• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝල්කාරයෝ හංගන් ඉන්න හාල් ටික හොයාගන්න බෑ! කයිවාරුව නම් පිටරට හංගන් ඉන්න සල්ලි හොයන එක! VIDEO I Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුනා මහතාය.Sri Lanka Latest News

හර්ෂණ රාජකරුනා මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවැසීය,

‘‘පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කතානායක අශෝක රන්වල මහතාට තිබෙන්නේ ව්‍යාජ ආචාර්ය උපාධියක් එසේ නැතිනම් ඔහු ආචාර්ය උපාධියක් කරලා නැහැ , එසේ නැතිනම් ඔහු ආචාර්ය උපාධිය අවසන් කරලා නැහැ. කෙසේ නමුත් කතානායක අශෝක රන්වල මහතා ආචාර්ය උපාධියක් තිබෙන ආකාරයට තමයි පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ. ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පවා සඳහන් කරලා තිබුණා. ඒ වගේම මැතිවරණ කාල සිමාවේදී කතානායක අශෝක රන්වල මහතා ඔහුගේ මැතිවරණ පෝස්ටර්වල පවා සඳහන් කර තිබුණේ ආචාර්ය අශෝක රන්වල ලෙසයි. කෙසේ නමුත් මෙවැනි දේවල්වලින් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කතානායක අශෝක රන්වල මහතාට සිදුවෙන්නේ විශාල අගෞරවයක්. ඒ නිසා කතානායකවරයාට එල්ල වන චෝදනාවට වහාම පිළිතුරු ලබාදෙන්නැයි අපි ඉල්ලා සිටිනවා. කතානායකවරයාට මේ හරහා සිදුවන අගෞරවය සමස්ථ පාර්ලිමේන්තුවටම සිදුවන අගෞරවයක්. ඒ නිසා මෙම චෝදනාවලට කතානායක අශෝක රන්වල මහතා පැහැදිලි උත්තරයක් ලබාදිය යුතුයි. කතානායක අශෝක රන්වල මහතාට තිබෙන ආචාර්ය උපාධි සහතිකය කරුණාකරලා පෙන්වන්න. ඒ වගේම පසුගිය කාලයේ රටට විහුළු සැපයු පිරිසකටත් ආචාර්ය උපාධි තිබුණා. එවැනි පිරිසක් පාර්ලිමේන්තුව තුළත් සිටියා. ඒ වගේම මෙම චෝදනාව කතානායකවරයාට පමණක් නොව ජාතික ජනබලවේගයේ තවත් ඇමැතිවරු කිහිපදෙනෙකුට මෙම චෝදනාව එල්ල වෙලා තිබෙනවා. විද්වතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කළා කියලා ජාතික ජන බලවේගය ජනතාව නොමග යවා තිබෙන බව තමයි මෙම කාරණාවලින් පැහැදිලි වෙන්නේ.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාල සිමාවේදීත් මෙවැනි දේවල් සිදුවුණා. ඒ වියත් මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අවුරුදු දෙකකින් ගෙදර යන්න සිද්ධ වුණේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලග සිටින්නෙත් බොරු කාරයෝ පිරිසක්ද කියලා අපිට සැකයක් මතුවෙනවා. එම නිසා ජාතික ජන බලවේගයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබෙන පිරිස වෙනුවෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා තුරු ජාතික ජනබලවේගයට අති විශාල ජනවරමක් ලබාදුන්න පිරිස ඇතුළු සමස්ත රටේ ජනතාවම බලාගෙන සිටිනවා. ඒ නිසා ජාතික ජන බලවේගයේ චෝදනා එල්ලවන පිරිසට මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ උපාධිය , පශ්චාත් උපාධිය , ආචාර්ය උපාධිය පිළිබඳව උප්පු කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම කතානායකවරයා ඔහුට ආචාර්ය උපාධියක් තිබෙන බවට ව්‍යාජ තොරුතරු ඉදිරිපත් කර තිබෙනවානම් ඔහු කතානායක ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෝඨා පාට් ටූ ද මේ ගෙන යන්නේ කියන ප්‍රශ්නය ගැටලුව අපට මතුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාල සිමාවේදීත් රටේ හාල් ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හාල් මෝල් හිමියන් හමුවෙලා සාකච්ඡා කළා. හාල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බව ප්‍රකාශ කළා. මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ ගබඩා පරික්ෂා කළා. අදත් සිදුවෙන්නේ මේ සිද්ධි මාලාවම තමයි. අනුර දිසානායක ජනාධිපතිවරයාත් හාල් මෝල් හිමියන් හමුවෙලා සාකච්ඡා කළා. මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ ගබඩා පරික්ෂා කළා. නමුත් සහල්වල මිල අඩුවෙලා නැහැ. වෙළඳ පොලතුළ රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය නැහැ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රඟ දැක්වූ රංගනයම අනුර දිසානායක ජනාධිපතිවරයාත් රඟ දක්වන බව අපට පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා හාල් ඇටයක් පිටරයින් ගේන්නේ නැ කියලා. ඒ කතාවම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාත් ප්‍රකාශ කළා. නමුත් හාල් මෙට්ට්‍රික්ටොන් 70,000 ක් ආනයනය කරන්න වර්තමාන රජය කටයුතු කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ යුගයේ සිද්ධ වුණ දේම අද ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාලසිමාවේදී සිදුවෙමින් පවතිනවා. රටේ ජනතාව නැවත රැවටුනා. ජනතාව බලාපොරොත්තු වුණ දේ අද වර්තමාන පාලකයින් ඉටු කරනවාද කියලා අපි ජනතාවගෙන් අහන්න කැමැතියි. ඒ නිසා රටේ ජනතාවට අවශ්‍ය වන සහල් අඩු මුදලට , ජනතාට දරාගත හැකි මිලකට ලබාදෙන්න රජය වහාම පියවර ගත යුතුයි.

