• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පැන්න කෙල්ල දෙමළ: බේරන්න ගිය කොල්ලා මුස්ලිම්: බේරගත්තෙ සිංහල OIC: පාඩම් ගොඩක් උගන්වපු තලවකැලේ ඛේදවාචකය

June 1, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
පැන්න කෙල්ල දෙමළ: බේරන්න ගිය කොල්ලා මුස්ලිම්: බේරගත්තෙ සිංහල OIC: පාඩම් ගොඩක් උගන්වපු තලවකැලේ ඛේදවාචකය
Share on WhatsAppShare on Facebook

“හලාවත මුහුදු තීරයට ආපු ලංකාවෙ පවුලක්. ඔවුන් හිටියෙ මුහුදු වෙරළේ පහස විඳිමින්. අවාසනාවකට ඔවුන්ට මේ මහ සයුරේ භයානකකම අමතක වෙලා තිබුණෙ. මුහුදේ පැතිරුණු ලස්සන නිල්පාට යට, පිපෙන පෙණමල් යට ජීවිත සිය දාස් ගානක් බිලි ගන්න තරම් නපුරුකමක් තියෙන විත්තිය හුඟාක් අයට වගේ මේ අයටත් අමතක වෙලා තිබුණා.
ඒ නිසා මේ කට්ටිය සීමාවෙන් එපිටට මුහුදේ තුරුළට ගියා. මෙතන හිටියෙ අම්මෙක් තාත්තෙක් සහ දරු දෙන්නෙක්. හදිස්සියේම මුහුද යක්ෂාරූඪ වුණා. අම්මලා තාත්තලා එක්ක දරු පවුලම ගහගෙන යන්න පටන් ගත්තා. අම්මටයි තාත්තටයි දරුවන්ව අතෑරුණා. මේ මිනිස්සු කෑ ගැහුවා “බේර ගන්න” කියලා. මේ විදිය බේර ගන්න කියලා කෑගහපු ලක්ෂ ගණනක් දෙනාගෙ ජීවිතේ අවසාන වචන කීපය ඒක වුණාට මේ මිනිස්සු ඊට වඩා පිංකරලා තිබුණා.
මේ කියන වෙරළ තීරය අවුරුදු උත්සවයකට සූදානම් කරමින් හිටපු මොහොමඞ් රිශාක්, තුවාන් මහිරාජ් කියන දෙන්නට මේ සද්දෙ ඇහුණා. ඒ දෙන්නට හිතන්න වෙලාවක් තිබුණෙ නෑ. අර මහා විශාල මුහුදත් එක්ක මේ පුංචි මිනිස්සු දෙන්න පොරබැදුවා. මුහුදේ ඈතට ගහගෙන ගිහිල්ලා ජීවිතේ හැමදේම අත ඇරලා තිබුණ මිනිසුන්ගෙ ළඟට මේ දෙන්නා පීනුවා. පීනලා මේ පවුලම ගොඩගන්න ඒ කොල්ලො දෙන්නට පුළුවන් වුණා. මහ මුහුදත් පරදින්න කැමති වුණේ නෑ. තව පොඞ්ඞ්ක් එහෙ මෙහෙ වුණා නම් ජීවිත හතරක් වෙනුවට හයක් බිලිගන්නවා. මොහොමඞ් රිශාක්, තුවාන් මහිරාජ් කියන දෙන්නා ඒක දැනගෙන නොහිටියා නෙමෙයි. ඒත් මනුස්සකම ඊට වඩා හුඟාක් ශක්තිමත්. ඒ දෙන්නා පෙන්නුවෙ ඒක. හැබයි මතක තියාගන්න. ඒ ජීවිතේ බේරුණ හතර දෙනා සිංහල. බේරගත්ත මොහොමඞ් රිශාකුයි, තුවාන් මහිරාජුයි මුස්ලිම්.”
මේක මේ ලියන මම ම 2018 අප්‍රේල් 23 තියපු ෆේස්බුක් සටහනක්. හැබැයි ඊට කලින් අප්‍රේල් 17 වැනිදා මෙහෙම සටහනක් තියන්න වෙනවා.
