• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගිටපල්ලා නැගිටපල්ලා! මාව නිදහස් කරනතුරු කැරැලි ගහපල්ලා! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
නැගිටපල්ලා නැගිටපල්ලා! මාව නිදහස් කරනතුරු කැරැලි ගහපල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වසර ගණනාවකින් මේ තරම් විශාල ජන කැරැල්ලක් පාකිස්තානය තුළ දැකලා නැහැ. මෙය ඉතා භයානක මාරාන්තික උද්ඝෝෂණයක්. ජනතාව දසදහස් ගණනින් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් වෙත කඩාවදිනවා. මෙම අරගලකරුවන් බොහෝ දෙනෙක් හිටපු අගමැති හා දැනට සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ‘ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ පක්ෂයේ සාමාජිකයන්. මෙම කැරැල්ල හේතුවෙන් දැනටමත් පුද්ගලයන් 7 දෙනෙක් පමණ මරණයට පත්වී තිබෙනවා. ආරක්ෂක හමුදාවල සාමාජිකයන් හතරක් සහ උද්ඝෝෂකයන් තුනක් එම ස්ථානවලදීම මියගොස් තිබෙනවා. එයට අමතරව තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා. මෙම කැරැලිකරුවන්ගේ ඉල්ලීම් වන්නේ සිරගත කර තිබෙන ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීමත්, පාකිස්තානයේ වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ්ට වහාම ඉල්ලා අස්වන ලෙසටත් බලකිරීමයි. මෙය ප්‍රබල ඉල්ලීම් දෙකක්…’

ශ්‍රී ලංකාවට යාබද දේශයක් වන පාකිස්තානයෙන් අසන්නට ලැබෙන මෙම කතාව කුමක්ද? මෙම දිනවල පාකිස්තානය තුළ සිදුවන ප්‍රබල ජන අරගලයක් ගැන මෙම තොරතුරු කියා සිටින්නේ පාකිස්තානයේ මාධ්‍ය සහ අනෙකුත් විදේශීය මාධ්‍ය ගණනාවකි. මේ අනුව මාධ්‍ය වාර්තා රැසකින් මෙම මහා අරගලය වාර්තා කරමින් සිටියි. එම විශේෂ වාර්තා තවදුරටත් සිදුකරන ප්‍රකාශ ගැන සොයා බලමු. (Sri Lanka Latest News)

‘මෙම අරගලය ඉතා බියකරු තත්ත්වයකට පත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ දැනට 72 හැවිරිදි වියෙහි පසුවන සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයක් නිසාය. ඔහු පසුගියදා සිරගෙදර සිටියදීම තමන්ගේ ‘ඞ’ අන්තර්ජාල ගිණුමේ පණිවුඩයක් ලියා තබමින් කියා සිටියේ ප්‍රබල ඉල්ලීමක්. එය ඔහුගේම වදනින් මෙසේ සඳහන්ව තිබිණි…’

‘මාගේ හිතවත් පාක්ෂිකයනි, මෙවර ඔබ සැම මේ අරගලය මා වෙනුවෙන්ම සිදුකළ යුතුයි. රාජ්‍ය බලධාරීන් මා වසර 14කට ඉතා අසාධාරණ ලෙස සිරගත කර තිබෙනවා. මෙම කාලයෙන් තවම ගෙවී ඇත්තේ වසරකුත් මාස තුනක් පමණයි. මා ඔබගෙන් මෙවර ඉල්ලා සිටින්නේ මාව සිරෙන් නිදහස් කරන ලෙසට රජයට විරුද්ධව උද්ඝෝෂණයක් සිදුකරන ලෙසයි. මා එලෙස නිදහස් කරන තුරු මේ අරගලය සිදුකරන්න. කෙළවරක් දකින තුරු සටන් කරන්න. අපගේ මෙම ඉල්ලීම් ලැබෙන තුරු පසුපසට ගමන් කරන්න එපා. මේක තමයි අපේ අන්තිම සටන…’

