සෞඛ්‍ය බලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් අතර අද (01) දිනයේදී තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී කොරෝනා රෝගය වැළදුණු සංඛ්‍යාව තීරණාත්මක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සහ ගුවන්තොටුපොළ තුළදීම ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීම එසේ පැමිණෙන්නන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.










