• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම ආදරය කරන ගිරිරාජ්ට පිළිකාව හැදුණෙ කොහොමද? බේරුණේ කොහොමද? ගිරාම කියනවා! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
හැමෝම ආදරය කරන ගිරිරාජ්ට පිළිකාව හැදුණෙ කොහොමද? බේරුණේ කොහොමද? ගිරාම කියනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙසත්, පිටපත් රචකයෙක් ලෙසත්, අධ්‍යක්ෂවරයෙක් ලෙසත් එකසේ තම හැකියාවන් රටට පෙන්වූ අපූරු නිර්මාණකරුවෙක් වන ගිරිරාජ් කෞෂල්‍ය පසුගිය වසර තුනක කාලයක් පිළිකා රෝගයෙන් දැඩි සේ පීඩා විඳි බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඔහු මේ වනවිට එම රෝගයෙන් සුවය ලබමින් සිටිනවා. ප්‍රහසන රංගනයෙන් සහ ප්‍රතිභාපූර්ණ කුසලතාවයෙන් රටම පිනවූ මේ අපූරු කලාකරුවාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදී රංගන ද සිල්වා පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවක් සිදුකර තිබුණා. ගිරිරාජ් කෞෂල්‍ය, ඔහුගේ බිරිය සහ දියණියන් දෙදෙනා සමග මාධ්‍යවේදී රංගන ද සිල්වා සිදුකළ එම සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ගිරා අයියේ දැන් ඔබේ තත්ත්වය කොහොමද?

ගිරිරාජ් කෞෂල්‍ය
දැන් ගොඩක් දුරට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා. ඒකේ ගෞරවය හිමිවෙන්න ඕනේ මහරගම අපේක්ෂා රෝහලේ සියලු දෙනාටම. මට උදව් උපකාර කරපු, බෙහෙත් කරපු විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක මහතාටත් සියලු වෛද්‍ය මණ්ඩලයටත්, 13, 17, 30 වාට්ටුවල සියලු හෙද හෙදියන්ටත් මගේ ගෞරවනීය ස්තුතිය පුදකරනවා මේ වෙලාවේ. ඔවුන්ගේ ශක්තිය සහ සහයෝගය නිසා තමයි අද මට මේ විදියට සුවපත් වෙලා ඉන්න ලැබුණේ.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
පහුගිය දවසක ලබාගත්ත වෛද්‍ය වාර්තාවක් නිසා ඔබ ඉතා සතුටින් හිටියා නේද?

ගිරිරාජ් කෞෂල්‍ය
ඔව්. ඇටමිදුලු ආශ්‍රිතව කරන පරීක්ෂණයක් තියෙනවා ඒකට කියන්නේ බෝන්මැරෝ ටෙස්ට් එක කියලා. ඒ පරීක්ෂණයේ සාම්පල ලබාගෙන ඉන්දියාවට යවලා තමයි රිපෝට් එක ගෙන්වාගන්නේ. ලංකාවේ සිදුකරන පරීක්ෂණයට වඩා ඒක ගොඩක් ඉහළ ගුණාත්මක බවක් තියෙනවා. ඒ පරීක්ෂණයේ වාර්තාවෙන් කියැවුණේ මගේ රෝගය සුවපත් වෙලා කියලා තමයි. තවත් පරීක්ෂණයක් තියෙනවා කොන්ද සිදුරු කරලා කරන. ඒකෙනුත් බලන්නේ මගේ ඇඟේ පිළිකා සෛල තවදුරටත් තියෙනවද කියලා. ඒ පරීක්ෂණ දෙකෙන්ම කියැවුණේ පිළිකා සෛල නැහැ කියලා. ඉතින් මම ගොඩක් සතුටු වුණා.

මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ, දැඩිසත්කාර ඒකකයේ ඉන්න සියලු වෛද්‍යවරු, හෙද හෙදියන්වත්. ඒ හැම කෙනෙක්ම මට පුදුම විදියට උදව් කළා. මට විතරක් නෙවෙයි ඒ අය හැම රෝගියෙකුටම පුදුම විදියට ආදරය කරනවා. ඒ අදරය කරුණාව නිසා තමයි ජීවත් වෙන්න අපිට ශක්තිය ලැබෙන්නේ. වෛද්‍යවරු, හෙදියෝ හැම තිස්සෙම අපේ ආත්ම ශක්තිය හදනවා. පිළිකා රෝගීන්ට කීමෝ තෙරපි කරනවා, ලයිට් එක අල්ලනවා. එතකොට ගොඩක් රෝගීන්ගේ මුහුණු කළු වෙනවා. සමහරු මාව දැක්කම ඒ දවස්වල අහනවා කළු වෙලා නේද, කෙට්ටු වෙලා නේද කියලා. මම එතකොට කියනවා මට පිළිකාවක් තියෙනවනේ, ඒකයි කෙට්ටු වෙන්නේ කියලා. එහෙම නෙවෙයි ලෙඩෙකුට කතාකරන්න ඕනේ. නමුත් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු, හෙදියෝ හැම කෙනෙක්ම මාව දැක්ක ගමන් ‘ආ දැන් ඔය ෂෝක් එකට ඉන්නේ’ කියලා ආත්ම ශක්තිය හැදුවා. ජීවිතය අතහරින්න නොදී ඒ අය හරියට උදව් කරනවා තවදුරටත් ජීවත් වෙන්න. මොකද මේක භයානක ලෙඩක් නිසා. ඒ ශක්තිය මට බිරියගෙන් සහ දරුවන්ගෙන් කොහොමත් ලැබුණා. ඊට අමතරව අපේක්ෂා රෝහලේ සියලු කාර්ය මණ්ඩලය මගේ ආත්ම ශක්තිය වැඩිකරන්න ගොඩක් ශක්තියක් වුණා.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ගිරා අයියා දැන් සුවය ලබමින් හිටියත් මීට මාස දෙකකට කලින් ඔබේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඔබ දැඩි සත්කාර ඒකකයේ හිටියේ ඒ වෙලාවේ. ඔබේ දියණිය අමන්ද්‍යාගෙන් අපි ඒ ගැන අහමු?

අමන්ද්‍යා
තාත්තට අවශ්‍ය ප්‍රතිකාර කීපයක් ලබාගන්න රෝහල්ගත වෙන්න කියලා තිබුණා. ඒ සඳහා රෝහල්ගත වුණාට පස්සේ තමයි එකපාරටම අපට කිව්වේ තාත්තව අයි.සී.යූ. එකට දානවා කියලා. ඒක අපිටත් හිතාගන්න බැරිවුණා. මොකද ඒ වෙද්දී තාත්තා අපිත් එක්ක හොඳට කතාබහ කරමින් හිටිය නිසා. ඊට පස්සේ තමයි වෛද්‍යවරු කිව්වේ ඇඟ ඇතුළේ තියෙන විසබීජ දෙකක් හඳුනාගෙන තියෙනවා, ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කරන්න අයි.සී.යූ. දානවා කියලා. පස්සේ අයි.සී.යූ. දැම්මා. සැප්තැම්බර් මාසෙටත් කලින් ඉඳන් තත්ත්වය ගොඩක් දරුණු වුණා. තාත්තගේ සිහි කල්පනාවත් ටිකක් අඩුවෙන්න ගත්තා. ඒ වෙද්දී රෝහලේ නොතිබුණු බෙහෙත් වර්ග පිටින් හොයාගෙන එන්න අපිට සිදුවුණා. වෛද්‍යවරු අපිට කතාකරලා කියනවා මේ බෙහෙත ඉක්මනටම දෙන්න ඕනේ කොහොම හරි ඒක හොයාගෙන එන්න, මොන බ්‍රෑන්ඩ් එකෙන් හරි කමක් නෑ කියලා. ඒ වෙලාවෙදී අපි ගොඩක් අපහසුතාවට පත්වුණා. මොකද සමහර බෙහෙත් හොයාගන්න තිබුණේ නෑ කොහෙවත්. එකම එක ෆාමසියක තිබිලා බෙහෙත් වර්ගයක් හොයාගන්න පුළුවන් වුණා අන්තිමට. ඒ වගේ දවස් තුනක් විතර එක දිගට විවිධ බෙහෙත් වර්ග තාත්තට දෙන්න සිදුවුණා.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
අමන්ද්‍යා ඒ දින තුනක කාලය සඳහා තාත්තට ලබාදුන්න බෙහෙත්වලට කොච්චර විතර මුදලක් වැය වුණාද?