ඒ වගේම මහා පරිමාන වී මෝල් හිමියන් සතුව තිබෙන සහල් ප්‍රමාණය වෙළඳ පොලට නිකුත් කරගන්න බැරිව ජාතික ජනබලවේගය කොහොමද ලංකාවෙන් හොරකම් කළ සල්ලි නැවත රටට ගේන්නේ. ඒ නිසා පිටරට තියෙන සල්ලි ලංකාවට ගේන්න කලින් මහා පරිමාන වී මෝල් හිමියන් හංගගෙන ඉන්නවා කියන සහල් ටික වෙළඳපොලට නිකුත් කරලා අඩුමිලට ජනතාවට සහල් ලබාදෙන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වනවිට රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වී ජිවත් වීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා රජය අඩු කරන බව පැවැසු බදු අඩු කර ජනතාවට සහනයක් ලබාදිය යුතුයි. එසේ නැතිනම් භාණ්ඩ මිල අඩු කර ජනතාවට සහනයක් ලබාදෙන්න කටයුතු කළ යුතුයි.

ඒ වගේම සමගි ජනබලවේග ආණ්ඩුවක් වර්තමානයේ රටේ තිබුණානම් 2025 වර්ශයේදී ඉදිරිපත්කරන අයවැය හරහා රටේ ජනතාවට ලබාදිය හැකි සියලුම සහන ලබාදිමට කටයුතු සිදුකරනවා. නමුත් රටේ ජනතාව සමගි ජන බලවේගයට ආණ්ඩු බලයක් ලබාදිමට කටයුතු කළේ නෑ. ඒ වගේම වර්තමාන රජය ප්‍රකාශ කළා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරනවා කියලා. නමුත් අපි එවැනි දේවල් ප්‍රකාශ කළේ නැ. නමුත් ඉන්ධන සඳහා සහනයක් රටේ ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා කියලා සමගි ජනබලවේගය පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රයට විරුද්ධ වුණ කණ්ඩායම අද රටේ පාලන බලය ලබාගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් ප්‍රකාශ කළ යුතුයි ඉන්ධන සඳහා සහනයක් ලබාදිය හැකිද නොහැකිද කියලා. ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ වේදිකාවල ලබාදුන්න පොරොන්දු ඉටු කරන තුරු රටේ ජනතාට බලාගෙන සිටිනවා. ‘‘

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයමු කිව්වාම ඇමැති ලාල්කාන්තට කේන්ති ගියාද? ‘හොයන්න කියන්න.. මම ලාල්කාන්ත.. එච්චරයි..’ කියලා මාධ්‍ය හමුවෙන් පිටව යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ සුජීව සේනසිංහ කළු කෝට් එකත් ඇඳන් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි! ඇවිල්ලා තියෙන්නෙ නම් බොහොම බරපතළ කාරණාවකට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.