මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සදහා මැතිවරණ කොමිසම අද (03) දිනයේ රැස්වීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) දින ලබාදුන් නියෝගයට අනුව අද දිනයේ මැතිවරණ කොමිසම රැස්වන අතර බොහෝ දුරට ජුලි 25 හෝ අගෝස්තු 08 හෝ අගෝස්තු 15 මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව සදහන්ය.
මේ අතර මැතිවරණයට අදාළ ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලයේදී අද ආරම්භ වී ඇති අතර මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී පැවසුවේ ඡන්ද පති‍්‍රකා එක් කෝටි හැත්තෑ ලක්‍ෂයක් මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම මැතිවරණයට අවශ්‍ය ලේඛණ වර්ග 300 ක් මුද්‍රණය කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.