අමන්ද්‍යා
ඒ දවස් තුනේ බෙහෙත්වලට විතරක් ලක්ෂ 15කට අධික මුදලක් වියදම් වුණා.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ඒ දුෂ්කර වෙලාවේ ආදරණීය මිනිස්සු ගිරා අයියා වෙනුවෙන් ඉදිරිපත් වුණු හැටි ගැනත් අපි මතක් කරමු?

ගිරිරාජ් කෞෂල්‍ය
ගොඩක් කලාකරුවන්ගෙන්, ඥාතීන්ගෙන් සහ මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න. ඊට අමතරව ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ ඉන්න ජගත් කොතලාවල සහ ඩොනල්ඩ් ඉන්දික කියන මිතුරන්ව මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔවුන් දෙදෙනා මූලික වෙලා රුලියල් ලක්ෂ 20ක විතර අරමුදලක් පිහිටුවලා මට ඒ මුදල් එව්වා. ඒක විශාල සහනයක් වුණා ඒ මොහොතේ බෙහෙත් ගන්න. ඒ උදව් නැතිවුණා නම් මට මොකක් වෙයිද කියලා හිතාගන්න බැහැ. මොකද වෛද්‍යවරු පවා බියෙන් හිටියේ මට අවශ්‍ය බෙහෙත් හොයාගන්න බැරිවේවි කියලා.

අමන්ද්‍යා
මට විශ්වාසයක් තිබුණා මුදල් හොයාගන්න පුළුවන් කියලා. මොකද තාත්තාට කිව්වම ඕනේ කෙනෙක්ගෙන් මුදල් හොයාගන්න පුළුවන්. මට තිබුණේ ප්‍රශ්නය සල්ලි තිබුණත් බෙහෙත් නැති වුණොත් මොකද කරන්නේ කියන එකයි. එක බෙහෙතක් හොයාගෙන යද්දී ෆාමසියකින් කිව්වා ඒ බෙහෙත ඉන්දියාවෙන් ගෙන්නලා දෙන්න පුළුවන් හැබැයි සතියක් විතර ගතවෙනවා කියලා. ඉතින් අපි විතරක් නෙවෙයි තව ගොඩක් රෝගීන් මේ වගේ වෙලාවට අපහසුතාවට පත්වෙනවා ඇති.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
අපි ගිරිරාජ් අයියගේ ආදරණීය බිරිය එක්කත් ටිකක් කතා කරමු. අමන්ද්‍යා කිව්වා අසනීපය දැඩිවුණු වෙලාවේ ගිරා අයියා සිහිමඳ ගතියකින් පසුවුණා කියලා. ඒ වගේම තරහා යන ගතියකුත් තිබුණා කියලා. ඒ ගැන ටිකක් කිව්වොත්?

බිරිය

එයා කවදාවත් කාටවත් බණින කෙනෙක් නෙවෙයි. නමුත් ඒ වෙලාවේ දැඩිසත්කාර ඒකකයේ හිටපු මිසීලටත් බැන්නා මට පරණ ඇඳුම් අන්දවලා කියලා. ඒ අය ඒවා ගණන් ගන්නේ නෑ. එයා කියන දේවල් පැහැදිලි නෑ, එයාට කල්පනාව තිබුණෙම නෑ ඒ දවස්වල. දවස් 15ක් විතර හිටියා දැඩි සත්කාර ඒකකයේ.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ගිරා අයියේ මේ වැඩසටහන බලනවා සාමාන්‍ය රෝගී තත්ත්වයන්ගෙන් වගේම දරුණු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය. ඒ වගේ අයට ජීවිතේ බලාපොරොත්තු අත්හැර නොගන්න ලබාදිය හකි උපදෙස මොකක්ද?

