• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දො කපන්න හදද්දී තම්බයියා මුදලාලි දිවි පරදුවට තියා බේරාගත් අවුරුදු 200ක් පරණ පිටකොටුවේ බෝ ගහ! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
සුද්දො කපන්න හදද්දී තම්බයියා මුදලාලි දිවි පරදුවට තියා බේරාගත් අවුරුදු 200ක් පරණ පිටකොටුවේ බෝ ගහ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉංග්‍රීසි පාලකයන් දෙවරක් කපාදැමීමට උත්සාහ කළ, කිඹුලන් ගහන ඇළ මාර්ගයක පිහිටි, දෙමළ ව්‍යාපාරිකයකු විසින් රැකගත්, අවුරුදු 200ක ඉතිහාසයක් ඇති නමුත් බොහෝ දෙනා නොදන්නා පිටකොටුවේ බෝ ගසේ සත්‍ය කතාවයි මේ. (Sri Lanka Latest News)

ගිනිගහන අවුවෙන් කැකෑරෙන කොළඹ නගරයේ පිටකොටුවේ බෝ ගස හා බෝධිරාජ විහාරය ගැන නොදන්නා ශ්‍රී ලාංකිකයකු මේ රටේ නැති තරම්. හැබැයි ඒ ඉතිහාසය ගැන දන්නා අය නම් ඉන්නේ හරිම අඩුවෙන්. පිටකොටුවේ කොටි බෝම්බය පුපුරා ගියේත්, 1987 වසරේදී ඉන්දු – ලංකා සාම ගිවිසුමට එරෙහිව විරෝධතා පැවැතියේත්, අද වන විටත් විවිධාකාරයේ විරෝධතා විටින් විට පැවැත්වෙන්නේත් පිටකොටුවේ බෝ ගස අසලයි. මේ බෝ ගසේ ඉතිහාසය අවුරුදු 200ක් තරම් ඈත කාලයට ඇදී යනවා.
සියවස් දෙකකට පමණ පෙර අද බෝධිය තිබෙන ස්ථානයේ තිබුණේ ඇළ මාර්ගයක්. මේ ඇළේ කිඹුලන් පවා ඉඳලා තියෙනවා. මේ ඇළෙන් සිදුවුණේ බේරේ වැව සහ මුහුද යාකිරීමයි. ඉංශ්‍රීසින් මුළු ලංකාවම යටත් කරගත් 1815දී ඔවුන් විසින්ම මේ ඇළ මාර්ගය වසා දමනවා. ඒ කාලෙදී තමයි බේරේ වැව ආසන්නයේ තිබුණු බෝ පැළයක් ගෙනල්ලා මෙතැන රෝපණය කරන්නේ. මේ බෝධිය තරමක් විශාල වෙද්දී ගැල්කරුවන් තමන්ගේ ගවයන් ඒ ස්ථානය අසල බැඳදමා විවේක ගෙන තිබෙනවා. සමහරු බෝධියට වන්දනා කිරීමටද පටන් ගන්නවා.

1847 වසරේදී සුදු ජාතිකයන් මේ බෝ ගස කපාදැමීමට තීරණය කරලා තිබෙනවා. එකල තරුණ වියේ සිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් බෝධිය අසලට පැමිණ තමන්ගේ ජීවිතේ ගියත් බෝගස කපාදැමීමට ඉඩ නොදෙන බව පවසමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඊට ව්‍යාපාරිකයන්, ගැල්කරුවන් සහ නාට්ටාමිවරු සමග සාමාන්‍ය ජනතාවද එකතු වෙනවා. විරෝධතාව නිසාම බෝගස කපාදැමීමේ අදහස සුදු පාලකයන් අත්හැර දමා තිබෙනවා. පසුව පිරිස එකතු වී බෝගස වටා ගල් බැම්මක් තනා, බෝගස ආරක්ෂා කර තිබෙනවා.

ක්‍රමයෙන් පිටකොටුවේ බෝධිය මල් පහන් පුදන පූජනීය ස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. සමහරු එහි හාස්කම් ඇති බවද පවසන්නට පටන් ගන්නවා. මේ නිසාම ප්‍රදේශයේ සිටි විශාල සිංහල බෞද්ධ ජනතාවකට පන්සලක් නොමැති අඩුව පිරිමැසෙනවා. 1890 වසර වනවිට බෝධිය අසල සුරුට්ටු කඩයක් පවත්වාගෙන ගිය තරුණයෙක් තමයි තම්බයියා සින්නදොරේ මුදලාලි. පසුකාලයේදී ඔහු ලීලා මුද්‍රණාලය නමින් මුද්‍රණාලයක්ද ආරම්භ කරනවා. එස්. මහින්ද හිමි, පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය වගේ දේශහිතෛෂීන්ව ඇසුරු කළ ඔහු, ලංකාවේ නිදහස් අරගලයටද සහාය දක්වනවා. ලීලා ස්ටෝර්ස්හි හිමිකරු වුණෙත් මේ සින්නදොරේ මුදලාලිමයි. කොහොම වුණත් 1938 වසරේදී පිටකොටුව නගර සංවර්ධනයට බෝගස බාධාවක් වන බව පවසමින් එය ඉවත් කිරීමට නැවතත් සුදු පාලකයන් උත්සාහ දරනවා. ඒ තීරණයට විරුද්ධව මෙවර ඉදිරියට එන්නේ තම්බයියා මුදලාලි ප්‍රමුඛ පිටකොටුවේ ව්‍යාපාරිකයන්, නාටාමිවරු, කරත්තකරුවන් මෙන්ම චණ්ඩියකු ලෙස හැඳින්වුණු විලියම් නමැති අයකු සමග සාමාන්‍ය ජනතාවයි.

