රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබද තීන්දු තීරණ ගන්නා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය ආයතනය නියෝජනය කළ ප්‍රධානීන් දෙනෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි හදිසියේම බාර දීමට පියවර ගෙන ඇත.
එසේ සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇත්තේ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මියය.
නිහාල් ෆොන්සේකා මහතා ප්‍රවීණ බැංකුකරුවකු වන අතර කොළඹ විනිමය හුවමාරුවේ හිටපු සභාපතිවරයකුද වේ.
දුෂ්නි වීරකෝන් මහත්මිය ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරිය වශයෙන් කටයතු කරන්නීය.
ෆොන්සේකා මහතා 2016 ඊට පත් කරනු ලැබූ අතර වීරකෝන් මහත්මිය පත්වීම ලැබූවේ 2019දීය. මෙම තනතුරු දෙකම වසර 6ක කාලයක් සදහා බලපැවැත්වෙන්නකි.
කෙසේවෙතත් මොවුන් දෙදෙනාම මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී ඇති බව දැනගන්නට ඇත.