“මුස්ලිම් කොල්ලෙක් අවුරුදු කුමාරයා වීම ඓතිහාසික ජයග්‍රහණයක්. ජාතිවාදි නූගතුන්ගේ උගත් ජාතිවාදී මෝඩයන්ගේ පරාජයක්. ස්තූතියි මුස්ලිම් සහෝදරවරුනි. හිස් වැසුම ඉවත්කර ජාතික ඇඳුම අඳින්නට ඔබට තිබුණ ආත්මශක්තියට හිස නමා ආචාරය.”
ඒ එක්තරා ප්‍රකට නාළිකාවක අවුරුදු කුමාරයා මුස්ලිම් තරුණයෙක් වීම නිසා මිනිස්සු ඒකට හෝ ගාල ගහන්න ගත්ත නිසා.
“මේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට ගිය ශ්‍රී ලංකා ජාතික මීටර් 100 සහය දිවීම කණ්ඩායම. මේ කණ්ඩායමේ ඉන්නෙ හිමාෂ ඒශාන්, විනෝද් සුරංජය, ෂෙහාන් අඹේපිටිය, අශ්රෆ් ලඩීෆ් කියන හතර දෙනා. අර අවුරුදු කුමාරයට එරෙහිව හඬන අතර අපි මේකටත් එරෙහි වෙමු. අරූව පන්නලා මුං තුන්දෙනාට දුවන්න කියමු. හැබැයි ඔය ඔක්කොටම කලින් මෙතනින් සිංහල කවුද මුස්ලිම් කවුද කියලා හොයපල්ලා බලන්න.”
කියලත් එදාම මට ෆේස්බුක් සටහනක් තියන්න වෙනවා. අප්‍රේල් 17 අවුරුදු කුමාරයට එරෙහිව පොලු ගන්න අය 23 අප්පුඩි ගහනවා මිනිස්සු බේරගත්ත එකට. ඒ කියන්න දවස් හයකින් වෙනස් වෙනවා. ඊට කලින් සතියෙ මුස්ලිම් කඬේකට ගිය කුරුණෑගල සිංහල මිනිසුන්ට ලංකාවෙ මිනිස්සු ටිකක් ගොඩ දිය කරලා ගහනවා. හැබැයි මිනිස්සු හෝ ගාලා මුහුදෙ මිනිස්සු බේරගත්ත රිශාක්ටයි තුවාන්ටයි හොඳ කියනවා. උඹලා මාරයි කියනවා. ආයෙ ඊළඟ සතියෙ,
“හම්බයා, මට්ටයා” කියලා බනින්න ගන්නවා. ආයෙත් මුස්ලිම් කඩ වර්ජනය කරන්න ඕනැ කියනවා. අම්පාරෙ, මඩකළපුවෙ නූගත් මිනිස්සු හෙල්මට් නොදා පාරෙ යනවා. ඒක දැක්කම තවත් පිරිසක් වුන්ට එක නීතියක් අපිට එක නීතියක් කියලා අලුතෙන් පටන් ගන්නවා.

මේ කලින් ලියපු කතාවට හරියටම අවුරුද්දකට පස්සෙ, 2019 අප්‍රේල් 21 මුස්ලිම් ත්‍රස්තවාදීන් ලංකාවෙ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරනවා. අහිංසක මිනිස්සු තුන්සීයකට ආසන්න පිරිසක් මියයනවා. ඒ අය බේර ගන්න ඕනෑ තරම් දේවල් තියෙන කොටත් මිනිස්සු අතපසු කිරීම් ගොඩක් කරනවා. හැබැයි ඒ ත්‍රස්තවාදීන් හොයන්න, මුස්ලිම් පල්ලිවලට රිංගලා ඒවා පරීක්ෂා කරන්නෙ මඩකලපුවෙ සිංහල බුද්ධි අංශ ඕ.අයි.සී. එක්ක මුස්ලිම් කොල්ලො. ඒ හැමෝම බුද්ධි අංශ නිලධාරින්. හැබැයි ඒක ජාතියකටම බාර දීලා අපි අත පිහගන්න හදනවා. එදා මිනුවන්ගොඩ මුස්ලිම් කඩවල් කඩනවා. ඒ කඩන්න ආපු මොහොතෙ පින්තූරවල මධුමාධව අරවින්ද කියන කෙනා ඉන්නවා. ඒ පුද්ගලයා දේශපාලකයෙක් විදියට අද පෙනී ඉන්නවා. මුස්ලිම් කඩවල් කැඩුවම සිංහල මිනිස්සු අඬනවා. පන්සලේ හාමුදුරුවො කියනවා මේ මිනිස්සු මගෙ පන්සලේ වැඩවලට උදව් කරපු අය, තොරණ ගහපු අය, පෙරහර කරපු අය කියලා.
