• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිධන් කියලා දෙයක් නෑ! පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස් කියන මේ කතාව අහලා බලන්න! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
නිධන් කියලා දෙයක් නෑ! පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මෙන්ඩිස් කියන මේ කතාව අහලා බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු පසුගිය 23 වැනිදා පස්වරු 4ට අවසන් කෙරිණි. එම කැණීම්වලදී නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත. (Sri Lanka Latest News)

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයන් නීති විරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබිණි. ඒ අනුව එලෙස නීති විරෝධී කැණීම් සිදුකළ පුද්ගලයන් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත්, නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවිණි. ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි යන්න පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූවිද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය 21 වැනිදා දිනයේදීය.

පළමු දිනයේ කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවැනි දිනයේ සිදුකළ කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණි. එම ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

ඒ අනුව නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයාගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව පසුගිය 23 වැනිදා පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරිණි.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ ස්ථානයේ කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් නොමැති බවට වාර්තා වී ඇති බවය. ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැවැසීය.

‘මේ දිනවල මාධ්‍ය මගින් සංසරණය වෙන ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා තිබෙනවා වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ වඳුරව ප්‍රදේශයේ සිදුකරන කැණීමක් සම්බන්ධව. මේ ස්ථානයේ අවස්ථා දෙකකදී අනවසර කැණීම්කරුවන් විසින් කැණීමට ලක්කරන ලද ස්ථාන දෙකක් හඳුනාගනු ලැබුවා. ඒ අවස්ථා දෙකේදීම අධිකරණ නියෝග මත ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාර්තා ලබාදීලා තිබෙනවා ඒ අනවසර කැණීමට අදාළව කිසිදු පුරාවස්තුවක් වාර්තා නොවන බවට.

විශේෂයෙන්ම මට මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව අපි කටයුතු කරනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදියට, අපට අතිශයින්ම වැදගත් වන්නේ මානව ඉතිහාසය නිර්මාණය කරන භෞතික සංස්කෘතික තොරතුරු හමුවෙන තැන් බව. මිනිස්සු නිර්මාණය කරලා භාවිත කරපු මැටි බඳුන්, ගඩොල්, කාසි, පබළු ආදී විශේෂ පුරාවස්තු වර්ග පැරැණි මානව ජනාවාස සහිත පස් තට්ටුවලින් ලැබෙනවා නම් එවැනි ස්ථානවල මානව ජනාවාස තියෙනවා.

නමුත් මේ ස්ථානවල තියෙන අධ්‍යයනවලදී පැහැදිලි වෙලා තියෙන්නේ කිසිදු පුරාවස්තුවක් වාර්තා නොවන බවයි. ඒ නිසා විශේෂයෙන්ම මට පැහැදිලි කරන්න අවශ්‍යයි පුරාවිද්‍යා භූමියක් කියලා අපි කියන්නේ පිහිටි ගලට උඩින් පිහිටන පස් ස්ථාරයනය මත තියෙන පැරැණි මානව ජනාවාසවලට. ඒවායින් තමයි පුරාවස්තු ලැබෙන්නේ. එතකොට මේ ස්ථානය එවැනි ස්ථානයක් නොවෙයි. පිහිටි ගල පිහිටා තියෙන වගුරු බිමක් සහිත ප්‍රදේශයක්. මේ ස්ථානයේ වර්තමානයේ කැණීම් කළේ අධිකරණ නියෝගයක් මත, විශේෂ කාර්ය බළකාය ලබාදීලා තියෙන වාර්තාවක් අනුව නිරීක්ෂණය වෙන පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති වෙනත් විශේෂ ලෝහ විශේෂයක් හෝ මොනවා හරි තියෙනවා කියන පරමාර්ථය ඇතිවයි.