ගිරිරාජ් කෞෂල්‍ය
මම හිතන්නේ හොඳම ඖෂධයක් තමයි තමන්ගේ පවුලේ අයගෙන් ලැබෙන ආදරය සහ කරුණාව. ඒ වගේම තමන් අදහන ආගම ගැන තියෙන විශ්වාසයත් හරිම වැදගත්. මම බෞද්ධයෙක් විදියට පිරිත් කිව්වා, පවුලේ අය බෝධි පූජා කළා. මරණයට කැපවෙච්ච ගවයන්, එළුවන් වගේ සතුන් නිදහස් කළා. අපි දන්නේ නෑ ඒ දේවලින් මොන විදියේ බලපෑමක් එනවද කියලා. නමුත් ඒ තුළින් මනසට ආත්ම ශක්තියක් ලැබෙනවා මම මේ වගේ දේවල් කරලා තියෙනවා, ඒ නිසා මම මැරෙන එකක් නෑ කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පවුලේ කවුරුවත් මා ඉස්සරහා ඇඬුවේ නෑ. සමහරු ලෙඩා ඉස්සරහා ඇඬුවාම ලෙඩා මානසිකව වැටෙනවා. නමුත් මගේ පවුලේ අය මේ අවුරුදු තුන පුරාම මා ඉස්සරහා අඬන්නේ නැතුව මාව ශක්තිමත් කරපු එක තමයි කළේ. ඒ වගේ මාව ශක්තිමත් කරන පිරිසක් හිටපු නිසා සුවය ලැබීම වේගවත් වුණා.

මම ව්‍යායාම කරලා, කෑමෙන් බීමෙන් ප්‍රවේසම් වෙච්ච කෙනෙක්. මම ජීවිතේටවත් හිතුවේ නෑ මට පිළිකාවක් හැදෙයි කියලා. නමුත් මට එහෙම රෝගයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ මම කඩාගෙන වැටුණා. ඒ වෙලාවේ මගේ බිරිඳ සහ දරුවන් දෙන්නා තමයි මාව ශක්තිමත් කරලා මගේ හිත හැදුවේ.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ඔබට මේ වගේ රෝගයක් තියෙනවා කියලා හඳුනාගත්තේ කොහොමද?