දැඩි විරෝධතා නිසාම නැවතත් ඉංග්‍රීසි පාලකයන් විසින් බෝගස කපාදැමීමේ අදහස අත්හැර දමනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සින්නදොරේ මුදලාලි බෝධිය අසල කරත්තකරුවන්ගේ හරක් බැඳීම වළක්වා ආරක්ෂක වැටක්ද ඉදිකර, බෝගස ඉදිරිපිට කුඩා කාමරයක් තනවා එහි අඩි 2ක් උස කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර වන්දනා කිරීමට අවශ්‍ය පහසුකම්ද සලසා දෙනවා. පසුව ඒ අසල පිහිටි වීර හෝටලයේ මුදලාලි වීර සමාජයේ මූලිකත්වයෙන් එම ස්ථානයට විදුලිබලයද ලබාගන්නවා. පසුව හය මසක විදුලි බිල වූ රුපියල් 215ක මුදලක් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කරනවා. නැවතත් සින්නදොරේ මුදලාලි සියතින්ම විදුලි බිල ගෙවාදමා බෝධිය හා කුඩා බුදුමැඳුර පිහිටි ස්ථානය විධිමත්ව පාලනය කිරීමට තීරණය කර, 1958 වසරේදී එක්සත් බෝධිරාජ සමිතිය පිහිටුවනවා. එහි මුල්ම සභාපති ධුරය දරුවේ එන්.යූ. ගුණසේකර වූ අතර, ලේකම්වරයා වූයේ විලියම් සිල්වායි. භාණ්ඩාගාරික ධුරය දැරුවේ සින්නදොරේ මුදලාලි විසින්.

මෙසේ ආරම්භ වූ පිටකොටුවේ එක්සත් බෝධිරාජ සමිතිය තම කාර්යභාරය පුළුල් කරමින් පිටකොටුව තොරණ ඉදිකිරීමටද මූලිකත්වය ගන්නවා. පසුකාලයේදී අඩි 6ක් දිග සැතපෙන බුදුපිළිමයක් විහාරයේ ඉදිකරන ඔවුන් බුදු මැඳුර අලංකාර කර නව බුද්ධ ප්‍රතිමාවක්ද ඉදිකර 1998 ජනවාරි මස 31 වැනි දින විවෘත කරන්නේ සමිතියේ සභාපති වූ නවගිරි සමූහ ව්‍යාපාරයේ අධිපති පී. නවරත්න මහතා අතින්.

මෑත කාලයේදී විහාර මන්දිරය තුන්මහල් කර තනවා ඇති අතර, එය මත විශාල හිඳි බුද්ධ ප්‍රතිමාවක්ද ඉදිකර තිබෙනවා. පිට පළාත්වලින් කොළඹට වැඩමකරන භික්ෂුන්වහන්සේලාට විවේක ගැනීමට සහ දානය ලබාදීමටද මේ වනවිට විහාරය තුළ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. විහාරය අලුයම 4ට පිරිත් දේශනා සහිතව විවෘත කෙරෙන අතර, රාත්‍රී 10ට ඒ අයුරින්ම වසා දැමෙනවා. මෙහි කිසිදු නේවාසික භික්ෂුන්වහන්සේ නමක් අධිපතිත්වය නොදරන අතර, සියලු පාලන කටයුතු සිදුවන්නේ පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය මගිනුයි.

වසර 200ක් රැකගත් මේ බෞද්ධ උරුමය අද ඔවුන් විසින් ඉදිරියට ගෙන යන්නේ මහත් අභිමානයකින් යුතුවයි.

පුංචි ලෝකය යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

නැගිටපල්ලා නැගිටපල්ලා! මාව නිදහස් කරනතුරු කැරැලි ගහපල්ලා! Sri Lanka Latest News

Next Post

මෙන්න විශේෂ නිවේදනයක්! බස් ගාස්තු අඩු කරන්නේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.