පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් වැරදි ආකාරයට අධ්‍යාපන සුදුසුකම් සටහන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවිය මෙහෙයවන අංශ වෙතින් කරුණු විමසා ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඔවුන් එළඹෙන සඳුදා දිනට පෙර ඊට අදාළව නිදහසට කාරණා ඉදිරිපත් කළ යුතුව ඇත.
ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් වැරදි ආකාරයට වෙබ් අඩවියේ සඳහන් වීම මත ඒවා යළිත් සංශෝධනය කිරීමටද ලක් කර ඇත.
මේ වන විටත් එම වෙබ් අඩවියේ තිබූ බව පැවසෙන තවත් දෝෂ රැසක් ද නිවැරදි කිරීමට කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවිය මෙහෙයවනු ලබන්නේ සභා ලේඛන කාර්යාල විසිනි.










