නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වී ඇත.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.










