කුඩුකාරයන්ට, පාතාලයන්ට හිරගෙදර සිට නිදහසේ සිය ජාලය මෙහෙයවීමට ඉඩ තබා ඇත්නම් නිලධාරීන්ගෙන් කිසිදු පලක් නොමැති බවත්, බන්ධනාගාර නිලධාරීන් නිවැරදිව කටයුතු නොකරන්නේ නම් තමන් මේ සියල්ල නිවැරදි කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මෙය විහිලුවක් බවත්, මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට නොහැකි නම් රජයකින් පලක් නොමැති බවත් ජනාධිපතිවරයා කීය.
ජංගම දුරකතනයක් හිරගෙදර ඇතුළට රැගෙන යාම වැළැක්වීමට එහි පාලනාධිකාරියට නොහැකි නම් එම නිලධාරීන්ගෙන් පලක් නොමැති බවත්, පාතාලය ක්‍රියාත්මක වන්නේ හිරගෙදර ඇතුළේ සිට බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අයුරින් රට ඉදිරියට යා නොහැකි බව කී ජනාධිපතිවරයා තමන්ට දේශපාලනය ප්‍රශ්නයක් නොවන බවත්, සියලු දෙනාම රාජපකාරිය නිවැරදිව කළ යුතු බවත් කියා සිටියේය.
බන්ධානාගාර නිලධාරීන්, පොලිසිය සහ ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් සමග පසුගියදා පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.