මේ ආකාරයට ඉහත මාධ්‍ය ආයතන රැසක් මෙම ඉම්රාන් ඛාන්ගේ ප්‍රබල ඉල්ලීම වාර්තා කර තිබිණි. මෙලෙස ඔහු විසින් ප්‍රබල ඉල්ලීමක් සිදුකිරීම හේතුවෙන් පාක්ෂිකයන්ද රජයට එරෙහිව කුපිත වී සිටින ආකාරය දක්නට හැකිය. තමන්ගේ නායකයා සිරෙන් නිදහස් කරගන්නා තෙක් සටන අත්නොහරින බවද ඔවුන් ප්‍රකාශ කර සිටියි. එම මාධ්‍ය වාර්තා තවදුරටත් සිදුකරන තොරතුරු සොයා බලමු.

‘මෙම කැරැල්ල තවත් උත්සන්න වීමට හේතුවක්වී තිබෙන්නේ ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බිබීද එම අරගලයට මූලික වී ඉදිරිපත් වී සිටීමයි. ඇයද උද්ඝෝෂකයන් සමග පෙරමුණේ ගමන් කරමින් ඉස්ලාමාබාද් නගරයට පැමිණෙමින් සිටිනවා. බුෂ්රා බිබීද පසුගිය කාලයේ ඉම්රාන් ඛාන් සමග දීර්ඝ සිර දඬුවමකට ලක්වී සිරගතවී සිටියා. එහෙත් ඇය මෙයට මාසයකට පමණ පෙර මහාධිකරණ නියෝගයකින් ඇප මත නිදහස ලැබුවා. ඉන් පසුව ඇය ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීමේ අරගලයට නායකත්වය දෙමින් කටයුතු කරනවා. දැනට දින කිහිපයක සිට පාකිස්තානයේ නගර කිහිපයකින්ම අරගලකරුවන් ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණෙමින් සිටිනවා. මොවුන් අගනුවර පිහිටා තිබෙන පාර්ලිමේන්තුව සහ අනෙකුත් ප්‍රධාන රජයේ කාර්යාල වෙත කඩාගෙන වැදීමට සැලසුම් කර තිබෙනවා. මොවුන් ආරක්ෂක අංශ සමග ඉතා දරුණු ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. මිනිසුන් සමග විශාල රථ පෙරහැරක්ද නගරය වෙත පැමිණෙනවා. මෙම රථ කිහිපයක් බලෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් වෙතට කඩාවැදී, නිලධාරීන් සිවුදෙනකු එම රථවලට යටකර මරාදැමූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේදීයි මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ. කෙසේ හෝ මේ වනවිට ආධාරකරුවන් සිය ගණනක් ආරක්ෂක අංශ විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා…’

මෙවැනි තත්ත්වයක් තිබියදී පාකිස්තාන රජය විසින් ගෙන ඇති ඉතා දරදඬු තීන්දුවක්ද මාධ්‍ය විසින් වාර්තා කර ඇත. එයින් ප්‍රකාශ වී ඇත්තේ අගනුවර පාර්ලිම්න්තුව සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලි පිහිටා තිබෙන අධිආරක්ෂිත රතු කලාපයට බලෙන් ඇතුළු වන අරගලකරුවන්ට දුටු තැන වෙඩිතැබීමේ නියෝගයයි. රජය මෙවැනි තීරණයක් ගෙන ඇතත් මේ වනතෙක් එවැනි වෙඩිතැබීම් සිදුකර ඇතිදැයි නිශ්චිතව දැනගැනීමට නොහැක. එහෙත් අගනුවර ස්ථාන කිහිපයකින් වෙඩි හඬ ඇසුණු බවටද වාර්තා ඇත. එවැනි තීරණයක් ක්‍රියාත්මක කළහොත් ඉතා දරුණු ඛේදවාචකයක් සිදුවීමට ඉඩ ඇත. රාජ්‍ය බලධාරීන්ගේ මෙම දරුණු තීරණය ගැන ලොව ප්‍රධාන පෙළේ මානව හිමිකම් සංවිධානයක් වන ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ආයතනය පාකිස්තාන රජයට නිල ප්‍රකාශයක්ද නිකුත් කර ඇත. එහි මෙසේ සඳහන් විය.