එදත් අදත් දේශපාලකයො මේ සෙල්ලම කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, වතු හැම දේශපාලකයම දන්නවා අපේ රටේ හරක් කුලප්පු කරලා ඊට පස්සෙ පැත්තකට වෙලා බලා ඉන්න. ඒ මිනිසුන්ගෙ ආදරේ හොරකම් කරනවා. මිනිස්සු බෙදනවා. දේශපාලකයන්ට බැලකම් කරන නාළිකා කුක්කො එහෙට මෙහෙට ඕසෙට බුරනවා. ඒක දැකලම අපේ ගංවල “හෙළ ජාතික අභිමානේ” කියාගෙන එළියට බහිනවා. ඒ ෆෝම් එක ඔඩු දුවපු අය මොහිදින් බෙග්ටත් බනිනවා.
“එයා මොකට ද බොදු බැති ගී කිව්වෙ? අපි කියන්ඩ කිව්වෙ නෑනෙ”
කියලා. අපිට එක රටක් වෙන්න හදවතින් බෑ කියන එක හැම තප්පරේකම අනිත් මිනිහට හිතෙන්න අරිනවා. එක ශ්‍රී ලාංකික ජාතියක් විදියට හිතන්න බෑ කියලා අපි ආයෙ ආයෙ ඔප්පු කරනවා. ලෝකෙ රටවල් ව්‍යාපෘති දියත් කරන්නෙ විවිධ අරමුණු වෙනුවෙන්. සංවර්ධනය, අධ්‍යාපනය වැඩ කරගැනීම, මිනිස්සු සතුටෙන් ඉන්න මිනිස්සු කිරීම, වෙළෙඳාම, යුද ශක්තිය මේ සමහර අරමුණු ටිකක්. ඒත් මේ අය මොනවද කරන්නෙ. අපේ දේශපලකයො සැලසුම් හදන්නෙ ඊළඟ ඡන්දෙ දිනන්න විතරයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, වතු, ජා, මැලේ, චීන මිශ්‍ර, අප්‍රිකන් මිශ්‍ර ඔය කොයි එකත් පරාදයි.
මේ කතාව පටන් ගන්නෙ කොත්මලේ ජලාශයට වැටුණ ගෑනු ළමයෙක්ගෙ කතාවක් එක්ක. මේ කතාව අපි අද දන්නෙ එයා වතුරට වැටුණ නෙමෙයි පැන්නා කියලා. සමහර විට ඒ ගැන දන්න අයත් එතන ඉන්න ඇති. ඒ සිද්ධියත් එක්ක මිනිස්සු වටෙන් පිටෙන් එන්න ගන්නවා. කලබලය වැඩි වෙනවා. වතුර ඈව අරගෙන යනවා. මිනිස්සු කෑ ගහනවා. ඈ කොහොම පැන්නත් මොනව වුණත් අන්තිමට ජීවත් වෙන්න දඟලනවා. ඔහු වගක් විභාගයක් නැතිව වතුරට පනින්නෙ ඒ නිසා. ඔහු තමයි අද රටම දන්න ඒ මනුස්සයා හමීඞ් රිස්වාන්. හමීඞ් වතුරට පනින්නෙ ඒ ජීවිතේ බේරගන්න. ඇත්තටම ඔහු වතුරෙ හිටපු කෙනාව බේරගන්න අවශ්‍ය දේවල් ටික කරනවා. ඒත් ඈ ඒ වෙලාවෙ ඒ කඹය අල්ල ගන්නෙ නෑ.
“කොණ්ඩෙන් හරි අල්ල ගෙන ඇදගෙන වරෙං”
කවුදෝ කෙනෙක් කෑ ගහනවා. රිස්වාන් ආපහු යනවා. ඒ ඈ බේරගන්න. මේ කලබලය එක්ක තලවකැලේ පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා එතෙන්ට එනවා.

