මේ වන විට වෙළදපොළේ පවතින අධික පොල් මිල හමුවේ දිවයින පුරා ආපන ශාලාවල ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. (Sri Lanka Latest News)
ඒ අනුව, ඇතැම් ආපනශාලාවල කිරිහොදි සහ පොල් සම්බෝල සකස් කිරීම මෙන්ම ආප්ප නිෂ්පාදනයද සියයට 60කින් පහළ ගොස් ඇති බව සදහන්.
තවදුරටත් වෙළදපොලේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 200 ඉක්මවනවා.