‘පාකිස්තාන රජය සහ එහි රාජ්‍ය බලධාරීන් විසින් විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතුයි. එසේම හමුදාවන්ට අනවශ්‍ය සහ අධික බලතලද ලබාදුන් බැව් පැවසෙන ‘දුටු තැන වෙඩිතැබීමේ’ නියෝගය වහාම අවලංගු කළ යුතුයි….’

මේ අතර, ඉස්ලාමාබාද් අගනුවර වෙත ඇතුළු වීමට තිබෙන ප්‍රධාන මාර්ග කිහිපයම මේ වනවිට වසාදමා ඇත. ඒ සඳහා විශාල කන්ටේනර් බහාලුම් යොදාගනිමින් මාර්ග අවහිර කර ඇත. මෙයට අමතරව මෙයට දින දෙකකට පෙර නගරයට ඇතුළු වන මාර්ගවල දිවා රාත්‍රි ස්ථානගතවී සිටින අරගලකරුවන්ට ආරක්ෂක අංශ ප්‍රබල ප්‍රහාරයක්ද එල්ල කර ඇත. එහිදී එම රාත්‍රියේදී ආරක්ෂක අංශ විසින් මුළු නගරයම විදුලි බලය විසන්ධි කර දමා ඉතා ප්‍රබල කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒත් සමග සංවිධානාත්මකව සිටි ආරක්ෂක අංශ සොල්දාදුවන් වහා අරගලකරුවන් වෙතට කඩාවැදී අරගලය විසුරුවා හැර ඇති අතර සිය ගණනක් වහා අත්අඩංගුවට ගෙන ඇත. විරෝධතාකරුවන් රජය සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත්, රජය එම ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත. වත්මන් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීස් පී.ටී.අයි. පක්ෂ විරෝධතාකරුවන්ට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේ පාකිස්තාන පැරා මිලිටරි සොල්දාදුවන් හතර දෙනාගේ ඝාතනයන්ට වගකිව යුතු බවයි. ‘මෙය සාමකාමී විරෝධතාවක් නොව, අතිශයින් අන්තවාදී කැරැල්ලක්’ යැයි අගමැතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මේ අතර මෙම කැරැල්ල වාර්තා කිරීමට ගිය දෙස් විදෙස් මාධ්‍යවේදීන් කිහිප දෙනකුද පාර්ශ්ව දෙකේම විවිධ ප්‍රහාරයන්ට ලක්වී ඇත.

දැනට 72 හැවිරිදි වියේ පසුවන පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ තෙවැනි විවාහයේ බිරිය වන බුෂ්රා බිබීගේ වයස අවුරුදු 53කි. ඉම්රාන් ඛාන් 2018 අගෝස්තු සිට 2022 අප්‍රේල් දක්වා අගමැති ධුරය දරා ඇත. ඔහු මුලින් ලොව ප්‍රකට වූයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසිනි. එසේම ඔහු යම් විද්වත් පරිචයක් ඇති පුද්ගලයකු වූ අතර, ඔහු එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය 2005 සිට 2014 දක්වා දැරීය. ඉම්රාන් පසුගියදා සිර දඬුවම් විඳිමින් සියදීම එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයටද ඉල්ලුම් කළේය. ඔහු තවද සිර දඬුවම් විඳිමින් සිටියි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නිධන් කියලා දෙයක් නෑ! පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස් කියන මේ කතාව අහලා බලන්න! Sri Lanka Latest News

Next Post

සුද්දො කපන්න හදද්දී තම්බයියා මුදලාලි දිවි පරදුවට තියා බේරාගත් අවුරුදු 200ක් පරණ පිටකොටුවේ බෝ ගහ! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.