“එදා මම පොලීසියෙ ඉන්න කොට මට කෝල් එකක් ආවා, ඩෑම් එකට ගෑනු කෙනෙක් පැන්නා කියලා. මම අපේ හිටිය ටීම් එකක්, ආපදා කළමනාකරණයට එවපු. මම එයාලට යන්න කිව්වා. හැබැයි එහෙම කියලා මමත් ගියා, තව අපේ රාළහාමි කෙනෙක් එක්ක. සාමාන්‍යයෙන් එදා තද වැහි දවසක්. ඩෑම් එක ඉහළින් ඇරලා තිබුණෙ. වතුර හොඳටෝම බොරයි. සාමාන්‍යයෙන් එහෙම දාට ඕකෙ කොට එහෙම පාවෙලා එනවා. මනුස්සයෙක් වැටුණම ගිලෙනවා. බේර ගන්න බෑ. ඒක අපි දන්නවා.
ඒත් අපි පුළුවන් තරම් ඉක්මනින් ගියා. ඒ යන කොට ඩෑම් එක උඩ හාරසීයකට වඩා වැඩි පිරිසක් බලාගෙන හිටියා. ඒ කට්ටිය කිව්වා එක්කෙනෙක් පැන්නා එයාව ගිලුණා කියලත්. ඒ තමයි ඔය අපි කතා කරන රිස්වාන්. රිස්වාන්ගෙන් පස්සෙ දෙතුන් දෙනෙක් උත්සහ කරලා තිබුණා. අනිත් අය ඔක්කොම උත්සහ කරමින් හිටියෙ වීඩියෝ කරගන්න. මම යනකොට එතනට ගෙනල්ලා තිබ්බා ටියුබ් එකක්. ඒත් ඒක අරගෙන කවුරුවත් වතුරට පැන්නෙ නෑ. එහෙම පනින පාටක් තිබ්බෙත් නෑ. කරන්න දෙයක් නෑ. අර ගෑනු කෙනා ගිලෙන්න ළඟයි. එයා ඇඳලා හිටපු ඇඳුම නිසයි එයාට එච්චර වෙලා හරි ඉන්න පුළුවන් වෙලා තිබ්බෙ. ඒත් එයාට ඒක දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා ඉක්මන් කරන්න ඕන. වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. පුළුවන් ඉක්මනට ඇඳලා හිටපු යුනිෆෝම් එකේ උඩ කොටස ගැලෙව්වා. සපත්තු දෙක ගලෙව්වා කලිසමයි බැනියමයි පිටින් පැන්නා, වතුරට.
මට පීනන්න පුළුවන් ටිකක්. මම පොඩි කාලෙ හිටියෙ අම්පාරෙ, මගෙ ඉස්කෝලෙ අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලය. වැඩ කරපු තැන්වල නානවා, පීනනව එච්චරයි. මම දැං ඉන්නෙ බණ්ඩාරවෙල. ඒ කාලෙ පීනලා තියෙනවා ඇළ දොළවල. ඒත් මම ජීවිතාරක්ෂක උපක්‍රම දන්නෙ නෑ. ඒත් කරන්න දෙයක් නෑ. බලාගෙන ඉන්නත් බෑ. මම වතුරට පනින්න කලින් අර ටියුබ් එක ලණුවක බැඳ ගෙන ගියේ. ඒ අර කෙනාගෙ ඇඟට දාළා හරි ඇදගෙන එන්න. මට සෑහෙන දුරක් පීනන්න වුණා. ඒත් ටියුබ් එක ඇඟට දාගන්න ලේසි වුණේ නෑ. ඒ වෙන කොටත් රිස්වාන් ගිලිලා. මම එහෙම උත්සහ කරන කොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ටියුබ් එක අර කෙනාගෙ ඇඟට දැම්මා. ඒ කෙනා එක්ක අමාරුවෙන් අපි අර ගෑනු ළමයව අරගෙන ආවා. ඒත් ඒ එනකොට ඒ ගෑනු කෙනාට සිහිය නැතිව ගියා. අපි අමාරුවෙන් ගෙනාවා. ඒ ගොඩ එන තැනත් අඩි විස්සක් විතර ගැඹුරුයි. කොහොම හරි මම ගොඩට එන කොට දැක්කා, අර මගෙත් එක්ක වතුරට පැනලා තියෙන්නෙ මගෙත් එක්කම එතෙන්ට ගියපු මගෙ පොලීස් නිලධාරියා.”
