රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලසීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට පසුගිය රජය තීරණයක් ගෙන එයට අධිකරණයෙන් සහ නීතිපතිවරයාගෙන් අනුමැතිය ලැබී වසරක් ගතවී ඇතත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය තවමත් එළියට නොපැමිණීම නිසා වෛද්‍ය සේවාවේ දහසකට අධික පිරිසකට මේ මස 31 වැනිදායින් පසු විශ්‍රාම යෑමේ රතු එළියක් දැල්වී එළියට වීසිවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැසීය. (Sri Lanka Latest News)
එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ගැසට්ටුව එළිදැක්වීමේ පමාව පිළිබඳ තම සංගමයට බලවත් සැකයක් මතුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති, රාජ්‍ය පරිපාලන ඇමැති සහ සෞඛ්‍ය ඇමැතිවරයාට කඩිනමින් දැන්වීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාව බරපතළ ලෙස කඩාවැටී ඇති මෙවන් අවස්ථාවක ගැසට්ටුවක් නිසා වෛද්‍යවරුන් විශාල පිරිසකට විශ්‍රාම යෑමට සිදුවුවහොත් එහි බලපෑම අහිංසක රෝගීන්ට ඇතිවන බවයි වෛද්‍ය විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ.
එසේ වුවහොත් රෝහල් පද්ධතියටද විශාල බලපෑමක් ඇතිවන බවද ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