මගේ නිලධාරීන් අධිකරණ නියෝග මත ඒ ස්ථානයට යොදවලා තියෙනවා. භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මේක අධීක්ෂණය කරන්නේ. මගේ නිලධාරීන් දෙදෙනා සහ මගේ නීතිඥයා වාර්තා කරලා තියෙන ආකාරයට ඒ ස්ථානයෙන් මේ වනවිට කිසිදු පුරාවස්තුවක් වාර්තා වෙලා නැහැ. අවසන් වශයෙන් විශාල කළු ගලක් ගොඩගෙන තියෙනවා. ඒක කඩලා බලලා තියෙනවා. එහෙම කඩලා බලද්දී පැහැදිලි වෙලා තියෙන්නේ වෙනත් විශේෂ දෙයක් නෙවෙයි. ඒක ස්වභාවිකව සෑදුණු කළු ගලක් විදියට තමයි අවසන් නිරීක්ෂණය 23 වැනිදා උදේ 10.30 විතර වෙනකොට මට වාර්තා වුණේ. දැනට කිසිදු පුරාවස්තුවක් හෝ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා දෙයක් එම ස්ථානයේ නොමැති බව තමයි මගේ නිලධාරීන් වාර්තා කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට මම ඉතා වගකීමෙන් කියනවා රටේ මහජනතාවට, ‘නිධන් වස්තු’ කියලා වැරැදි මිථ්‍යා මතයක් පැතිරෙනවා. 18 වැනි සියවසෙන් පසුව ලියුණු පුස්කොළ ලේඛනවල තියෙන නිධන් වදුලු කියන වචනය පදනම් කරගෙන තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පුරාම කැණීම් කරලා තියෙනවා. ඔය කියන ආකාරයේ මහා අනර්ඝ වස්තු, එහෙම නැත්නම් මහාර්ඝ සම්පත්, විශාල මූල්‍ය වටිනාකම් තියෙන දේවල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවෙලා නැහැ. විශේෂයෙන්ම යම් යම් දේවල් අපිට ලැබිලා තියෙනවා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත. ඒවා මූල්‍යමය වටිනාකමක් නැති වුණත්, මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත දේවල්. ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ඉතිහාසය අපේ මේ භූමියේ විවිධ තැන්වල තියෙන්න පුළුවන්. ස්මාරක විදියට, පස් තැන්පතු විදියට, වෙනත් නිර්මාණ ලෙස. එවැනි නිර්මාණ ඔබ විනාශ කරන්න එපා. පැරැණි සමාජය විසින් නිර්මාණය කරපු දේ අපේ නූතන සමාජයට අයිති නෑ. මේ දේවල් අයිති අපේ ඉපදෙන්න ඉන්න අනාගත පරම්පරාවට. ඒ නිසා මේවා රැක්කොත් තමයි අපේ රටේ ඉතිහාසය අනාගතයට ගෙනයන්න පුළුවන් වෙන්නේ.

මම ඉතාම කරුණාවෙන් සමස්ත ශ්‍රී ලංකාකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ නිධන් වදුලු පස්සේ ගිහිල්ලා, අපේ රටේ සංස්කෘතික සම්පත විනාශ කරන්න එපා කියලා. ඒ වගේම ඊට වඩා ලොකුම ඛේදවාචකය තමයි ඉන් පස්සේ මේ අය අත්අඩංගුවට අරගෙන, අධිකරණයට ඉදිරිපත් කරලා, සිරගත වීම් තුළ තමන්ගේ පවුල් සංස්ථාව ඇතුළු සියලු දේවල් බිඳවැටෙනවා. ඒ වගේම පුරාවිද්‍යා ආඥා පනතේ 1998 අංක 24 දරන සංශෝධිත පනත අනුව මෙවැනි නීති විරෝධී කැණීම් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. ඒ වගේම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන්නත් මෙවැනි වරදක් ඇතැම් විට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වැරැදි සිදුකරලා අපේ රටේ සංස්කෘතික සම්පත් විනාශ කරන්න එපා කියන ඉල්ලීම කරනවා.

නිධන් කියලා කියන්නේ මිථ්‍යාවක් බවයි මම කියන්නේ. මේ වගේ දේට අනවශ්‍ය මාධ්‍ය ප්‍රචාර ලබාදීම මගින් මේ තත්ත්වය සමාජගත වුණොත් මේක ඛේදවාචකයක් බවට පත්වෙන්න ඉඩ තිබෙන බවත් මේ වෙලාවේ කියන්න අවශ්‍යයි.’

SendShareShare
Previous Post

බලයෙන් මත්වෙලා ප්‍රසිද්ධියේ ඇමැති නටපු මේ නාඩගමට ඔන්න දැන් නඩුවක් වැටිලා! VIDEO I Sri Lanka Latest News

Next Post

නැගිටපල්ලා නැගිටපල්ලා! මාව නිදහස් කරනතුරු කැරැලි ගහපල්ලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.