්ශ්ව ගණනාවකම දෙනෙත් විවර කරවන්නක් විය. මෙයට පෙරද මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු ප්‍රමාණයකට ජාත්‍යන්තර සම්බාධක පනවන ලදී. තොවිලයේ හොඳ හොඳ කස්තිරම් සහ අඩව් අල්ලන්නේ එළිවෙන ජාමෙට යැයි කිව්වා සේ හෙට අනිද්දාම තවත් විස්මිත පුවත් අපට අසන්නට ලැබෙනු ඇත. එම කාලය වැඩි ඈතක නොවේ.

මොකක්ද මේ ICTJ ?

International Center For Transitional Justice (සංක්‍රාන්ති යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය නොහොත් ICTJ නමැති ස්වාධීන මානව හිමිකම් සංවිධානය ආරම්භ කරන ලද්දේ මෙයට වසර 24කට පෙර 2001 වසරේදීය. සංක්‍රාන්ති යුක්තිය යාන්ත්‍රණයන් හරහා ලෝකයේ සමූහ ම්ලේච්ඡත්වය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් උදෙසා වගවීම සඳහා කැපවූ ජාත්‍යන්තර සංවිධානයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙහි මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ත්‍රීවීල් චූටියා රට හදන හැටි! Sri Lanka Latest News

Next Post

හිරේ විලංගුවේ නොවැටී අනූ නවයෙන් බේරුණු ජාතික රෝහලේ මහා අලකලංචිය! රෝගියාගේ කකුල් කපා ලුණු දාලා – රජ කාලේ දඬුවම් දීලා! ‘දවස’ පත්තරේ උසාවියට අරන් එයි! බන්ධනාගාරයේ 4 දෙනෙක්ගේ වැඩ තහනම්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.