ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ (politburo)සියලු සාමාජිකයන් ඝාතනය කරද්දී පණ බේරාගත් එකම දේශපාලන මණ්ඩල සාමාජිකයා සෝමවංශ අමරසිංහය. ඔහු පණ බේරාගත්තේ ඉන්දියාවට පැනගොස් ඉන්දියාව හරහා තායිලන්තයට ගොස් පසුව යුරෝපයට ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටිමිනි. සෝමවංශ එසේ පැන නොයන්න අද ජවිපෙ කියා පක්ෂයක් නැත. සෝමවංශ යුරෝපයට පැනගොස් යුරෝපයේ සිට ජවිපෙට යළි පණ දුන්නේය. සැඟවී සිටි පක්ෂ ප්‍රාදේශීය නායකයන්ට පණිවුඩ යවා පක්ෂ යාන්ත්‍රණය හදා පක්ෂය යළි ක්‍රියාකාරී පක්ෂයක් බවට පත් කළේය. (Sri Lanka Latest News)
සෝමවංශ ලංකාවෙන් පැනගොස් යළි ලංකාවට ආවේ 2001දීය. ඔහු 2001දී ලංකාවට පැමිණ 2001 මහ මැතිවරණ රැස්වීමකදී ඔහුගේ ජීවිතය බේරුවේ ඉන්දියාව යැයි කීවේය.
සෝමවංශ මේ ප්‍රකාශය කරද්දී වත්මන් ජනාධිපති අනුර ඇතුළු ඇමැති මණ්ඩල ප්‍රබලයන් එකල ජවිපෙ මන්ත්‍රීවරු වූහ. අද අනුර ජනාධිපති වී ඉන්දීය අගමැති මෝදිගේ ආරාධනයෙන් සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පිටත්ව යෑමට නියමිතය. මරණයෙන් බේරෙන්න ජවිපෙ නායකයා ඉන්දියාවට පැනලා ගියේ හොරෙන්ය. නමුත් වත්මන් ජවිපෙ නායක අනුර කුමාරට 2024 ජනවාරියේ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබිණි. එම සංචාරය ජනාධිපති දක්වා අනුරගේ දේශපාලන ගමනට ලොකු ශක්තියක් විය. සෝමවංශ එදා ඉන්දියාවට පැනගිය විට ඉන්දීය රැකවරණ නොලැබෙන්න අද අනුර කුමාර ලංකාවේ ජනාධිපති වන්නේ නැත. අනුර කුමාර ජවිපෙ නායකත්වය බාරගත්තේ සෝමවංශ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. සෝමවංශ ඉන්දියාවට පැනගියේ 1980 නොවැම්බර් මස රෝහණ විජේවීර ඝාතනය වූවාට පසුවය. සෝමවංශට පසු ජවිපෙ නායකත්වයට පත් අනුර කුමාර ජනාධිපති වී ඉන්දියාවට යන්නේ මේ මාසයේය. තමාගේ ජීවිතය බේරා ආරක්ෂා කළාට සෝමවංශ ඉන්දියාවට ස්තුති කළේය. ඊට කෘතගුණ දක්වන්න මේ අනුරටත් ජවිපෙටත් ලැබුණු අවස්ථාවය. අනුර තම නායකයා වූ සෝමවංශ ආරක්ෂා කර ජවිපෙට යළි පණ දුන්නාට ඉන්දියාවට කෘතගුණ දක්වන ආකාරය නිශ්චිතව කිව නොහැක. රනිල් මෑතකදී ඉන්දියාවට ගොස් කීවේ තමා මෝදි සමග අස්සන් කළ ගිවිසුම් අනුර ක්‍රියාත්මක කළ යුතු යැයි කියාය. අනුරගේ පිළිතුර දිල්ලියේදී එළියට එනු ඇත.