ගිරිරාජ් කෞෂල්‍ය
මගේ උගුර දෙපැත්තේ ගැටිති දෙකක් තියෙනවා වගේ දැනෙන්න ගත්තා. අල්ලද්දී ටිකක් රිදුණත් මම ඒක ගණන් ගත්තේ නැහැ. ඒ වෙද්දී මම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම්වල හිටියේ. ඒ අතර හවසට හවසට උණ ගැනෙන්නත් පටන්ගත්තා. මම ඒත් ගණන් ගත්තේ නැහැ පැනඩෝල් දෙකක් බීලා හිටියා. ඒ වෙද්දී මට ‘නාඩගම්කාරයෝ’ එකේ ප්‍රසිද්ධම දර්ශනයක් රූගත කරන්න තිබුණා සජිත අනුත්තර සහ තව තරුණයෝ පිරිසක් එක්ක කරන්න. ඒ දර්ශනයේ තියෙනවා කොටසක් සජිත මගේ බෙල්ලෙන් අල්ලලා කට ඇරවන. ඒක කරද්දී මට පුදුම විදියට රිදුණා. මම පස්සේ සජිතට කිව්වා ‘පුතේ මෙතන අල්ලද්දී මට රිදුණා’ කියලා. ඒකෙන් පස්සේ තමයි මට තේරුණේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව. ෂූටින් ඉවර කරලා මම අපේ පවුලේ වෛද්‍යවරයා විදියට ඉන්න ඩොක්ටර් වාසුදේවට කතා කරලා මේ ගැන කිව්වා. එයා කිව්වා දැන්මම එන්න කියලා. රෑ 9ට විතර මම කිරිඳිවැල ඉඳලා වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවා. ඩොක්ටර් මාව පරීක්ෂා කරලා කිව්වා මේකේ පැති දෙකක් තියෙනවා. භයානක පැත්තකුත් තියෙනවා කියලා. ඒ නිසා ඉක්මනටම කරගන්න කියලා පරීක්ෂණ වගයක් ලියලා දුන්නා. ඒ අනුව මම දවස් දෙකකින් නවලෝක රෝහලට ගිහින් ඒ පරීක්ෂණය කරගත්තා. පහුවදා රිපෝට් එක ලැබුණා. මට කැන්සර් එකක් කියලා තමයි ඒකේ තිබුණේ. 2021 ඔක්තෝබර් 07 වැනිදා තමයි මම අපේක්ෂා රෝහලේ ඇඩ්මිට් වුණේ. එක දිගට දවස් 40ක් මම ඒ රෝහලේ හිටියා. එතකොට මට කීමෝ තෙරපි කරන්න සූදානම් වුණා. ඩොක්ටර් දේවින්ද මට කිව්වා මේ ටී්‍රට්මන්ට් එක කරද්දී සමහරු කෙට්ටු වෙනවා, කන්න බැරි වෙනවා, වමනේ යනවා කියලා. හැබැයි එක දෙයක් නම් ඔයාට වෙන්නේ නෑ කිව්වා. මම ඇහුවා මොකක්ද සර් කියලා. ඩොක්ටර් කිව්වා ඔයාගේ කොන්ඩේ යන්නේ නෑ කියලා. මොකද මගේ කොහොමත් තට්ටෙනේ. ඒ වෛද්‍යතුමා හරිම විනෝදයට බර, සතුටින් ඉන්න කෙනෙක්. එතුමා තමයි මගේ ‘කතුරු මිතුරු’ චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ පොල්තෙල් පහන දල්වන්න ආවේ. ඒ දර්ශනයත් බලලා එතුමා බොහොම සතුටු වෙලා ගෙදර ගියා.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
ඔබේ රෝගී තත්ත්වය හමුවේ බිරිඳගෙන් ලැබුණු සහයෝගය ගැන සඳහන් කරමු?
ගිරිරාජ් කෞෂල්‍ය

මම අසනීප වුණාට පස්සේ එක දවසක්වත් මම මෙයා නැතුව ඉඳලා නෑ. ඉස්පිරිතාලේ ඉඳලත් නෑ, ගෙදර ඉඳලත් නෑ. ඒක මට ලොකු ශක්තියක් වුණා. එයාගේ අඩුව පිරිමහන්න දුවලා දෙන්නටත් බෑ. මගේ නහරවල ලේ ගමනාගමනය දැනෙන්නේ මෙයාට විතරයි. ඒ තරම් මට ශක්තියක් වුණා. මගේ අසනීපය මේ තරම් සුව වුණේ මෙයාගේ කැපවීම නිසයි. මම නිසා එයා ගොඩක් දුක් විඳිනවා.

මාධ්‍යවේදී රංගන ද සිල්වා
අවසාන වශයෙන් ඔබේ රසික රසිකාවන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

මම වගේ ඔබේ පවුලේ කවුරු හරි කෙනෙක් රෝගී වුණොත් එයාට බෙහෙත්වලට වඩා ආදරය කරුණාව ලබාදෙන්න. ඒක තමයි ලොකුම ඔසුව සහ ශක්තියක් වෙන්නේ සුවපත් වීම සඳහා.

Rangana De Silva යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ඉන්දියාව ජවිපෙ නායකයාගේ ජීවිතය ආරක්ෂා කරපු හැටි! Sri Lanka Latest News

Next Post

ලාල්කාන්ත ඔයා කිව්වා නම් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.