“අර කලින් වතුරට පැනපු කෙනා ළිඳුල පැත්තෙ කෙනෙක්. එයා මේ ළඟ තැනක මේසන් වැඩට ඇවිල්ලා තියෙනවා. එයාට මේ කලබලේ ඇහිලා දුවගෙන ඇවිල්ලා තියෙනවා. ආපු ගමන්ම එයා කුඩයක් වගේ දෙයක් අරගෙන වතුරට පැනලා තියෙනවා. ඒ හොඳටම පීනන්න පුළුවන් කෙනෙක්. එයා අර විදියට පීනගෙන ගියාට ගිලෙන කෙනා කුඬේ අල්ලගෙන ඇවිල්ලා නෑ. මෙයා ඇත්තටම ආපහු එන්න ඇවිල්ලා. එන්න ඇවිල්ලා අයෙත් ගිහිල්ලා තියෙනවා. ඒ ගිය ගමන මේ මනුස්සය එක්ක පොර බැදීමක් වෙලා තියෙනවා. ඒකෙන් රිස්වාන් යට ගිහිල්ලා. අපිට එයාව ගොඩ ගන්න හුඟාක් මහන්සි වෙන්න වුණා. ඩෑම් එක ඇරලා, බට දාලා ගන්න කොට එයා මියගිහිල්ලා. අර වතුරට පැනපු කෙනාට ඉස්පිරිතාලෙදි සිහිය ආවා කියලා දැන ගන්න ලැබුණා.”
මේ විදියට අපිට කතාව කිව්වෙ තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහත්තයා. ඒ මහත්තයා එක්ක වතුරට පැන්නෙ තලවකැලේ පොලීසියෙම පො.කො. 73627 ශාන්ත රූබන් මහත්තයා. ජාති කුල ආගම් නැති මේ සටනෙන් ජාතියට අපේ එකෙක් අහිමි වුණා. ඒ රිස්වාන්. රිස්වාන්ගේ දරුපැටවුන්ට තාත්තෙක් අහිමි වුණා. ඕ.අයි.සී. මහත්තයා ජාතික වීරයෙක්. නිල ඇඳුම පිටින් ඔහු වතුරට පැන්නෙ රාජකාරියක් කරන්න නෙමේ. ඔහුගෙ රාජකාරිය පශ්චාත් මරණ පරීක්ෂණ කරන එකෙන් අවසන් වේවි. අවශ්‍ය නම් පරීක්ෂණයක් කරන්න වෙනවා.
ඒත් ජීවිතේ අවදානමක දාලා වතුරට පැනලා ජීවිතයක් බේර ගත්ත මේ මනුස්සයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නම ඕන. ඒ වගේම තමන්ගෙ ප්‍රධානියා එක්ක අවදානමක් නොහිතා වතුරට පැන්න ශාන්ත රූබන් මහත්තයටත් අපි ගරු කරන්න ඕන. පොලීසියෙ නිවැරදි ඉහළ යාමක් නැති වුණාට මේ මනුස්සයො හදවත්වල ඉහළ යාවි. හැබැයි එකක්, .ඕ.අයි.සී. මහත්තයා කියපු.
“ඒ වෙලාවෙ හුඟාක් අයට ඕනෑ වුණේ බේරගන්න නෙමේ. ගිලෙන විදිය වීඩියෝ කරගන්න”
අපි රටක් විදියට ඉන්න තැන කොතනද? අද රිස්වාන් වීරයෙක් වුණාට හෙට “තම්බියා” කියන්න ගනීවි. ජාතිවාදෙ ඔළුව උඩ තියාගෙන නටන්න ගනීවි. මේ කතාව අපිට පණිවුඩ කීපයක්ම කිව්වා. ඒවා මොනවද කියලා අපිට වෙන වෙනම තේරුම් කරන්න බෑ. ඒත් ඉක්මනින් තේරුම් ගන්න බැරි වුණොත් අපි ඔක්කොම ගිලේවි, බේර ගන්න බැරිවම.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සෞඛ්‍යයි-ගුවන්‌තොටුපොළයි අද තීරණාත්මක හමුවක්

Next Post

රට හදන හැටි: මේ සතියේ බිමල් රත්නායක

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.