• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ ඉන්දීය ගමන සහ ‘එන්ටර් ද ඩ්‍රැගන්’ ! Sri Lanka Latest News

December 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරගේ ඉන්දීය ගමන සහ ‘එන්ටර් ද ඩ්‍රැගන්’ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී මාස දෙකක් තුළ චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය ඇමැතිවරයා ලංකාවට පැමිණ මෛත්‍රීපාල හමුවිය. ඔහු ලංකාවට ආවේ චීනයේ විශේෂ නියෝජිතයකු ලෙසය. ගෝඨාභය ජනාධිපති වී මාස දෙකක් තුළ චීනයේ විදේශ ඇමැති වැන්ග් යී ලංකාවට පැමිණ ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂ හමුවිය. අනුර කුමාර ජනාධිපති වී මාස දෙකක් තුළ අනුරව හමුවෙන්න චීනයෙන් ආවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරකසභික සුන් හයියෑන්ය. මෛත්‍රීපාල, ගෝඨාභය හමුවූ චීන දූතයන් දෙස බලන විට අනුර කුමාර හමුවූයේ පහත් මට්ටමේ චීන දූතයෙක් යැයි පෙනුණාට චීන ජනාධිපතිට සමීප සබඳකම් තිබෙන ප්‍රබල දූතයෙකි. ඇය ආවේත් අනුර ජනාධිපති වී මාස දෙකකිනි. (Sri Lanka Latest News)

චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ඇමැති අනුරව හමුවන තෙවැනි අවස්ථාව මෙයය. අනුර 2024 ජනවාරි ඉන්දියාවට යෑමට පෙර චීනයට ගියේ රහසින්ය. චීනයේදී ඔහු හමුවූයේ ඇයවය. ජනාධිපතිවරණය ආසන්නයේ ඇය යළිත් ලංකාවට ආවාය. ඇය ජවිපෙ මූලස්ථානයට ගොස් අනුර ඇතුළු ජවිපෙ නායකයන් හමුවූවාය. එමෙන්ම එවක ජනාධිපති රනිල් ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන්ද හමුවූවාය. ඇය ඒ වෙලාවේ ලංකාවට ආවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන අධ්‍යයනයක් කිරීමටය. ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද යන්න ගැන ව්‍යාකූලත්වයක සිටි ඇය ජනාධිපතිවරණය ගැන මත විමසුමක් කරන්න යැයි චීන තානාපති කාර්යාලයට උපදෙස් දුන්නාය. ඇය අනුර හමුවූ විට අනුර ඉල්ලා සිටියේ චීන සංචාරයකයන්ය. අනුර ඇයව චීනයේ හමුවූ විටදීත් ලංකාවේදී හමුවූ විටදීත් ඔහු ජනාධිපති වූ විට චීන සංචාරකයන් විශාල වශයෙන් එවන ලෙස ඉල්ලා තිබිණි. අනුර ජනාධිපතිවරණයට පෙර මැතිවරණ වේදිකාවලදීත් ජනාධිපති වී ජාතිය අමතද්දීත් පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදීත් ලංකාවට තවදුරටත් නොආපු සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ පළමු වරට එන බව කීවේය. අනුර එලෙස කීවේ මේ චීන නියෝජ්‍ය ඇමැතිගේ පොරොන්දුව හිතේ තබාගෙන විය යුතුය. මෙවර ඇය ආ විටදීත් අනුර ඇයගෙන් චීන සංචාරකයන් එවීම පිළිබඳ සහතිකයක් ගන්න ඇත. ඇය එම සහතික දීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා පැහැදිලි නැත.

රනිල්ගේ ආණ්ඩුව චීන පර්යේෂණ නැව් තහනම පැනවූයේ 2023 දෙසැම්බරයේය. එය වසරක තහනමකි. මේ දෙසැම්බරයේ එම තහනම දික් කරනවාද නැද්ද යන්න අනුරගේ ආණ්ඩුව තීරණය කළ යුතුය. අනුර කුමාර දෙසැම්බරයේ මැද ඉන්දීය සංචාරයකට යන බව විදේශ ඇමැති විජිත හේරත් පවසා තිබිණි. චීන නැව් තහනම ඉවත් කොට ඉන්දියාවේ සංචාරය කරන්න අනුර තීරණය කරනු ඇතැයි සිතිය නොහැකිය. මෙරටට පැමිණි චීන දූතයා ගෙන ආ පණිවුඩය භූ දේශපාලනය සමබර නොකර චීනයෙන් උදව් බලාපොරොත්තු නොවන ලෙසය.

SendShareShare
Previous Post

සිලින්ඩරෙන් හර්ෂව මුදල් කමිටුවේ සභාපති කරන්න යෝජනා කරන කතාව බොරුවක්! අනුරාධ ජයරත්නව සිලින්ඩරේ කණ්ඩායම් නායක කරපු එකත් බොරුවක්! රනිල්ගේ මල්වත්ත ඔෆීස් එකෙන් දාපු ඩීල් එකක අතේ රෝලක්! මේවට රැවටෙන්න එපා! සිලින්ඩරෙන් ‘මව්රට’ට විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

Next Post

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හුලංගමුවගෙන් බරපතළ ප්‍රකාශයක්! ලක්ෂ 13ක රාජ්‍ය සේවයක් තවදුරටත් නඩත්තු කරන්න බෑ! ඉතා ඉක්මනින් ලක්ෂ හතහමාරක් දක්වා අඩු කළ යුතුයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.